රජය කුලියට ගත් වාහන 250ට ධාවනය නොකරම කුලී ගෙවයි..

August 6, 2022 at 1:20 pm | lanka C news
රජය කුලියට ගත් වාහන 250ට ධාවනය නොකරම කුලී ගෙවයි..

රජය විසින් පෞද්ගලික ආයතනවලින් කුලියට ගන්නා ලද වාහන 250 ක පමණ ප්‍රමාණයක් ධාවනය නොකර ගාල් කර තිබුණද මාසික කුලී ගෙවන බව වාර්තා වෙයි.

එකී වාහන ඉන්ධන නොමැති කම නිසා ධාවනය නොකර ගාල් කිරීමට සිදුව තිබෙන නමුත් එහි මාසික කුලී මුදල් ගෙවීම සිදු කරමින් ඇත.

මෙම එක් වාහනයක අවම මාසික කුලිය රුපියල් ලක්ෂ දෙකද ඉක්මවා පවතියි.

රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ වියදම් සීමා කරන ලෙසත්, වාහන පාවිච්චි සීමා කරන ලෙසත් මුදල් අමාත්‍යාංශය උපදෙස් ලබා තිබියදී රාජ්‍ය ආයතන බොහෝමයක එම උපදෙස් නොතකමින් මෙසේ වාහන වලට කුලී ගෙවමින් ගාල් කර තබා තිබේ.

3,713 views

8 Comments to “රජය කුලියට ගත් වාහන 250ට ධාවනය නොකරම කුලී ගෙවයි..”

  1. තිත්ත ඇත්ත says:

    එකත් එකටම මේ වාහන බොහොමයක් ඇමතිලා ඇතුළු හිතවතුන්ට අයිති බව රටේ පවතින ක්‍රම වේදය මත කියන්න පුළුවන්. අරගලකරුවො සමහරෙක් අවිනීත හා වෙනත් අරමුණු ඇතිව අරගලයට පැමිණියද මහජනතාවට අරගලයක් අත්‍යවශ්‍ය බව හැගුණෙ මුන් මාරාන්තික මංකොල්ල කෑමේ යෙදුන අතර ජනතාව දුකෙන් දුකට පත්කොට ලැජ්ජා නැතිව වැජඹෙන නිසයි. අරගලයේ අයට මෙතන කමෙන්ට් දමමින් අමු තිත්ත අසැබි වචන කියන්නේ මුන්ගෙ ජාවාරම් හෙළිවුනු දාට තමන්ට කල හැකි වෘත්තියක් නැති නිසා කුළි කරුවට තියන ආත්ම අභිමානයවත් නැතිවන නිසයි.

  2. Balana Rala says:

    This is not a difficult task. Just cancel the rental agreements and return the bloody vehicles…isn’t easy? No, now these officials will come up with an excuse saying that these agreements can’t be cancelled as they are legal agreements and if cancelled we need to pay for the remaining contract period..😋 yes…they will definitely say this….
    Nothing is impossible only thing is that you don’t try it. Cancel the bloody contracts and if they start to demand money or payments black list them forever. Who is going to sue government?

  3. samith himi says:

    Emathi sunakayo budida? Janapathi budida rata wanasanawa

  4. සමනළ පොහොට්ටු පෙරමුණ says:

    මුදල් අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු තමයි බොහෝ වාහන කුලියට අරන් තියෙන්නේ .

  5. hywala says:

    මේ ගොං සිස්ටම් වෙනස් කරන කම් අපි අරගලය අඛන්ඩව කරමු

  6. Rent a Car says:

    Ayithikaarayange Kalla Mare. Duwanneth nathiwa salli gewanawa/hambu wenawa.

  7. DENGU nona says:

    Me aanduwe inna Amathiwaru bohomayak Hora thakkadi Jadayo ya!

  8. මංතිරියා says:

    මේකනෙ මල්ලි, දැං මගෙ වාහනේ (අර පර්මිට් සීඉන් එක) මමම කුලියට අරන් තියෙන්නෙ. ඉතිං කුලිය හරියට ගෙවනවා. සල්ලි මගෙ වයිෆ් ගෙ එකවුන්ට් එකට යන්නෙ. වාහනේ ලීස් එක පනස් දාහයි, කුලිය ලක්ස දෙකයි. අතින් වාසි බිස්නස් එකනෙ මල්ලි , උඹලා ගරහන්ඩ එපා. අපට තට්ටු තුනේ ගෙවලුත් හදලා ගන්ඩ දැං පනත සම්මත කරගන්ඩ යන්නෙ අපෙ අලුත් එජාපෙ වජිර මන්ත්‍රී තුමා.

    මෙව්වා හරිම ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාව ට අනුකූල දේවල්.

    ඇයි අපට නිකං බනින්නෙ?

    ඔය අරගල කාරයො වගේ පැසිස්ට් නෑ මල්ලි අපි. බොක්කෙම්ම ප්‍රජාතන්ත්‍රවාදී යි.

Leave a Comment

Main News