රජය පැත්තේ යම් යම් ව්‍යාකූලතා..- ඇමති ජී.එල්.

February 22, 2021 at 4:40 pm | lanka C news
රජය පැත්තේ යම් යම් ව්‍යාකූලතා..- ඇමති ජී.එල්.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මාධ්‍ය සාකච්ඡාවේදී එම පක්‍ෂ සභාපති ඇමති ජී.එල්. පීරිස් මහතා මෙම අදහස් පල කරන ලදී.

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිෂන්ඳ වාර්තාව සහ ඒ සම්බන්ධයෙන් ගතයුතු පියවර සම්බන්ධව සමාජය තුළ කථිකාවක් නිර්මාණය වෙමින් පවතිනවා. මේ කොමිෂන් සභාව ක්‍රියාත්මක වෙච්ච අවස්ථාවේදි සාක්ෂි රාශියක් ලැබුණා. සිදු වෙන්ට යන ඛේදවාචකය පිළිබඳ සියලුම තෙරතුරු දැනගෙන එය වැලැක්වීමට පියවර ගත්තේ නෑ කියන චෝදනාව ඉදිරිපත් වුණා සාක්ෂිකරුවන් කොමිෂන් සභාව ඉදිරියේ සාක්ෂි දුන්නා. පාස්කු ප්‍රහාරය පිළිබඳ සියලු කරුණු විමර්ශනය කොට වාර්තාවක් සැපයීම සඳහා පත්කරන ලද කොමිෂන් සභාවේ ඊට වඩා තව දෙවල් බලාපොරොත්තු වුණා.

තවත් මේ පිළිබඳව වගකියන්නේ කවුද? බො‍හෝම සංකීරිණ සංවිධාන ජාලයක් මේ සම්බන්ධයෙන් අවශ්‍ය තිබුනේය. සෘජුව සහ වක්‍රව සම්බන්ධ වූ අය කවුද? අවශ්‍ය උපකරණ රැස්කර කොහොමද ගත්තේ. මේ සියල්ල සම්බන්ධයෙන් සම්පූර්ණ වශයෙන් කරුණු සොයා ගැනීමේ කොමිසම් සභාව පත් කිරීම අරමුණක් වුණා. මේ සියල්ල පිළිබඳ සත්‍ය සොයා ගැනීම ප්‍රායෝගි විය. මේ සඳහා ඔබ්බට යන කරුණු කිහිපයකි.

මෙවන් කේදවාචකයක් නැවත සිදුනොවීමට වගබලා ගැනීමට රජයක් සතු වගකිය යුතු පියවර කවරේද යන්න මෙය කතෝලික ජනතාවට පමණක් නෙවේ අපේ රටේ සමස්ථ ජනතාවටම තිරණාත්මක වැදගත්කමකින් යුක්ත කාරණයක් . රටේ ආරක්ෂාවට බලපානවා. වැලැක්වීමට සම්පූර්ණයෙන් නැවැත්විය යුතුයි.

මේ පිළිබඳව මැල්කම් රංජිත් හිමිපාණන් අද්විතිය මෙහෙවරක් ඉටු කරලා තිබේ. වටිනා ජිවිත 250 පමණක් නැති වී තිබෙනවා. 500 ප්‍රමාණ බරපතල තුවාල සිදු වී ඇත. කඩිනල් හිමිපාණන් මැදිහත් වුණේ නැත්නම් මේ රට ලේ විලක් බවට පරිවර්තනය වීමේ අවධානයක් තිබේ. සංවිධානයන්ගේ අභිමථාර්තය මෙය වෙන්න තිබුණා. මැල්කම් රංජිත් කාඩිනල් හිමිපාණන් මැදිහත් වු නිසා හැඟීම් සංසිදුවන්ට පුළුවන් වුණා. ඒ ගින්න නිවීමට කඩිනල් හිමිපාණන් අමිල මෙහෙවරක් ඉෂ්ඨ කරා. එය අපි කෘතඥපූර්වක සිහිපත් කිරීම සියලුදෙනාගේ යුතුකමක් වගකීමක්.

දැන් කොමිෂන් සභාව රජයට භාරදිලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග කුමක්ද? පැහැදිලිව මේ ගැන තිරණ ගන්න ඕන මැල්කම් රංජිත් කඩිනල් හිමිපාණන් සමඟ සාකච්ඡා කිරිමෙන් පසුව. උන්වහන්සේගේ අදහස් යෝජනා ඉතාමත් වැදගත් වෙනවා.

රජය පැත්තෙන් යම් යම් ව්‍යාකූලතා තිබෙන්ට පුළුවන්. ඒ සියල්ලක් සම්බන්ධයෙන් සංඝරත්නයන් හා අනෙකුත් ආගමික නායකයින් සංවාදයට සහභාගි කරවා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. මේ රටේ ආරක්ෂාවට බලපාන ප්‍රශ්නයක් නිසා. මේ ගැන ගැඹුරු සාකච්ඡාවකින් පසු ඉදිරි පියවර ගැන තිරිණවලට එළඹිම තමයි අපේ ස්ථාවරය.

එන සතියේ අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින නියම කර ඇත. මාර්තු 01 සිට 10 දක්වා පැවැත්වේ. දිවයිනපුරාම අපේක්ෂකයින් 6 ලක්ෂ විසි දෙහස් තුන්සිය පස් දෙනෙක් අපේ දූ පුතුන් පෙනි සිටිනවා. විභාග මධ්‍යස්ථාන 4513 ක් ද සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක්. පාසැල් අපේක්ෂකයින් හාර ලක්ෂ විසිතුන්හස් හත්සිය හතලිස් හයක්. පෞද්ගලික අයදුම්කරුවන් 1 ලක්ෂ අනු අටදහස් හයසිය හය දෙනෙක්. කොවිඩ් 19 ආසාදිත අපේක්ෂකයන් සඳහා විශේෂ මධ්‍යස්ථාන 2 ක බැගින් වෙන් කර තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ විශේෂ විභාග මධ්‍යස්ථාන 2 ක් මදි හෙයින් ඒ සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කිරීමට විදිවිධාන යොදා ඇත.

විදුහල්පතිවරු සහ මහජන සෞඛ්‍ය නිලධාරින්, MOHI සමඟ සාකච්ඡා කරලා ඒ දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීමට අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් දියත් කරලා තිබෙනවා. මේ සඳහා ප්‍රයෝජනවත් පියවර කිහිපයක් අපි අරන් තිබෙනවා. විභාග ප්‍රවේශ පත්‍ර තැපෑලෙන් යවලා තියෙනවා. පෞද්ගලික අයදුම්කරුවන් සඳහා ඒ ප්‍රවේශ පත්‍ර ලැබිලා නැතිනම් WEB අඩවියට ගොස් භාගත කරන්න ක්‍රමයක් සලස්වලා තියෙනවා. නම, විෂය හෝ විභාග මාධ්‍ය සංශෝධනය ඕනෙනම් එය සකස් කර ගැනීමට WEB අඩවියට විදිවිධාන සකසලා තියෙනවා ප්‍රථම වතාවට. මෙහි ප්‍රධාන අරමුණ දූ දරුවන්ගේ කාලය නාස්ති නොකිරීම. අධ්‍යාපන කටයුතු අඛණ්ඩව කර ගැනීමට පුළුවන් වන පරිදි කොවිඩ් මධ්‍යයේ පවා එහෙම සතුටුදායක වැඩපිළිවෙක් යොදා ගැනීමයි. අපි බලාපොරොත්තු වෙනවා මේ මාර්තු මාසයේ 01 සිට 10 දක්වා තිබෙන විභාගයේ ප්‍රතිඵල ජූනි මාසයේ නිකුත් කිරීමට සූදානම්. ජූලි මාසයේ උසස් පෙළ පංති පටන් ගන්න අපි බලාපොරොත්තු වෙනවා. මෙහි ප්‍රතිඵලය තමයි දරුවන්ගේ කාලය අපතේ නොයා අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ගෙනියන්න අපගේ අරමුණ.

තිලක් තේනුවර
මාධ්‍ය අංශ ප්‍රධානි

29,270 views

9 Comments to “රජය පැත්තේ යම් යම් ව්‍යාකූලතා..- ඇමති ජී.එල්.”

  1. ගමේ වෙදා says:

    69 න් තුනෙන් පංගුවක් විතර අඩු වෙලා දෙපැත්තට වැනෙන සෙවෙල ප්‍රතිපත්ති නිසා

  2. lakmal says:

    oooi…pissa palayan gedara

  3. sunanda says:

    දැයේ දරුවන්ටගේ අධ්‍යාපනය වල දමන ගල් පීරිස් සීයා කරුනාකර ගෙදර යන්න. කල්පැනගිය මැල්ටල්

  4. බූරු පුතාණෝ සජියා says:

    ජීල් පප්පා මොනවා කරන්නද? ඔහේ ලියලා දෙන එකක් කියවනවා.

  5. S.Vitharanas says:

    ඔය කිවුවේ . . .
    අනේ මෙහෙමත් දේශපාලනයක්!

  6. Sira says:

    Hora Thakkadiyooo….

  7. TNA says:

    \g l is good for cleaning their dirty clothe

  8. Lankawe Api says:

    69 lakasayee balaporotuwa pissan samaga ataka nataka anduwaka rasa baleema,

  9. kim says:

    corona nisa angoda sitapu pisso 225 parlimentuwata panee, Rata karawana mahapissan gen keneki jii papa

Main News