රජු හා නිලමේවරුන් සමගිව සිටීමේ වාසිය කිරිඇල්ල කියයි..
October 16, 2016 at 5:30 pm | lanka C news
රටේ දියුණුවට , රටේ ආරක්ෂාවට ප්‍රධාන පක්ෂ වල සමඟිය අත්‍යවශ්‍ය යයි උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.
ඔහු මෙසේ කියා සිටියේ වලපනේ නිල්දණ්ඩාහින්නේ දී මාර්ගයක වැඩ ආරම්භ කිරීමේ උත්සව සභාවක් අමතමිනි. එහිදී ඇමතිවරයා මෙසේද පැවසීය.
‘අපේ ඉතිහාසය දෙස බලන්න . අපේ මහනුවර රජතුමාට උඩරට රාජධානිය අහිමි වුනේ අසමගිය නිසයි. 1810 බි්රතාන්ය හමුදා මහනුවර නගරය ආක්‍රමණය කලා . එදා රජතුමා සමඟ සියළුම නිළමේවරුන් සිටියා . ශ්‍රී වික්රමරාජසිංහ රජතුමාට හැකි වුනා ඉංග්‍රීසි හමුදාව පළවා හරින්න. 1810 ඉංග්‍රීසි හමුදාව පළවා හරින්න හැකිවුනේ එදා තිබුණ සමඟිය නිසයි. නමුත් වසර 5ක් යනවිට මොකද වුනේ. 1815 වන විට රජතුමා සහ නිළමේවරුන් අතර ඇතිවූ අසමඟිය නිසා බි්රතාන්ය හමුදා කිසිදු යුද්ධයක් නැතිව මහනුවරට පැමිණියා . මෙය තමයි හොඳම නිදසුන . රටේ දියුණුවට , රටේ ආරක්ෂාවට ප්‍රධාන පක්ෂ වල සමඟිය අත්‍යවශ්‍යයි’
අමාත්‍යවරයා මේ අදහස් පලකලේ උසස් අධ්‍යාපන හා මහමාර්ග අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන මාර්ග සති වැඩසටහනේ සිව්වන අදියර නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නිල්දණ්ඩාහින්න ශ්‍රී සුමංගල ජාතික පාසැලේ දී 2016-10-15 ( ඊයේ * දින ආරම්භ කරමිනි. අමාත්‍යාංශයේ විෂය පථයට පමණක් සීමා නොවෙමින් මාර්ග සංවර්ධනයෙන් පමණක් නොනැවතී, අදාල ප්‍රදේශවල අවශ්‍යතාවය පරිදි අදාල ආයතන, නිලධාරීන්, අමාත්‍යාංශ සම්බන්ධීකරණය කරගනිමින්, ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලන නායකයින් සමඟින් එක්ව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම ගරු අමාත්‍යවරයාගේ සංකල්පයයි.
නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කොට ගනිමින් ක්‍රියාත්මක වන මෙම වැඩසටහනේ පලමු දිනය මාර්ග දිනයයි. මේ යටතේ රු.මිලියන 1679 ක වියදමින් ප්‍රදේශයේ ග්‍රාමීය මාර්ග පද්ධතිය විධිමත්ව සංවර්ධනය කිරීම අමාත්‍යවරයාගේ උපදෙස් මත අද දින ආරම්භ කෙරිණි. මෙම ව්‍යාපෘතිය යටතේ මාර්ග නඩත්තුව , නව මාර්ග ඉදිකිරීම , ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග වැඩි දියුණුව , ගල් අතුරා තාර දැමීම , මාර්ග වල කොන්ක්‍රීටි ඇතිරීම , අන්තර් සම්බන්ධිත කුට්ටි ගල් යෙ¥ මාර්ග ඉදිකිරීම ඇතුළු අංශ රැුසකින් මාර්ග සංවර්ධන වැඩපිළිවෙල ක්‍රියාත්මක කෙරේ.
මීට අමතරව අදින් ඇරඹෙන මාර්ග සති දීප ව්‍යාප්ත වැඩසටහන යටතේ වලපනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය කේන්ද්‍ර කොට ගනිමින් ඩිජිටල් තාක්ෂණය පිළිබඳව දැනුවත් කිරීම , ඝණ අපද්‍රව්‍ය කළමණාකරණය පිළිබඳව දැනුවත් කිරීම , පොල් වගාව සම්බන්ධයෙන් දැනුවත් කිරීම , ඉඩම් හිමියන් සඳහා බලපත්‍ර ලබා දීම , නිවාස ආධාර ලෙස සිමෙන්ති බෙදා දීම , බෝවන හා බෝනොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම , ගෙවතු වගාව සහ පොෙහොර භාවිතය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම , කෘෂි උපකරණ කට්ටල බෙදා දීම , උසස් පෙළ ළමුන් සඳහා වෘත්තීය මාර්ගෝපදේශණය අතුළු ක්ෂේත්‍ර රැුසක් ආවරණය වන පරිදි රාජ්‍ය නිළධාරීන් සම්බන්ධ කරගනිමින් වැඩසටහන් රැුසක් ක්‍රියාත්මක කෙරේ.
මාර්ග සති – ගැමි පුබුදුව ජාතික සංවර්ධන වැඩසටහන යටතේ නව රජයේ සංවර්ධන සැලසුම් දිවයින පුරා ක්‍රියාත්මක කෙරෙන රජයේ ප්රමුඛ සංවර්ධන වැඩසටහනක් වේ. රජයේ සංවර්ධන දැක්ම යටතේ අවධානය යොමුවිය යුතු සියලූ අංශ ආවරණය වන පරිදි ජනතා සේවය සැලසීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරේ.
– රජිත සමරසූරිය
ඔිනා ගොනෝ, තොපි කොහෙවත් ඉන්න දොරටුපාලයෙක් රජකරවල රට පාලනය කරන්න ප්ලෑන් කලා නේද? මෝඩ හැත්ත දැන් වත් තේරැම් ගනිල්ලා දොරටුපාලය උනත් අාප්පය දැන් රජා කිියල. අනෙක නූගත් උනත් මේ දොරටුපාලය වෙට්ට පිත්තලයෙක්. උෟ දන්නවා නිලමෙලා කවද හරි උෟගෙ බෙල්ල කපන බව.
ඔිනා ගොන්නු රට පාලනය කරන්න ප්ලෑන් කලේ ගොන් විදිහට. වැඩේ ගැස්සුනහම දොරටුපාලයට දෙස් දෙවොල් තියල වැඩක් නැහැ. මහත්මයෙක් නම් රනිල් යුඑන්පී කාරයො අැන්දුවට නායකත්වයෙන් වහාම ඉල්ලා අස් විය යුතුය්.
මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.
ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.
උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.
දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.
උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.
එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.
පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.
උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න
මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.
අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.
ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.
මේ ප්‍රකාශය අදට ඉතාමත් නිවැරදිව ගැලපෙන බව අපගේ මතය වන අතර අද අපට උරුම වී ඇති මේ අවසානාවන්ත තත්වය වසර 100 කට පෙර මෙතුමාට දකින්නට හැකි වීම හා මේ බව අපගේ කිසිදු දේශපාලන හෝ රාජ්‍ය නායකයෙක් අවබෝධ කර ගෙන නොසිටි බව නම් ඉතා පැහැදිලිය.
බොරැ සංවර්ධන කයිවාරැ වැඩක් නැහැ. ඔබලා චන්ද ගන්නකොට දුන් පොරෙන්දු කීයක් මේ වෙනකොට ඉෂ්ඨ කරල තියනවද. තව දුරටත් යාන්හෑලි කියවල පච කෙලින්නෙ නැතිව චන්දයක් තියල මහජන මතය උරගා බලපල්ලා.
මෙලෙස ලොක්කන් අධිරාජ්‍යවාදීන් ඉදිරියේ දනින් වැටෙන එහෙත් පොඩි මිනිසාට තම ලොකුකම පාන අයුරුත් එය මහින්ද හිමියන් නොඉවසූ බවත් මෙම පද්‍යයෙන් ප්‍රකට වේ.
“පුළුවන්කාරයන් හමුවේ දනින් වැටී
සුළු මිනිසුන්ට අඩි හප්පා රවා සිටී
බලුකම්වලින් අන්තිම බලු කමේ හැටී
බැලුමට කැමති නම් මුන් දෙස බලනු වටී”
“රට සහ ජාති ආගම් තුන කරණ කොට
සටනට යමව් යෑයි හඬගා කියන කොට
මට බැහැ කීවොත් සිහලෙකු නම් ඔහුගෙ කට
පටවනු නිසිය ගිනියම් කළ ලොහොදි කැට”
ඇතොත් රටට ආදරයක් සිතින් සිපා
අතත් පයත් ඔලුවත් වෙන වෙනම කපා
කතත් කමක් නැහැ නැත බිය ගතිය සපා
අයුක්තියට අත් දෙක ඔසවන්න එපා”
“රජු හා නිලමේවරුන් සමගිව සිටීමේ වාසිය කිරිඇල්ල කියයි..” ona gonekuta me wage katawak kiyanna puluwa gona…
Mr Kiriella,
What you are saying was happened on 8th Jan 2015.
Hope you have a brain to understand this.
සම්පූර්ණයෙන්ම එකඟයි. වැඩ බැරි ආණ්ඩුවට වැඩ පෙන්නන්න කියා කියා කාලේ කකා ඉන්න එකේ තේරුමක් නැහැ. රට දවසින් දවස් අගාධයට යනවා. හැමෝම සමගි වෙලා රටේ අනාගතය සුරක්ෂිත කරන්න ඕනේ.
සිංහලයෝ සමගි වුනා නම් ලේසියෙන්ම බේරා ගන්න පුළුවන් ප්‍රශ්ණ තියෙනවා.
රජ කාලයේ ආදර්ශය වර්තමානයටත් වැදගත්
ඉතිහාසයේ පාඩම් අදටත් වලංගුයි