රටක් දියුණු වෙද්දී ඩෙංගු රෝගය වැඩිවෙනවා.. ඇමරිකාව, මැලේසියාව, සිංගප්පූරුවත් එහෙමයි..- රාජිත

June 10, 2017 at 3:50 pm | lanka C news
රටක් දියුණු වෙද්දී ඩෙංගු රෝගය වැඩිවෙනවා.. ඇමරිකාව, මැලේසියාව, සිංගප්පූරුවත් එහෙමයි..- රාජිත

ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා රුපියල් කෝටි 07 ක පමණ වටිනාකමකින් යුත් ලොරි රථ 50 ක් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාගැනීම සහ ඛෙදාහැරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් බොරැල්ලේ දී අද (10) පෙරවරුවෙ සිදු කරන ලදි.

AMW පෞද්ගලික සමාගමෙන් ලොරි රථ මිලදී ගත් අතර, ඒවා බස්නාහිර පළාතේ ඩෙංගු රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස වලට සහ දිවයින පුරා ඛෙදාහැරීම සිදු කරන ලදි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා,

“ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා අවශ්‍ය ධූමායන යන්ත්‍ර 500 ක් ආනයනය කර තිඛෙනවා. ඒවා දිවයින පුරා ඛෙදාහැරීම ආරම්භ කළා. කැබිනට් අනුමැතිය යටතේ ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 ක් බදවා ගැනීමට රජය පියවර ගෙන තිඛෙනවා. රටක් දියුණු වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බව මෙි වනවිට සොයාගෙන තිඛෙනවා. මැලේරියා රෝගය වගේ නොවෙයි. නාගරීකරණය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැඩියි. බස්නාහිර පළාතේ දක්නට ලැඛෙන්නේ එවැනි ලක්ෂණයක්. මැලේසියාව, සිංගප්පූරුව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිඛෙනවා. එම නිසා පිරිසිදුකම ඉතාම වැදගත්.”

“ඩෙංගු රෝගය මර්දනය කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් කරන්න බැහැ. ජනතා සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගය ද ඊට අවශ්‍යයි. දැනට පරීක්ෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට නිවාස තුල විවිධ ස්ථානවල ඩෙංගු මදුරු කීටයින් බෝවෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන්නේ රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීමයි. අද විනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට දශම 2 ක් දක්වා අඩු වී තිඛෙනවා. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාවලිය හොදයි. ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා රජය විශාල මුදලක් වැය කරනවා. පසුගිය වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට බලපෑවෙි ගංවතුරයි. මෙම වසරේ ද දිස්ත්‍රීක්ක 08 ක් ගංවතුරට මුහුණ දුන්නා. එම දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිරයාම සිදු වන්නේ ඉදිරියටයි. ඊට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සැලසුම් සකස් කර තිඛෙනවා. ඒ සදහා මාස 03 ක වැඩසටහන් අඛණ්ඩව ක්‍රීයාත්මක කරනවා.”

මෙහිදී එම වාහන වල ප්‍රථම යතුර AMW ආයතනයේ කළමණාකාර අධ්‍යක්ෂ සමන්ත රාජපක්ෂ මහතා විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට බාරදෙන ලදි. ඉන් පසු සෞඛ්‍ය අමාත්‍යවරයා පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට යතුරු බාරදීම සිදු කරන ලදි.

85 views

19 Comments to “රටක් දියුණු වෙද්දී ඩෙංගු රෝගය වැඩිවෙනවා.. ඇමරිකාව, මැලේසියාව, සිංගප්පූරුවත් එහෙමයි..- රාජිත”

  1. සනත් ඉතාලිය says:

    ඔන්න කිව තවත් ඔලමොට්ටල කතාවක් රටක දියුණු වෙනකොට කොහොමද යෝදයෝ ලෙඩරෝග බෝවෙන්නේ තව ටික දවසක් යනකොට මේක කියයිද දන්නේ නැහැ රටක දියුණු වෙනකොට ඒඩ්ස් බහුවල පැතිරෙනවා කියල නොදකින් සරල ගමරාල රටකට කල විනාසයක්

  2. abaran goyyaa says:

    රටක් දියුණූ වෙන කොට ඇමතිවරු හරක් වැඩ කරලා පගාව ගහලා පිස්සු කෙලලා පපුවේ අමාරු හැදිලා අපායේ යනවාම තමයි. මදුරුවොන්ට ඒක වලක්වන්න බැහ මයි.

  3. Ranilough de S Sirisenaa says:

    ඇමරිකාවේ ඩෙංගු හැදුනේ මුගේ ආච්චිට වෙන්න ඇති.

  4. Ranilough de S Sirisenaa says:

    ව්‍යාකරණ අවුල් නොම වන්නට මෙය කතු වැකියකටත් අගනේය. හිමිදිරියේ මෙය කියැවූ මගේ ඉළ ඇදී, පඩත් නොගියා පමණි. කියා ඇති දේ සැබෑය.
    ප.ලි. – ඔබ වහන්සේට ව්‍යාකරණ ඉගැන්වූ හෙතෙමේගේ මෑණියන්ට ……….. !

    • Ranilough de S Sirisenaa says:

      මගේ ව්‍යාකරණ කොමෙන්ටුව බෙන්ඩ්-ටු-බෙන්ඩ් මැතිඳුට බව දැන්වා සිටිමි.

    • සෙල්ලං සේන​ says:

      වාහේ වෙයන් ගෙදරට ගොස් මවට තගේ.

Main News