රජය කිසිසේත්ම ෆේල් නෑ.. කොරෝනා හොදින් පාලනය කරලා තියෙන්නේ..- හමුදාපති

November 13, 2020 at 11:20 am | lanka C news
රජය කිසිසේත්ම ෆේල් නෑ.. කොරෝනා හොදින් පාලනය කරලා තියෙන්නේ..- හමුදාපති

කොරෝනා වෛරසය රජය කිසිසේත්ම අසමත් වීමක් සිදු වී නැති බවත් වෛරස ව්‍යාප්තිය ඉතා හොඳින් පාලනය කරගෙන සිටින බවත් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

රජය අතිගරු ජනාධිපතිතුමන්ගේ නායකත්වය යටතේ ඉතාමත් හොඳින් වෛරසය පාලනය කරනු ලබන බවද පැවසූ ඔහු කිසි විටෙක අසත්‍ය කීමේ උවමනාවක් නැති බවත් සඳහන් කළේය.

අද පෙරවරුවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් හා සම්බන්ධ වෙමින් ඔහු මේ බව පැවසීය.

රටේ ජනතාවට අඩුම පීඩනයක් සහ ආර්ථිකයට අවම හානියක් ඇතිවන ආකාරයට මෙම කටයුතු සිදුකරමින් සිටින බවද ඔහු සඳහන් කළේය.

කිසිසේත්ම රජට ෆේල් නැති බවත් මෙතරම් ජන ඝනත්වයක් සහිත කොළඹ ප්‍රදේශයේ දී ද වෛරසය මේ තත්ත්වයෙන් පාලනය කරගෙන සිටින බවත් පැවසූ ඔහු මෙතරම් සංකීර්ණ තත්ත්වයක් මතු වූයේය රටටම මත්ස්‍යයන් ප්‍රවාහනය කරන වෙළඳ සංකීර්ණෙයන් බවද පැවසීය.

මිනුවන්ගොඩ පොකුර මේ වන විට සම්පූර්ණයෙන්ම පාලනය කර ඇති බවත් කිසිසේත්ම රජයේ ෆේල් නැති බවත් ෆේල් වන්නේද නැති බවත් තව දුරටත් කියා සිටියේය.

20,156 views

16 Comments to “රජය කිසිසේත්ම ෆේල් නෑ.. කොරෝනා හොදින් පාලනය කරලා තියෙන්නේ..- හමුදාපති”

  1. Kalana says:

    අනේ මහත්තයෝ, නිකන් තවත් කිච වෙන්නේ නැතිව ඔය වැඩෙන් අයින් වෙන්න, එහෙම නැත්නම් ඔය දේශපාලුවන්ගේ කුණු සුද්ද කරන්නේ නැතිව වැඩේ කරන්න. රාජපක්ෂලා ඔක්කොම මෝඩයි, ඒවගේම හොරකම විතරයි පුළුවන් කියල ඔප්පු කරලා ඉවරයි.

  2. සංජීව says:

    ඔව් කොරෝනා හොදින්ම පාලනය කරලා තියෙන්නේ. හමුදාපතිතුමා කිව්වනම් ඒක හරි ඇති. ඒ අනුව ඉදිරියේදී අලුතින් කොරෝනා රෝගීන් හමු නොවන බව සිතා අපට සතුටු විය හැකියි.

  3. Suranimala says:

    මේවා දෙරණේ චතුරයා promote කරන මධ්‍යස්තයි කියල පෙන්නගෙන ස ජ බ කසිප්පු බණ්ඩාර ට support කරන plan. ඌට කීයක් ලැබෙනවද දන්නේ නෑ. කෙහෙළිය ගෙන් හිරු බලය දී කසිප්පුවට බඩ කට පිරෙන්න ම ලැබුනා. ලැජ්ජා වක් තියනවා නම් ආය ඕක කියන්නේ නෑ. චතුර දෙපත් නයා එක පැත්තකට තමයි support.

  4. Jagath says:

    අපේ රට දැන් සුකිතමුදිත වෙලා කිරියෙන් පැණියෙන් බේරෙනවා. කොරෝනා කියලා දෙයක් දන්නෙත් නැ.

  5. chamatha says:

    දැන් මහ පාරේ මිනිස්සු මැරිලා වැටෙන්නේ

Main News