රජය පොහොර ආනයනයෙන් ඉවත් වේ.. සියළුම පොහොර ආනයන පුද්ගලික වෙලදුන්ට..
June 1, 2022 at 3:50 pm | lanka C news
රජය මීළඟ මහ කන්නයේ සිට පොහොර ආනයනයෙන් ඉවත්වන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.
ඒ අනුව රටට අවශ්‍ය කරන සියළුම පොහොර ආනයනය පෞද්ගලික වෙළඳුන් මගින් සිදුකිරීමට පියවර ගන්නා බව ද හෙතෙම පැවසීය.
එහිදී සියලුම ගොවීන් සඳහා පොහොර මිලදී ගැනීමට මුල්‍යමය සහනාධාරයක් ලබා දීමට රජය කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.
මෙලෙස රජය පොහොර ආනයනයෙන් රජය පොහොර ආනයනය කිරීමේ දී විවිධ මැති ඇමතිවරුන්, නිලධාරීන් මඩි තර කර ගන්නා බවට චෝදනා එල්ලවීම මත බවද ඔහු තවදුරටත් කියා සිටියේය.
ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඇත්ත තත්වෙ රජයට රටේ මිනිස්සුන්ට පිනට දීල දීල දීල දීල දීල දීල දීල දීල දැන් පෝර ආනයනයට කරගන්න සල්ලි නෑ. System එක කඩං වැටෙනව.
මිනිස්සු දැනගත්ත පෝරවලින් ගහනව කියල, ඒ නිසා පෝරවලින් තවදුරටත් රජය හරහා ගෙන්නල ගහන්න අමාරුයි. පුද්ගලික අංශයට දෙනව ඕන විදියකට හූරන් කාපිය කියල. කොහොමත් පෝර ගෙන්නන්න සල්ලිත් නෑනෙ රජයට. ඒත් අනිවාර්යෙන් පුද්ගලික අංශයෙ ඇත්තෙත් දේශපාලුවොන්ගෙ කොම්පැනි. එතකොට කීය කිවුවත් කොම්පැනියෙ ලාබෙ කියන්න පුලුවන්නෙ. රජය හරහා ගෙනල්ල හොරකන් කරනවට වඩා ලේසියි. ක්‍රමේ වෙනස්, ආදායම වැඩියි, ගොවීන්ට බොරුවට සහනාධාර පොරොන්දු. අවසානයේ බඩුමිල තව ඉහලට. මුන්ගෙ නොහැකියාවටත් වඩා තියෙන්නෙ හොර හිත. හොරකන් කරන්න බැරිනම් හොරකන් කරන්න අලුත් විදියක් හොයාගන්න තමා මුන් වෙහෙසෙන්නෙ.
කවුරු හරි කමක් නෑ ආනයනය කරලා අපිට දෙන්න
අව්ලක් වෙන එකක් නැහැ. ආණ්ඩුව රසායනික පොහොර ගෙනැල්ලා නොමිලයේ දීලා රුපියල් 30/- ගත්ත රු60/- කරහම රු100/- අඩුවෙන් දෙන්නෙ නැහැ කියපු ගොවියන්ට JVP සමාගමේ නාමල් කරුණාරත්න කියන එකා දැන් පොහොර ගෙනැල්ලා නොමිලයේ දේවි.
හැම දෙයක් ම ඔය විදියට කරා නම් මිල වැඩි වුනත් බඩු තියෙයි.
..very good. Government should get out of all buying and selling businesses.
Ane ara pavadeniya ko janadipatithita me gana danuvath karanna meka karanna epa kiyala.o
රටේ ඉන්නේ වැඩිදෙනෙක් හොරු නම් මොනවාද කරන්නේ?
දැන් මඩිය තර වෙන්නේ කාබනික වගාව අසාර්ථක බවත් රසායනික පොහොර නැතිව වගා කළ නොහැකි බවටත් ආණ්ඩුවට උපදෙස් දුන්, පොහොර කොම්පැනිවල අධ්‍යක්ෂක කම් දරණ මහාචාර්ය රොත්තත සහ ගොවීන් වෙනුවෙන් පෙනිසිටින බවට පෙන්වමින් පොහොර සමාගම් වල සන්තෝසම් කුට්ටි සිය පක්ෂ අරමුදලට බැර කරන නාමල් කරුණාරත්න ඇතුළු ව්‍යාජ ගොවි නායක රැල ගෙත්ය. එතකොට දේශපාලක උන්නැහේලගේ මඩිවලටත් වක්‍රාකාරයෙන් වාසි නැතැයි!
Kaputu Kaak Kaak Kaak!