රජය සතු හිල්ටන්-හයට් හෝටල් විකුණා දැමේ…

October 12, 2018 at 3:00 pm | lanka C news
රජය සතු හිල්ටන්-හයට් හෝටල් විකුණා දැමේ…

හිල්ටන් හෝටලයේ හා හයට් හෝටලයේ රජය සතු හිමිකාරීත්වයන් ඉදිරි මාස 06 ක කාලයේදී විකුණා දමන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා සදහන් කරයි.

ඔහු මේ බව සදහන් කර ඇත්තේ රොයිටර් පුවත් සේවය සමඟ සාකච්චාවකට එක්වෙමිනි.

ඩොලර් මිලියන 500 ක් මෙමගින් ලබා ගැනීමට රජය අපේක්‍ෂා කරයි.

හයට් හෝටලයේ ගොඩනැඟිල්ල කාමර 458ක්, කින් හා මහල් නිවාස ඒකක 100 ක් සහිත වන අතර රජයේ පූර්ණ හිමිකාරීත්වය ඇති කැන්විල් හෝල්ඩිංග්ස් යටතේ ක‍්‍රියාත්මකයි.

හිල්ටන් හෝටලයෙන් 51%ක් කොටස් රජය සතුය.

167 views

16 Comments to “රජය සතු හිල්ටන්-හයට් හෝටල් විකුණා දැමේ…”

  1. sunimal says:

    මහින්ද රට බාර ගන්නකොට (2005 දි) රටේ රාජ්‍ය ණය ප්‍රමාණය රටේ දේශීය නිෂ්පාදනයෙන් 101%යි. නමුත් මහින්ද යුද්දෙ ඉවර කරල රටට සාමය ගෙනවිත් 2009 දී එ් රාජ්‍ය ණය ප්‍රමාණය 89% ට බස්සන ලදී. කලින් කිව්ව වගේ රටේ ආර්ථිකය දියුණු කොරන්න අත්තිවාරමත් දමල තිබුනා. මහින්ද ‘යහපාලනය’ ට රට බාර දුන් 2015 ජනවාරි වන විට රටේ රාජ්ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 70% දක්වා අඩු කරල තිබුනා. මහින්දගෙ කාලෙ රටේ ණය රටේ අාදායමට අඩුවෙන් තිබුන නිසා ණය ගෙවන්න ප්‍රශ්ණයක් උනේ නැහැ. ඉතින් ණයට ගත්ත කියල මහින්දට චෝදනා කරන එක වැරදියි.

  2. Love nature says:

    යමපාලනයේ විද්‍යාත්මක කැබිනට් මණ්ඩලය දැන් සැපද?

  3. Saradiel says:

    රට තවදුරටත් කාබාසිනියා නොකර රට කරන්න බැරි නම් මහින්ද රාජපක්ෂට නැවත මේ රටේ බලය ලබාදී මෛත්‍රි -රනිල් ගෙදර යා යුතු බව , බස්නාහිර පළාත් සභා නියෝජ්‍ය සභාපති යසපාල කෝරලගේ පවසයි

  4. Saroja says:

    Mahinda naya gaththa. E wagema hondata gewagena giya. Oya lokaye godak ratawal naya mudal aragena lassanata gewanne. Amaricawama witharak Chinawalin kopamana naya gannawada.

Main News