රජය පොරොන්දු වූ ආකාරයට පොහොර දුන්නා.. ගොවීන් දැන් උත්තරීතර ගොවිතැන කරන්න..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්…

October 22, 2021 at 8:40 am | lanka C news
රජය පොරොන්දු  වූ ආකාරයට පොහොර දුන්නා.. ගොවීන් දැන් උත්තරීතර ගොවිතැන කරන්න..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්…

මහ කන්නයේ වී වගාවට සූදානම්ව සිටින ගොවීන්ට අවශ්‍ය පරිසර හිතකාමී කොම්පෝස්ට් ඝණ පොහොර හා පොටෑසියම් ක්ලෝරයිඩ් හා නැනෝ නයිට්‍රජන් යන පොහොර වර්ග තුනම මේ වන විට ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන වෙත ලබා දීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් ජයසිංහ මහතා සඳහන් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ කොම්පෝස්ට් ඝණ පොහොර ගොවීන්ටම නිෂ්පාදනය කර ගැනීම සඳහා රජයෙන් හෙක්ටයාර් එකකට රුපියල් 12,500 බැගින් මුදල් ලබා දී ඇති බවය. එලෙස මුදල් ආධාර නොලැබුණ ගොවීන්ට කොම්පෝස්ට් ඝණ පොහොර ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන මඟින් නොමිලේ ලබා දීමට පියවර ගෙන ඇති බවද ලේකම්වරයා සඳහන් කළේය.

“මහ කන්නයේ වී ගොවිතැන ආරම්භ ⁣කරන කාලේ පොහොර හිඟයක් ඇති බව දැනුනම ගොවි ජනතාව කලබලයට පත්වීම අසාධාරණයි කියන්න බෑ. නමුත් දැන් රජය පොරොන්දු වු විදිහට මහ කන්නයට පොහොර දෙන්න දැන් සුදානම් කරලා තියෙනවා. මේ කටයුත්තේදී යම් ප්‍රමාදයක් ඇති වුණා. දැන් ඒ සියල්ල නිවැරදි කර ගෙන මෙරට නිෂ්පාදනය කළ කොම්පෝස්ට් පොහොරවලට අමතරව පරිසර හිතකාමී අහිතකර රසායන ද්‍රව්‍ය නොමැති පොටෑසියම් ක්ලෝරයිඩ් කැට පොහොරක් හා නැනෝ නයිට්‍රජන් දියර පොහොර ආනයනය කරලා තිබෙනවා. ඊටත් අමතරව මෙරට නිෂ්පාදිත දියර පොහොරත් ගොවි ජනතාවට ගොවිජන සංවර්ධන මධ්‍යස්ථානවලින් ලබා ගන්න පුළුවන් ආකාරයට කටයුතු සූදානම් කරලා තිබෙනවා. දැන් ගොවීයන්ට කලබල වෙන්න හේතුවක් නෑ. රජයේ නිර්දේශිත මේ පොහොර යෙදීමෙන් වී වගාවේ අස්වැන්න අඩු වුනොත් හෝ වෙනත් ආකාරයක හානියක් සිදු උනොත් ඒ සඳහා වන්දි ගෙවන යාන්ත්‍රණයක් අපි දැන් හදා ගෙන යනවා. ඒ නිසා අපි රජයක් විදියට ගොවීයන්ගෙන් ඉල්ලන්නේ ඔබ ඔබේ උත්තරීතර කාර්යය කරන්න කියලයි” යැයිද ලේකම්වරයා කීවේය.

ජයසූරිය උඩුකුඹුර
අමාත්‍ය මාධ්‍ය ලේකම්

19,801 views

8 Comments to “රජය පොරොන්දු වූ ආකාරයට පොහොර දුන්නා.. ගොවීන් දැන් උත්තරීතර ගොවිතැන කරන්න..- කෘෂිකර්ම අමාත්‍යංශ ලේකම්…”

  1. ඥානක්කා says:

    රට කරවන්නයි බලයක් දුන්නේ – එක එකාට ඇයි ඔළුව නමන්නේ
    ආණ්ඩුවයි දැන් තීරණ ගන්නේ – ගොවියෝ ඇයි මේ හැටි දඟලන්නේ

  2. Jam says:

    අමාරුවෙන් හරි කර ගත්තොත් මේක නරක දෙයක් නෙවෙයි. කිසිම උත්සහයක් නොගෙන නිකන් කැ ගහන ඒක හරි නෑ නේද?

    • LalithM says:

      නොදන්න අහවල් එකටද කට දාන්නේ. මම පොල් පොහොර දෙන ආරංචියට මුදුන්ගොඩ කෘෂි මධ්‍යස්ථානයෙන් විමසුවා. ජූනි මාසේ ලිස්ට් එකට එක අයදුම්පතකට කිලෝ 50 ක් දෙනවා කිව්ව. ගස් කීයක් තිබුනත් එපමණයි කීවා. මෙහෙමයි අපේ පාණ්ඩුව වගා කරන්නේ.

  3. Banda says:

    Distribution thru ගොවිජන සංවර්ධන මධ්‍යස්ථාන is the correct procedure but keep it simple.

    What about other Agro Chemicals needed to protect the cultivation ?

  4. ගමේ මනුස්සයා says:

    ඵලදාව අඩු වුනොත් ගොවියට වගේම ප්‍රජාවට ආහාර යම් හිඟයක් ඇති වෙන්න බැරිද? දැන් කෘමිනාශක , වල්නාශක ගහන්නෙ නැතුව කරනව නම් හොඳයි.ආහාර හිඟයක් ආවොත් ඒ පිලිබඳ මොකද්ද ක්‍රියාමාර්ගය.dollar නෑ..අපිට කවුද හිඟ ආහාර බැලැන්ස් කරල දෙන්නෙ.

  5. කුණ්ඩසාල-පිලවල says:

    අපිට නම් මොන පොහොරක් වත් ලැබුනෙත් නැහැ, ගොවි නියාමක දැක්කෙත් නැහැ.ඌ කන්නේට එක දවසක් වත් එන්නෙත් නැහැ .අක්කර 2 පරණ ක්‍රමේටම , කැකුණ කොළ දාල, මිදෙල්ල කොළ දාල , තමා කරන්නේ .

  6. සිංහල බන්ඩා says:

    ඇමටි සහ ලේඛම් සහ හෙන්චය්යන් කෘෂි නිලදාරීන්ගෙන් උපදෙස් ගත්තේ නැහැ. දැන් නැනෝ නයිට්‍රිජන් ටෙස්ට් කරන්න ගොවියා ගිනිපිග් කරගෙන. රටම අමාරැවේ වැටෙය්ද?

  7. Kalu Albot says:

    RENA wiruwanta barida mulu ratama pohora karanna?