රජය ක්‍රියාත්මක කරන ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්ත දූෂිතයි.. – මුදල් ඇමතිම කියයි..
September 27, 2016 at 4:08 am | lanka C news
රජය ටෙන්ඩර් ලබාදීම සිදු කරනුයේ රජයේ නිලධාරින් විසින් කලින් තෝරාගත් සැපයුම්කරුවන් කිහිපදෙනකුගේ අවශ්‍යතාවය මත බවත් මේ සඳහා අනවශ්‍ය කාලයක් ගත කරමින් අමාත්‍ය මණ්ඩල ප්‍රසම්පාදන කමිටු ක්‍රියා කරන බවත් මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.
විනිවිඳ භාවය කියමින් මෙසේ ක්‍රියාත්මක වන ටෙන්ඩර් කමිටු හරහා සමහර අවස්ථාවල අවුරුද්දක් පමණ කාලය කා දමන බව අමාත්‍ය මණ්ඩල ටෙන්ඩර් කමිටුවල සාමාජිකයින්ම තමන් සමඟ පැවසූ බවද මුදල් අැමතිවරයා කොළඹදී පැවති උත්සවයක් අමතමින් කියා සිටියේය.
මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් හරහා සෞඛ්‍යය අමාත්‍යාංශයේදි කරනු ලැබු නිරීක්ෂණයකින් පසු අනාවරනය වූයේ රුපියල් මිලියනක වැනි කුඩා ටෙන්ඩරයක් සඳහාත් මෙවෙනි ටෙන්ඩර් කමිටු පත්කරමින් විශාල කාලයක් අනවශ්‍ය ලෙස ගන්නා බැවින් අද වැනි දියුණු සමාජයක නවීන තාක්ෂණය භාවිතයට ගෙන විනිවිද භාවය ඇතිව ඉතා ඉක්මනින් ටෙන්ඩර ක්‍රියාවලිය සිදු කිරීමෙන් පසුගිය කාලයේදී සිදු අන්ක්ත දූෂිත ටෙන්ඩර ක්‍රමවේදය වෙනස් කිරීමට කාලය ඇති බවද ඇමතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
It is true. Why the hell you do not initiate a proper system? you also talk but do not implement because you wont be benefited if so
පෙම්බර කරුපයියා
ඔබ නම් නියම ටොයියා
මසුරන් කියුම දෙයියා
මෙහෙම යමු අපි පෙරට ගොයියා
සංවර්ධිත සොඳුරු
පොදු ප්‍රවාහනේ යුරු
ඔබට තේරෙන අයුරු
කියමි මැති තුමනි අති ගරු
හතලිස් දෙකක් යන
බස් රතේ පොල් පටවන
කොන්දොස්තර අමන
ඩැයිවර සමඟ බුරන
මිනිසුන් මග පිරෙන
තෙක් මගම කල් අරින
බයිලා කන් පිරෙන
ඉතුරු කිසි විට නොදෙන
ඒ සී බස්වල
ඒ ඒ අඳුරු මුළුවල
ජවනිකා බලමින
යන්ට බැරි උන් එලවන
බහින තුරු බසයෙන්
මරනාස්මෘතිය වඩමින්
හෙනහුරු හිස මතින්
අඟහරු ගෙන යාමි ඇකයෙන්
මේකේ නැඟලා වැඩට
යනකල ඔෆීසියට
රති ඉරි තුනක් එකපිට
පින් දෙන්නේ අපි සැමගේ අම්මට
මේ මොනා කිව්වත්
කොලපාට උන් පෙම්වත්
නිල් පාට උන් රැව්වත්
අප සැමට කොළ පාට තණපත්
–නිල කොළ පාටින් ලෝකය නොදකින මිනිසා –
Share/Save/Bookmark
පුතේ හරිම ලස්සනට කවි පෙලක් කොලුවෝ.
Api rajayen illa sitinne boru kaivaaru nogasana kaarya soora mudal amathivarayekva danvath pathkara ganna kiyalaa.