රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..

September 18, 2022 at 7:10 pm | lanka C news
රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..

ගොවි ජනතාව මුහුණපාන ගැටලු සම්බන්ධයෙන් රජය ක්‍රමානුකූලව විසඳුම් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතා අනුරාධපුරයේ දී අද පැවසීය .

අනුරාධපුරයේ දෙදින සංචාරයක නිරතව සිටින අග්‍රාමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කළේ සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ආගමික වතාවත්වලට එක්වීමෙන් පසුව ජනමාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.

රජය දැනටමත් ගොවීන්ගේ පොහොර ගැටලුවට විසඳුම් ලබා දී තිබේ. එළැඹෙන මහකන්නය සඳහා අවශ්‍ය පොහොර බෙදාහැරීමට කෘෂිකර්ම අමාත්‍යංශය මගින් පියවර ගෙන ඇත.

රජරට ගොවීන් මුහුණදෙන අනෙකුත් ගැටලු සම්බන්ධයෙන් ද සාර්ථක විසඳුම්දීමට ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් දී ඇත. ඒවා කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කරමින් පවතින බව ද දිනේශ් ගුණවර්ධන මහතා කීවේය.

වී මිලදී ගැනීමේ දී ඇතැම්  බැංකු කටයුතු කර ඇති ආකාරය එතරම් යෝග්‍ය නැති බව තම අදහස යැයි කී අගමැතිවරයා  විවිධ බැංකු රට තුළ ක්‍රියාත්මක වන හෙයින් ගොවීන්ගේ වී අස්වැන්න මිල දී ගැනීමේ දී රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළ තිබුණේ ද යන්න රජය සොයා බලමින් සිටින බවත් සඳහන් කළේය.

අගමැති දිනේශ් ගුණවර්ධන මහතා අද පස්වරුවේ ලංකාරාමය මිරිසවැටිය හා ඉසුරුමුණිය විහාරස්ථාන වැඳපුදාගෙන සංඝරත්නයේ ආශිර්වාදය ලබාගත්තේය .

සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයේ ආගමික වතාවත්වලට අගමැතිවරයා අද දහවල්  එක්විය. විහාරාධිපති උතුරු හා උතුරුමැද දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය නුගේතැන්නේ පඤ්ඤානන්ද ස්වාමීන් වහන්සේ අගමැතිවරයාට සෙත්පිරිත් දේශනා කර ආශීර්වාද ප්‍රාර්ථනා කළහ.

– අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

11,223 views

6 Comments to “රජය අපහසුතාවට පත්කිරීමේ වැඩපිළිවෙළක් ගැන අගමැති කියයි..”

  1. හිගන රැළ says:

    ජනතාවගෙ බදු මුදලින් බලහත්කාරයෙන් තම තමන්ට පඩි බෙදාගෙන හිගන ඇමති රෑන ලැජ්ජා නැතිව අපාය බිමට කඩා වැටෙන තරම් බොරු කියන අතර රට නීති රහිත ස්ථානයක් බවට පත් කරන්නෙ විනය ගරුක මිනිසුන්ට මේ රට නුසුදුසුයි නොකියා කියමින්. මේ ලෙස ජනතාව අපහසුවට පත් කරන කාලකන්නි රෑන මුළු රටේම සාරය උරා බොන්නෙ මුළු ලෝකයෙම ඉන්න අපතයො මුන් බව ඔප්පු කරමින්.

  2. තුෂා says:

    අවු 74 රට විනාශකල හැත්ත. තව තවත් අහිංසක දුක්විඳන,දීමනා නොලබන ජනතාව පීඩනයට පත් නොකර පුලුවන් අයට රට භාරදී ඉක්මනින්ම පලයව්.

    තොපි තව අවු1000ක් හිටියත් මේකම තමා එන්න එන්නම විනාශයම තමා..

  3. තුෂා says:

    අවු 74 රට විනාශකල හැත්ත. තව තවත් අහිංසක දුක්විඳන,දීමනා නොලබන ජනතාව පීඩනයට පත් නොකර පුලුවන් අයට රට භාරදී ඉක්මනින්ම පලයව්.

    තොපි තව අවු1000ක් හිටියත් මේකම තමා එන්න එන්නම විනාශයම තමා..
    කෝටි 2ක් ජනතාව අද දුක් විඳින්නේ තොපි නිසයි කන්න නැතිව, බේත් නැතිව,අධික අසීමිත බදු ගෙවමින්, අද කී දෙනෙක් දුක් විඳිනවද, ඇයි තොපි තවත් අසීමිත ලෙස බදු ගසන්නේ..තොපි අමුනුස්සයෝද, තිරිසන්නුද, පිස්සු බල්ලොද , මිනිසුන්ගේ දුක නොතේරෙන තොපි මොනුන්ද, තොපේ යුතුකම වන්නේ බදු වැඩි කිරීම නොවේ බදු අඩුකර ජනතාවට සහන දීමයි. තොපි කල වැරදි වලට ජනතාව පලිද, තොපි දුක්විඳන ජනතාවගේ සල්ලි වලින් අසීමිත ලෙස දීමනා ගන්නවා දුක් විඳින එවුන්ට මොකුත් නැ…රටේ සම්පත් පිටරටවලට විකුනා කොමිස් ගන්නවා.රටේ ගෑනු ටිකත් පිටරට වලට විකුනනවා.උප දින්න සිටින දරුවොත් පිටරට වල නය කාරයන් කරනවා.මේවා කරන්නම් තොපි මොකටද?. අනන්ත දුක් විඳින ජනතාවගේ සල්ලි වලින් අසීමිත දීමනා ගන්න තොපිට, තොපේ දරුවන්ට, උප උපන් ජාති මේ රටේ මිනිස්සුනට කඹුරන්න වෙයි.තව තවත් මේ රටේ ජනතාවට අපා දුක් නොදී . මේ රට කරන්න පුලුවන් එවුන්ට දීලා ඉක්මනින්ම තොපි පලව්…

  4. Lalla says:

    මේකා තකතීරු හොරෙක්. ගොවියා කියන්නේ තේ සහ වී වවන එකාල විතරද.පොල් රබර් පලතුරු වවන්නේ මොක්කුද. උන්ට පෝර නොදී බත් විතරක්ම කාල ඒ වගා විනාශ කරන්නද කියන්නේ. පව් නොදී මකබෑවෙලා පලයව්.

  5. Kalu Albot says:

    Moo satha pahaka palak athi wedak rata wenuwen nokara ratata barak wee jeewath wana Paraoshithayek!

  6. Ada da rena naalikawa says:

    Thopi janathawa APAHASU THAWAYATA PATH KARATA THOWAI , BASIL WAI, RANIL WAI DASA WADADER ELLA MARIYA YUTHUI😡😡😡😡😡🤬🤬🤬🤮🤮🤮🤮

Leave a Comment

Main News