රජය ඉතා කාලකන්නි ලෙස ජනතා බලාපොරොත්තු සුන් කලා.. මහින්ද යලි බලයට ඒම වලකන්න වත්මන් පාලකයින්ට දුෂ්කරයි.. – නිර්මාල්
February 23, 2017 at 2:10 pm | lanka C news
ජනාධිපතිවරණයේ දි නොයෙකුත් පාර්ශවයන්ගේ එකඟතාවය මත පැමිණි ආණ්ඩුව ඉතා කාලකන්නි ලෙස ජනතාවගේ බලාපොරොත්තු සුන් කර දැමු බවත් දැන් ආණ්ඩුවේ අරමුණ ඉතාඅ පටු දේශපාලන කෝනයකට සීම වී ඇති බවත් මෙම යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට කැපවී ක්රියා කල විශ්ව විද්යාල ආචාර්යවරුගේ සංගමයේ සභාපති ආචාර්ය රංජිත් නිර්මාල් දේවසිරි මහතා මේ ආණ්ඩුවේ වර්තමාන තත්ත්වය සම්බන්ධව ඩේලිමිරර් පත්රය සමඟ කරුණු දක්වමින් පවසයි.
රජයේ සංවර්ධන උපායමාර්ග සම්බන්ධව ඉතා දරුණු විවේචනයක් සාමජය ගතව ඇති මෙම අවස්ථාවක ඒ සම්බන්ධ අවම වශයෙන් සාකච්ඡා කිරීමටවත්, එසේ නැතිනම් මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට ක්රියා කල පාර්ශවයන්ට අවම වශයෙන් ඇහුම්කන් දීමට තරම්වත් සූදානම් නැති බව පෙනි යන බව ආචාර්යවරයා සදහන් කරයි.
නිශ්චිත කාලයට පෙර රජය පෙරලීම ව්යායවස්ථාව අනුව අපහසු වුවත් ආණ්ඩුව බහුතරය ජනතාව අතර අප්රසාදයට පත්ව ඇති බවත් විශේෂයෙන්ම දකුණේ සිංහල බෞද්ධ ජනතාව අතර අතිශයින් ප්රතිකේෂ්ප කරන තත්ත්වයකට පත්ව ඇති බවත්, එමෙන්ම උතුරේ දෙමළ ජනතාව අතර ද මේ වනවිට රජය අප්රසාදයට පත්වෙමින් ඇති බවත් මේ අනුව නැවත මහින්ද රාජපක්ෂ බලයට ඒම වැලැක්වීමට වර්තමාන පාලකයින්ට හැකියාවක් නොමැති බවත් ආචාර්ය රංජිත් නිර්මාල් දේවසිරි මහතා ප්රකාශ කොට ඇති අතර මේ ආණ්ඩුවට මෙතෙක් ගෙන යාමට තිබු එකම වාසිය වූයේ ආණ්ඩුවට විරුද්ධ සිටින බලවේගවල බෙදීම පමණක් බවත් සඳහන් කොට ඇත.
වාර්තාව මෙතනින්
stupid attempt to cover the nakedness. !