රජය දැවැන්ත ආර්ථික අර්බුදයක.. කෝටි 50,000ක හිග ණය හිරවෙයි..

February 8, 2020 at 12:40 pm | lanka C news
රජය දැවැන්ත ආර්ථික අර්බුදයක.. කෝටි 50,000ක හිග ණය හිරවෙයි..

පසුගිය වසර කිහිපයේදී නොගෙවන ලද බිල්පත් ද ඇතුළුව රුපියල් කෝටි දහස් ගණනක මුදලක් ගෙවීමට තිබීම නිසා රජය මේ වනවිට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව තිබේ.

ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් ඇතුළු විවිධ පාර්ශ්වයන්ට රජය විසින් ගෙවන්න ගෙවීමට ඇති ණය මුදල රුපියල් කෝටි 54,000ක ඉක්මවන බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.

මේ හේතුවෙන් එම ණය මුදල පියවීම සඳහා රුපියල් කෝටි 36,700 ක් ලබා ගැනීමට පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද රජය කටයුතු කර ඇත.

මෙතරම් විශාල මුදලක් හිග බිල් පත් කිරීම සඳහා වැය කරන්නට සිදු වීමත් සමග රජයේ අපේක්ෂිත ආදායම රුපියල් කෝටි 60,000කින් පමණ අඩු වීම සමග රජය දැඩි ලෙස මූල්‍ය අර්බුදයකට ලක්ව ඇතැයි වාර්තා වෙයි.

41 views

14 Comments to “රජය දැවැන්ත ආර්ථික අර්බුදයක.. කෝටි 50,000ක හිග ණය හිරවෙයි..”

  1. harsha says:

    එහෙනම් පහුගිය ටිකේ බදු සහන වැස්සක් ලබා දුන්නේ.

    • Nalinda says:

      This was an economic trick, which indirectly improves economy !

    • Helaya says:

      This should be harshacharya. Any one who know any more economic than him should know that it’s important to strengthen businesses by not overtaxing

    • අංකූරා says:

      බදු සහන දුන්නේ කඩාවැටුණු ව්‍යාපාර නඟා සිටුවා හොඳින් වැඩ කටයුතු කර ආර්ථිකය නඟාසිටුවීමට මිසක් කාල බුදියන්න නෙවෙයි !!.

  2. සරා says:

    අභියෝග තිබුනාට ඒවාට මුහුණ ‌‌ෙදෙන්න පුළුවන්.ඔයට වඩා අභියෝග 2005දී බලය ගන්න ‌ෙකොට තිබුනා.කලමනාකරනය තමයි වැදගත් වන්නේ.

    • Aurora says:

      මොනදේ කරන්නත් පාර්ලිමේන්තුවේ බලය 113 තියෙන්න ඕන. මොකද රටේ මුදල් පාලන බලේ තියෙන්නේ පාර්ලිමේන්තුවට මිසක් ජනාධිපතිට නොවෙයි. වසල ආප්පය රනිල්ට ඕන විධියට 19 ව්‍යවස්ථාව ගෙනෙන්න උදව්කරලා රට උගුලක හිරකරලා තියෙන්නේ. තව දවස් 23 ක් ඉවසලා ඉන්න වෙනවා 19 ශාපෙන් බේරෙන්න.

      • වරදට දඬුවම නියතයි says:

        මේ රට මහා විනාසෙකට දාපු ආප්ප සිරාට පොහොට්ටුවෙන් නාම යෝජනා දෙන්න එපා. නමුත් SLFP අනිත් මන්ත්‍රීවරු ආප්පයා සමඟ එක ගොඩකට දැමිය යුතු නොවේ. ඔය පරයා පළමුව තනිකල යුතුයි.

    • ඩපයා says:

      2005 දි රාජ්‍ය සේවකයෝ ලක්ෂ 7යි දැන් ලක්ෂ 16යි. උන්ට පඩි ගෙවන්න සල්ලි කෝ?

  3. gamarala says:

    මැතිසබේ ඇමතිවරුන්ගේ මාස 3 ක පඩිය මේ සදහා පුජා කල යුතුය

  4. Saradiel says:

    සොරා ගත් මහබැංකු මුදල් නැවත ලබා ගැනීමෙන් මෙය කළමනා කර ගත හැකිය

  5. ඩපයා says:

    වාහන ලැයිස්තුව දැක්කම මෙච්චර හිගන රටක් කියල හිතන්න බැහැ. සල්ලි නැත්තන් අනිවාර්යයෙන්ම මැති ඇමති වරුන්ගේ වරප්‍රසාද අඩු කල යුතුමයී. ජනතාවට සල්ලි නැහැ කිය කියා ඇමති වරු රජ සැප ගත්තම හරිද? මොන බයිලේ ගැහුවත් වැඩක් නැහැ පාර්ලිමේන්තුව සුද්ද කොරන්නේ නැතුව.

  6. 77 UNP says:

    රාජ්‍ය සේවයේ අකාර්යක්‍ෂමතාවය අනුව ඊට වැයකරන මුදල් යකාගේ කටට දමනවා වගෙයි. ලියාපදිංචි තැපෑලෙන් යවන ලිපියකට වුනදේ හොයාගන්න බැරි තැපැල් දෙපාර්තමේන්තුවක්, පාරේ නීතිය ක්‍රියාත්මක කරන්න බැරි ත්‍රීවීල් කාරයන්ට බය පොලිසියක්, තමුන් සපයන විදුලියේ වෝල්ටීයතාවය පවත්වාගන්න බැරි CEB එකක්, ප්‍රමිතියට වතුර සපයන්න බැරි Water Board එකක්, හිරගෙවල් ඇතුලේ කුඩු ගහනවා පාලනය කරන්න බැරි බන්ධනාගාර තියන, පාරවල්වල වලවල් වහන්න බැරි RDA එකක් තියන, හැම සේවාවක් සඳහාම රුපියල් 100/= ඉඳල ඉහලට පගාව දෙන්න ඕන නමුත් මිලියන් 22 ජනතාවට සේවය සපයන්න මිලියන් 1.6 ක රාජ්‍ය සේවයක් නඩත්තුකරන පුදුම රටක් මේක. මේ රටේ කාර්යාලවල පරිගණක තියෙන්නේ ලියුම් ටයිප් කරන්නයි රාජ්‍ය සේවකයන්ට පේස්බුක් යන්නයි විතරයි. මුන්ට ඕන තාක්‍ෂණයක් නැහැ. email ඔවුන්ට වස වගෙයි.

  7. N.Wimaladasa says:

    Ongoing economic crisis badly handling of monetary policy of UNP by Ranil Wicks. the proximate cause of the crisis was Central Bank Bond Scam too had played its part. The funds of CB Bond were funds of govt,and interest Rate which struck leasing investment mortgage ,housing and Stock market. GDP has lost its growth. Economy of monteory policie were NOT reset or non adjustable. Infraction has gone up ,Rupee devalued.

  8. N.Wimaladasa says:

    Ongoing economic crisis badly handling of monetary policy of UNP by Ranil Wicks.Therefor the proximate cause of the crisis was Central Bank Bond Scam too had played its part.
    The funds of CB Bond were funds of govt,and its interest Rate went up. which struck leasing, investment, mortgage ,housing and Stock market. Due to that GDP has lost its growth. Economy of Monterrey policies were NOT reset or non adjustable. In fraction of that inflation has gone up ,Rupee devalued. Nation debt ratio has come 75% of GDP. all ongoing projects has STOP by without target of capital NOT being flow to Island .
    Yes recovered and review of economy needed time and space for growth.
    Mismanagement of by UNP-policy of an Economy of Neo-liberalism,growth has shifted doldrums of development.