රජයේ සේවක වැටුප් 30%කින් කපන්න රජය සූදානම්..
May 9, 2020 at 3:00 pm | lanka C news
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ව රාජ්‍ය සේවකයන්ගේ මාසික වැටුප 30% කින් කපා දැමීමට රජය සැලසුම් කර ඇති බව සමගි ජනබලවේගය පක්ෂයේ මහලේකම් හිටපු අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරයි.
අද වන විට රජය බංකොලොත් තත්වයට පත්ව සිටි නිසා මෙම තීන්දුව ගෙන ඇතැයිද ඔහු පැවසීය.
තිස් වසරක යුද්ධයක් පවතිද්දී ද රජයේ සේවකයන්ගෙන් කිසිදු මුදලක් ඉල්ලා නොසිටි බවත් අද ආණ්ඩුව වැටුප් ඉල්ලා පිංසෙණ්ඩු වීමෙන් පෙනී යන්නේ ආණ්ඩුවට ආර්ථිකය හසුරුවන්නට බැරි බව යැයිද ඔහු කියා සිටී.
කොරෝනා මර්දනයට මුදල් අවශ්‍ය වන්නේ නම් පාර්ලිමේන්තුව නැවත කැඳවීමක් කළහොත් විපක්ෂයේ සහාය ඒ සඳහා ලබාදෙන බවද නමුත් අධිවේගී මාර්ග ඉදිකිරීම ආදී මුදල් ගසා කෑම් වලට සහාය නොදෙන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
මේ වගේ දේශපාලන වාසියට කතාකරන ගොබ්බයෝ. මේක ලෝකෙම අර්තිකය කඩා වැටීමක්. මුන්ට පිස්සු
Completely false news
පරණ පාර්ලිමේන්තුව කැඳවන්නේ උන්ගෙන්ද එතකොට සල්ලි එකතුකරන්නේ, ගොබ්බ හැත්ත.
යකො රජයෙ සෙවකයන්ගෙ වැටුප් අඩුකරන්නෙත් ඩැඩිකරන්නෙත් දුක්මහන්සියෙන් හබ්බකරගත් මහජනතාවගෙ බදුමුදල් වලිනුයි මුං කථාකරන්නෙ හරියට මුංගෙ ගෙදරින් ගෙනත් දෙනවාවාගෙ කථාව මුං 225ගෙ වැටුපත් 75% අඩුකරන්න ඕනැ