‘රටක් එක තැන පල් විය යුතු නැහැ.. වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි..’ මහා සංඝරත්නය ජනපතිට කියති….
April 24, 2021 at 8:40 am | lanka C news
රටක් එකතැන පල්විය යුතු නැති අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරති.
බෞද්ධ උපදේශක සභාව (23) පස්වරුවේ 10 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව උන්වහන්සේ මේ බව සඳහන් කළහ.
රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ව්‍යාපෘතිය ගැන දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්රතිලාභ පැහැදිළි කර දුන්නේය.
භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයකි. වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතුය. ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහය ගත යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
කොවිඩ් 19 නව ප්‍රභේදයේ, සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය දැනුවත් කෙරිණ.
බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන්හ.
ඉදිරි සභා වාරයේ දී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ද යෝජනා කෙරිණ.
බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියහ.
– ජනාධිපති මාධ්‍ය අංශය
කීව හාමුදුරුවෝ කවුද කියල පැහැදිලිව නම සදහන් කළානම් ලිපියට වැදගත් කමක් අගයක් ලැබේ….නම සටහන් නොකිරීමම ඉතා බරපතල දෝෂයක් සේ පෙනේ…..එය ජනාධිපති මාධ්යාංශයෙන් සිදු වීම තවත් දෝෂය බලවත් සෙයකි…මැදගොඩ හාමුදුරුවෝ ගේ ෆොටෝ එකට 😀 153 වගේ වැටිල තිබ්බ. අනික් එක චායාරූපයකවත් නෑ ඒකෙන් ජනතාව කොතරම් දූරදර්ශි හා විචක්ෂණශීලීද යන්න පැහැදිලිය
මහා සන්ඝරත්නයට පින් සිදු වේවා.
BMW, V8, $$$…etc….🤭🤭🤭🤣🤣🤣
දානෙ චීනගෙන් අපෙ හා…….දුරුවනේ….. වට් ද ෆක්.
👍👍👍👍
Aniwa………Ganayanta siura port city gate eka laga galawala.casino gahala…eka eka ratawala gonnu gahala ehenma niwan giyaheki…ewan swarnamaya awastawak atnoheriya yutui…………
යුක්රේනියානු ගනිකාවන් ගෙනල්ලා දළදා මාලිගාව වටේ කාර් රේස් පදින්න .
රට බේර ගන්න ආපු විරුවා චීන සර්කස් කාරයෙක් වෙලා වගෙයි .
Sinhayekwa thama genawe.uwa circus ekkata gatthane china.
ඉන්දියන් කාරයෝ කුලියාපිටියේ බුදු පිලිම කැඩුවාට කමක් නැතැයි අපේ හාන්දුරුවනේ ?
රට වාණිජ වශයෙන් දිවුණු වෙනකොට දුප්පත් කම අඩුවෙනවා. පීඩිත පන්තිය නැති වෙනවා. එතකොට අපේ 3% තවත් බහිනවා.
හයියෝ….. අපට ඉතින් කාල් මාක්ස්ගෙම පිහිටයි.
daaneth cheennungenma illagena kaapalla dusseelayo…