රජය ඉදිකර දෙන වතු නිවාස සුදුසු නැතැයි වතු කම්කරුවන් විරෝධතා..
September 23, 2018 at 2:06 am | lanka C news
රජය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කරන නව නිවාස ව්‍යාපෘතියට සමගාමිව තම වතු යායේ ඉදි කිරිමට සැලසුම් කර ඇති නිවාස 50 ක් ඉදි කිරිමට වතු පාලන අධිකාරි මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොමැති බව පවසමින් වතු කම්කරුවන් පිරිසක් හැටන් ස්ටැඩන් ප්‍රදේශයේදි තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිටවැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වුණා.
කදුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය මගින් වතු කම්කරුවන් වෙනුවෙන් ඉදි කෙරෙමින් පවතින නව නිවාස ව්‍යාපෘතියට සමගාමිව තම වතු යායේ ස්ටැඩන් වත්ත කොටසේ නිවාස 50 ක් ඉදිකිරිමට අමාත්‍යය පලනි දිගම්බරම් මහතා විසින් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත්, එම නිවාස ඉදි කිරිම සදහා වතු පාලන අධිකාරිය මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොවන බව පවසමිනුයි වතු කම්කරුවන් වැඩ වර්ජනය කරමින් විරෝධතාවයක නිරත වුණේ.
විරෝධතාවයේ නියැලි සිටි එම වතු යායේ වතු කම්කරුවන් කියා සිටින්වේ වතු පාලන අධිකාරිය මගින් ලබා දුන් ඉඩම ඉතා දුෂ්කර ස්ථානයක පිහිටි බවයි, එම ස්ථානයේ නිවාස ඉදිකල හොත් තම රැකියාව කරගෙන යාමට බාධාවක් පැමිණෙන බවත්, තම දු දරුවන් පාසලට යාමට පවා විශාල දුරක් පයින් ගමන් කිරිමට සිදු වන බවයි විරෝධතාවයේ නියැලි වතු කම්කරුවන් කියා සිටින්නේ.
මෙම ගැටළුව සම්බන්ධයෙන් එම වතු යායේ වතු අධිකාරි ලලිත් අබේවර්ධන සහ වතු කම්කරුවන් අතර විරෝධතාවය දැක් වු ස්ථානයේදි සාකච්ඡාවක්ද පැවති අතර , එහිදි වතු අධිකාරිවරයා කියා සිටියේ එම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරිම සදහා තම වතු යාය සතු ඉඩම තොරගනු ලැබුවේද වතු කම්කරුවන් බවයි.
යලිත් වෙනත් ඉඩමක් ලබා දිමට නොහැකි බව වතු අධිකාරිවරයා පැවසිමත් සමගම වතු අධිකාරිවරයා සහ විරෝධතාවයේ නියැලි සිටි වතු කම්කරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද ඇති විය.
පැය දෙකකය ආසන්න කාලයක් පැවති විරෝධතාවයෙන් පසු දික්ඔය වැවිලි මානව සංවර්ධන කාර්යයාලයේ නිලධාරින් එම ස්ථානයට පැමිණ වතු කම්කරුවන් සමග සාකච්ඡා කරමින් කියා සිටියේ එම නිවාස ව්‍යාපෘතිය ඉදි කිරිම සදහා දැනට වතු පාලන අධිකාරි මගින් ලබා දි ඇති ඉඩම සුදුසු නොවන බවට ලිඛිතව තම කාර්යයාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසත් එම පැමිණිල්ල අනුව වතු පාලන අධිකාරිය සමග සාකච්ඡා කර එම නිවාස ව්‍යාපෘතිය ඉදිකිරිම සදහා එම වතු යායේම වෙනත් සුදුසු ස්ථානයක ඉඩමක් වෙන් කිරිමට කටයුතු සිදු කරන බවයි.
– හැටන් රංජිත් රාජපක්ෂ
Me niwaasa epaa nam ewa kemathi Sinhala ho Demala ho Muslim duppath ayata beda diya yuthuya.
Hetiyata wada hoda dea karana gehin ELLAN KAWA