රජය පාරිභෝගිකයා සූරාකමින් රජයට හිතවත් ව්‍යාපාරිකයින් පෝෂණය කරනවා..

September 27, 2017 at 8:03 am | lanka C news
රජය පාරිභෝගිකයා සූරාකමින් රජයට හිතවත් ව්‍යාපාරිකයින් පෝෂණය කරනවා..

රජය පාරිභෝගිකයා සූරාකමින් රජයට හිතවත් ව්‍යාපාරිකයින් පෝෂණය කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ලොකු ලූණු ගොවියන්ට සිය අස්වැන්න විකුණාගැනිමට නොහැකිව සිය අස්වැන්න කුණු කූඩයට දමද්දී නිහඩව බලා සිටිය රජය මෙරටට ලොකු ලූණු ආනයනය කරැවන්ට සිත්සේ ලොකු ලූණු තොග රැස්කිරීමට අවස්ථාව ලබාදී 2017-9-25 දින ආනයනික ලොකු ලූණු සදහා වන බද්ද 100% කින් වැඩි කිරීම අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමකි රජය ආනයනික බදු වැඩි කල සෑම අවස්ථාවකම එම බදු අය කලේ අවශ්‍ය අවස්ථාවේ නොවේ

ලොකු ලූණු වගාකල ගොවියන් අසරණ කරමින් අතරමැදියන් විසින් ලොකු ලූණු මිලදී ගෙන අලෙවි කිරීමේදී සිදුවන්නේ පාරිභෝගිකයා ගසා කෑමකි ඒ අනුව හෙට දිනයේදී ලොකු ලූණු මිල වැඩිවිම කිසිසේත්ම නැවැත්වීමට රජයට නොහැක

ගොවියාට සාධාරණ මිලක් ලැබෙන හා පාරිභෝගිකයාට සාධාරණ මිලකට ලොකු ලූණු ලබා ගැනීමට අවස්ථාව සැලසීම රජයේ යුතුකම වියයුතු සේම රජයට ගැතිකම් කරන ව්‍යාපාරිකයින්ගේ මඩිය තර කිරීම රජයේ වැඩ පිළිවෙල නොවිය යුතුය

ස්තුතියි මෙයට

රංජිත් විතානගේ
සභාපති

51 views
Main News