‘රජය වෙනුවෙන් එක හඩින් පෙනි සිටින්න’ ජනාධිපතිවරයා සියලු ඇමතිවරුන්ට දන්වයි…
January 15, 2017 at 1:20 pm | lanka C news
පසුගිය දා හම්බන්තොට වරාය චීන සමාගමට පෑවරීම සහ එහි ඉඩම් අක්කර 15000 ක් ලබදීමේ සමාරම්භක උත්සවයට වූ අග්‍රාමාත්‍යවරයා සිටි වේදිකාවාට පහරදීමට උත්සහ ගත් සිද්ධිය වැරදි බවත් එම සිද්ධිය සම්බන්ධව සියලු ඇමතිවරුන්ට එකම හඩක් නැගිය යුතු බවත් හම්බන්තොට සිදු වූ සිද්ධිය සම්බන්ධව කරුණු දක්වමින් පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඇමතිවරුන්ට දන්වා සිටියේ යයි සති අග ඉංග්‍රීසී පුවත් පතක් වන අද සන්ඩේ ටෛම්ස් පුවත් පත වාර්තා කරයි.
එම පුවතේ සඳහන් පරිදි ජනාධිපතිවරයා සඳහන් කොට ඇත්තේ විවිධ පුද්ගලයින් මෙම සිද්ධිය සම්බන්ධව නොයෙකුත් කතා පතුරවන බවත් එසේ කිරීම කණගාටුවට කරුණක් බැවින් සියලුම රජයේ දේශපාලනය නියෝජිතයින් මේ සිද්ධිය සම්බන්ධව එකම හඩක් නැගිය යුතුය යන්න ය.
පොලිසිය ක්‍රියාත්මක වෙමින් එම තත්ත්වය පාලනය කොට පුද්ගලයින් 53 දෙනෙකුට අත් අඩංගුවට ගෙන ඔහුනට විරුද්ධව නීති මගින් ක්‍රියාත්මක වන බවත් එම පුවතෙන් වැඩිදුරටත් සඳහන් කරයි.