රජය පඩි ගෙවන එක ගැන රජයේ සේවකයන් පුදුම වෙන්න ඔ්නෑ..
December 12, 2020 at 6:48 pm | lanka C news
අද වන විට රජයේ සේවකයන්ට ආණ්ඩුව සම්පූර්ණ වැටුප ම ගෙවිම ගැන ඔවුන් පුදුම විය යුතු යැයි වෙළෙඳ ඇමැති බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
කොරෝනා හේතුවෙන් අද ගතකරමින් සිටින්නේ ඉතාම අසීරු අවධියක් බව ද ඔහු පවසයි.
ඒ මහතා මේ බව කියා සිටියේ මෙවර අයවැයෙන් රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි නොවුනේ මන්දැයි මාධ්‍යවේදීන් කළ විමසීමකදීය.
අද වනවිට ලොව පුරා රටවල කෝටි ප්‍රකෝටි ගණනක ජනතාවකට තමන්ගේ රැකියාව අහිමි වී ජීවනෝපාය නැතිව ගොස් ඇති බවත් තවත් විශාල පිරිසක් අඩ වැටුප් ලබන බවත් ඔහු පැවසීය.
ශ්‍රී ලංකාවේ ද පුද්ගලික අංශයේ සේවකයන්ට වැටුපෙන් කොටසක් හෝ ගෙවන්නේ ඇමතිවරයාගේ සහ කම්කරු දෙපාර්තමේන්තුවේ මැදිහත් වීමෙන් බවද පැවසූ ඔහු අද වන විට කර්මාන්ත ශාලාව වසා දමා ඇතැයි ද කියා සිටියේය.
තොපි වගේ උන්ට ජන්දෙ දීල පාර්ලිමේන්තු යවන 2500/= න් මාසයක් ජීවිත් වෙන ජනතාව ගැන ඊට වඩා පුදුම විය යුතුය .
රජයෙ සෙවකයො විතරද මෙ රටේ සේවකයො.
ඔක්කොම වරප්‍රසාද රජයෙ සේවකයන් ට මොවුන්ගෙන් 80%ක් දේශපාලුවන්ට කඩේ ගිහිල්ල උන්ගෙ පෙලපාලි වලට ගිහිල්ල ලබාගත්ත පත්වීම්