රජය ලෝක සෞඛ්‍ය දිනය ඉහළින් සමරද්දී්‍ සෞඛ්‍ය සේවකයෙක් කුඩු සමග දැලේ…

April 7, 2019 at 6:48 pm | lanka C news
රජය ලෝක සෞඛ්‍ය දිනය ඉහළින් සමරද්දී්‍ සෞඛ්‍ය සේවකයෙක් කුඩු සමග දැලේ…

රෝගීන්ගේ අයිතිවාසිකම් සුරෑකීමේ ජාතික සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

ලෝක සෞඛ්‍ය දිනය රජය මගින් ඉතාමත් උත්කර්ෂවත් ලෙසින් සමරමින් සිටියි. මෙවර ලෝක සෞඛ්‍ය දින තේමාව බවට පත් වි ඇත්තේ “විශ්වීය සෞඛ්‍ය ආවරණය – සැමට- සැම තැනට” යන්නයි. වර්තමානය වනවිට ලෝකයේ මිලියන ගණනක ජනතාවක් සෞඛ්‍ය පහසුකම් නොමැතිව දැඩි දුෂ්කරතාවට මුහුණ දී සිටියි. කෙසේ වුවත්, අපරට තුළ සෞඛ්‍ය පහසුකම් ලබාගැනීමේ දුෂ්කරතාවයට මුහුණ පා ඇති පිරිසක් සිටිය ද ඛේදවාචකයක් බවට පත් වි නොමැත.

වර්තමානය වන විට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ කිසියම් සාධනීය වර්ධනයක් පෙන්නුම් කළ ද එහි අභ්‍යන්තරය තුළ යම් යම් පිපිරීම් දක්නට ඇති බව ද පෙනේ. වෛද්‍යවරුන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තිය ක්‍රියාමාර්ග, සෞඛ්‍ය ක්ෂේත්‍රය පුරා විහිදී ඇති දූෂණය, අත්‍යවශ්‍යය ඖෂධ හිගය වැනි දේ නිසා අද වන විට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ අතිශය ඛේදවාචකයක් නිර්මාණය වී ඇත. මෙම සියළු කරුණු කාරණා තුළ වඩ වඩාත් දුෂ්කරතාවට පත් වන්නේ රෝගීන්ය.

රජය මගින් මහත් හරසරින් ලෝඛ සෞඛ්‍ය දිනය සමරද්දී, එහි ගෞරව්‍ය බිමට සමතලා කරමින් කොළඹ ජාතික රෝහලේ සේවකයෙකු විසින් මත් කුඩු තොගයක් සමග මරදාන පොලිසිය මගින් අත් අඩංගුවට ගැනීමටත් ඔහු සතුව මිලිග්‍ර්‍රෑම් 860 ක ප්‍ර්‍රමාණයක් අත් අඩංගුවට ගෙන ඇත. මේවා අලෙවිය සදහා තබාගෙන සිටින්නට ඇතැයි පොලිසිය කියයි.

මේ පිළිබදව වැඩිදුර සොයා බැලීමේ දී තොරතුරු වාර්තා වූයේ සෞඛ්‍ය නිල ඇදුමට මුවා වී ජාතික රෝහලේ මෙන්ම රාගම ශික්ෂණ රෝහලේ ද මත් කුඩු ජාවාරමේ යෙදෙන සෞඛ්‍ය සේවකයන් ‌ඇති බවයි. රජය මගින් විශ්විය සෞඛ්‍ය ආවරණය දීමට සැරසෙද් දී සෞඛ්‍ය සේවකයන් රටටම කුඩු ආවරණයක් ලබාදිමට කටයුතු කිරිම කණගාටුවකට කරුණකි.

සෞඛ්‍ය සේවකයන් රෝගී සත්කාරක සේවාවේ යෙදෙන අවස්ථාවේත් මත්කුඩු භාවිතයට හුරු වී ඇත් නම් අසරණ රෝගින්ට කාගේ පිහිටක්දැයි යන්න ගැටළුවකි. අධෝවාතයක් ගියද වෘත්තිය ක්‍රියාමාර්ග ගන්නා සෞඛ්‍ය සේවකයන් මේ පිළිබදව ගන්නා ක්‍රියා මාර්ගය කුමක්ද?

මේ අතර අපට වාර්තා වූ‌යේ රාජකාරි කාලය තුළ පෞද්ගලික වෛද්‍ය සේවයේ යෙදුණ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ වෛද්‍යවරියක් පිළිබදව විමර්ශනයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ආරම්භ කර ඇති බවයි. මාවනැල්ල, වලපනේ සහ කොස්ගොඩ යන ප්‍ර්‍රදේශවල දි මෙම වෛද්‍යවරුන් තිදෙනා රාජකාරි වේලාව තුළ පෞද්ගලික වෛද්‍ය සේවා කටයුතු සිදු කරමින් සිටින විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ හදිසි වැටලීම් ඒකකය මගින් හසු කර ගන්නා ලදී.

වෘත්තීය ක්‍ර්‍රියාමාර්ග ගනිමින් රෝගීන් නොමරා මරණ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය මේ පිළිබදව කුමක් ප්‍ර්‍රකාශ කරන්නේ ද? අසරණ මිනිසුන්ගේ බදු මුදලින් අධ්‍යාපනය ලබා ඔවුන්ගේ බදු මුදලින් වැටුප් ලබමින් අසරණ රෝගීන්ට මෙවැනි අසාධාරණයක් සිදු කිරීම කෙලෙස අනුමත කරම්ද ?

විශ්වීය සෞඛ්‍ය ආවරණය පිළිබදව කථා කරමින් සිටින සෞඛ්‍ය අමාත්‍යාංශය, ජයවර්ධනපුර රෝහලට සෞඛ්‍ය පහසුකම් ලබා දීමට නොහැකිය ලතවෙනු පෙනේ. පසුගිය දා මාධ්‍ය වාර්තා කළේ ජයවර්ධනපුර රෝහල තුළ වකුගඩු රෝගින්ට ලබාදිය යුතු ‌ඖෂධ හිගයක් ඇති බවයි.

මේ අතර මීට හාත්පසින්ම වෙනත් අදහසක් ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේදී සාක්ෂි දෙමින් ‌‌ඖෂධවේදියෙක් පැවසුවේ “ලංකාවට ගෙන්වන 80% ක බෙහෙත් රටට අනවශ්‍ය වූ බෙහෙත් වර්ග බවයි”. මෙම සියළු කරුණු විශ්ලේෂනය කර බැලූ විට ළදරුවෙකුට වුව ද පහසුවෙන් තේරුම් ගත හැකි සත්‍ය වනුයේ අත්‍යවශ්‍ය ඖෂධ හිගය මධ්‍යයේ ම ඖෂධ සම්බන්ධයෙන් දැඩි දූෂණයක් සිදුවෙමින් පවතින බවයි. අත්‍යවශ්‍ය ඖෂධ රෝහල්වල නැත. අනවශ්‍ය බෙහෙත් 80%ක් රටට ගෙනවිත් ඇත.

විශාල දූෂණයක් සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ පැතිරෙමින් පවතී. එය සෞඛ්‍ය අමාත්‍යවරයාද පසුගිය සතියේ හෙළි කර සිටියේ ය.

එනම් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් අධික මිලක් දි පියයුරු පිළිකා සදහා ලබාදෙනු ලබන පිළිකා එන්නත් 400 ක තොගයක් වැඩි මිලට ගැනීම පිලිබදව සිදු වූ දූෂණයයි. එය අමාත්‍යවරයා විසින් තහනම් කරනු ලැබීය.එය අපි සැවොම සතුටු විය යුතු කරුණක් වුවද, එම දූෂණයට හවුල් වූ නිලධාරින්ට දැඩි දඩුවම් ලබා දීම සිදු කළ යුතු වේ.

ලෝක සෞඛ්‍ය දිනයේ දී අපි රජයෙන් ඉල්ලා සිටින්නේ “සෞඛ්‍ය සේවාව ලබා ගැනීමේ අයිතිය මානව අයිතියක් ලෙස ව්‍යවස්ථාවට ඇතුළත් කරන ලෙසත් රෝගින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරිම සදහා රෝගී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා ප්‍රඥප්තියක් ගෙනෙන ලෙසත්ය..

ධම්මික එදිරිසිංහ
ලේකම්
රෝගීන්ගේ අයිතිවාසිකම් සුරෑකීමේ ජාතික සංවිධානය

634 views

One Comment to “රජය ලෝක සෞඛ්‍ය දිනය ඉහළින් සමරද්දී්‍ සෞඛ්‍ය සේවකයෙක් කුඩු සමග දැලේ…”

  1. Sun says:

    This is the time to introduce death penalty, otherwise kudu fellows wont see the seriousness of the offence.

Main News