‘රටක් එක තැන පල් විය යුතු නැහැ.. වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි..’ මහා සංඝරත්නය ජනපතිට කියති….

April 24, 2021 at 8:40 am | lanka C news
‘රටක් එක තැන පල් විය යුතු නැහැ.. වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි..’ මහා සංඝරත්නය ජනපතිට කියති….

රටක් එකතැන පල්විය යුතු නැති අතර, වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතු බව මහා සංඝරත්නය අවධාරණය කරති.

බෞද්ධ උපදේශක සභාව (23) පස්වරුවේ 10 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේ කොළඹ වරාය නගර ව්‍යාපෘතිය පිළිබඳව දැනුවත් වීමෙන් පසුව උන්වහන්සේ මේ බව සඳහන් කළහ.

රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ව්‍යාපෘතිය ගැන දීර්ඝව කරුණු දක්වමින් ආර්ථිකයට සහ රටට ලැබෙන ප්‍රතිලාභ පැහැදිළි කර දුන්නේය.

භූමි ප්‍රමාණය පුළුල් කර නව ආයෝජන අවස්ථා සඳහා දොරටු විවරවීම රටක් ලෙස අත්කරගන්නා ජයග්‍රහණයකි. වැරදි මත පතුරවමින් සියල්ලට එරෙහි වනවා වෙනුවට ජාතියක් ලෙස නැගී සිටීමට එක් විය යුතුය. ව්‍යාපෘතිය පිළිබඳව ජනතාවට නිවැරදි අවබෝධයක් දී ඊට සහය ගත යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.

කොවිඩ් 19 නව ප්‍රභේදයේ, සෞඛ්‍ය අංශ උපදෙස් පිළිබඳව ජනාධිපතිතුමා විසින් මහා සංඝරත්නය දැනුවත් කෙරිණ.

බුද්ධ චරිතය, ත්‍රිපිටකය, බෞද්ධ සිද්ධස්ථාන පිළිබඳ වැරදි අර්ථකථන දෙමින් දුර්මත පතුරවන අය ගැන සොයා බලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව සිය යෝජනා උපදේශක සභාවට දැනුම් දුන්හ.

ඉදිරි සභා වාරයේ දී ඒ පිළිබඳ මහා සංඝරත්නයේ අදහස් කමිටුව වෙත ඉදිරිපත් කිරීමට ද යෝජනා කෙරිණ.

බෞද්ධ උපදේශක සභාවේ සාමාජික මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ රාජ්‍ය නිලධාරීහු පිරිසක් බෞද්ධ උපදේශක සභා රැස්වීමට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

25,063 views

28 Comments to “‘රටක් එක තැන පල් විය යුතු නැහැ.. වාණිජමය වශයෙන් ඉදිරියට යා යුතුයි..’ මහා සංඝරත්නය ජනපතිට කියති….”

  1. අබරං ආතා says:

    ලෝකයේ වෙනත් රටවලත්, මෙවැනි ආගමික පුජකවරැන් ගෙන් සැදුමිලත් උපදේශක සභා තිබෙිද? මෙි සභාවෙි උතුම් අදහස් වලින් රට දියුණු කිරීමට කොපමණ කල් ගතවෙිදැයි, දැනට ගනන් බලා තිබෙිද? අනතිම පුශ්නය, මෙි වැඩිල්ලට දීමනා, මග වියදමි ආදිය ගෙවනවාද? (කඩඉමි පුශ්නය , උපදේශනය ඉවරවෙලා කටිටිය සෙටි වෙනවාද?)

  2. Piyadasa Yalagala says:

    There are gang-up of that political parties led by UNP SJB JVP and TNA which is working day and night against Colombo Port City,because of key reasons that USA and Other forces wanted an undermine lucrative business location of Newly built Port City in Colombo.
    These Big nation like that USA of western forces do NOT to see Island Economic development at all. They (US +UNP=SJB) are happy about we are living as poor country and people are living poverty level.

  3. Piyadasa Yalagala says:

    Therefor US fabrication story of that Port City is Chinese Colony ! What a political nonsense of doing by local US agents in Colombo.

  4. Piyadasa Yalagala says:

    Of cause China has invested to Port City is fact,but we are an Independence and Sovereignty nation . Such tiny land we cannot build for ” Colony of other country” which is next that main Island of Sri Lanka .While we non- allied nation Not that belongs to any power blocks of world Big power hegemonism.

Main News