රටක් වටින App එකක් එයි.. බස් මගීන් රස්තියාදුව ඉවරයි…

June 19, 2020 at 4:40 pm | lanka C news
රටක් වටින App එකක් එයි.. බස් මගීන් රස්තියාදුව ඉවරයි…

ජනතාව සදහා මගී ප්‍රවාහන බස් රථ ගමන් කාල සටහන බලා ගත හැකි ජංගම දුරකථන යෙදුමක් හඳුන්වාදීමට මගී ප්‍රවාහන අමාත්‍යංශය කටයුතු කරමින් සිටි.

එම යෙදවුම ලබන සතියේ හඳුන්වාදෙන බව අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ හරහා පොදු ප්‍රවාහන සේවාවන් ප්‍රමාදයකින් තොරව මගීනට ලබාගැනීමේ අවස්ථාව හිමිවන බවද ඔවුන් පවසයි.

බස් රථය තිබෙන ස්ථානය තමන් සිටින නැවතුමට එන වේලාව ආදී සියලු තොරතුරු එම යෙදුම මගින් බලාගැනීමට හැකි වෙයි.

ජාතික ගමනාගමන කොමිසම විසින් දැනටමත් එම යෙදවුම සකසා අවසන් යයිද අමාත්‍යාංශය කියා සිටී.

270 views

27 Comments to “රටක් වටින App එකක් එයි.. බස් මගීන් රස්තියාදුව ඉවරයි…”

  1. prasantha says:

    එක හෝල්ට් එකක කොටන වෙලාවත් බලාගන්න පුළුවන්ද? දැන් 138ත් අම්බානෙක කොටනවා.. හරියට රිලේ දුවනවා වගේ.. පස්සෙන් එන බස් එක ඈත කොනෙන් පේන කොට මේ හෝල්ට් එකෙන් යනවා. ආයෙ ඊළඟ ටවුමෙත් ඒ වගේ… අන්තිමට කලින් බස් එකේ නැග්ග එකයි පරක්කු වෙලා ආපු එකයි දෙන්නම යන්නෙ එක බස් එකේ..

  2. Redda says:

    Bus naa app witrai 😂😂

  3. කාන්තාර පළගැටියා says:

    මේ අර කමල් ස ගේ ෆෝන් එකේ තියන කොරෝනා ලෙඩ්ඩු අල්ලන ඇප් එක වගේ එකක්ද ? මරු මරු. මගීන්ට ගොනා ට අන්දන්න ගත් උත්සාහය ට ගරූ අමරවීර ඇමැති තුමාට මගේ හදපිරි මෙව්වා එක.

  4. Asoka Liyanage says:

    මෙය ඉතාම වටිනා දෙයකි. මා වෙසෙන කැනඩාවේ ශීත කාලයේ දී – 20 C උශ්නතවය පවතින විට බොහෝ අය උදයට ගෙදරින් බස් නැවතුමට හෝ කාර්‍යාලයෙන් බස් පිටත් වන්නෙත් මෙම APP එකට අනුවය.

  5. Nimal says:

    මේ ලිපියේ හෙදීන් එක ලියපු එකා පකිස් බුරුවෙක්. APP එකකින් කොහොමද බන් මගීන් රස්තියාදුව ඉවර වෙන්නේ ?

  6. Lanka says:

    බස් ඇප් එකක් ගැලපෙන්නේ හොඳට දියුණු trafic නැති මාර්ග පද්ධතියක් තියෙනවනම් තමයි. හැමෝම කැමති රට දියුණු වෙනවනම්. ප්‍රයිවට් බස් කාරයන්ගේ කෑගැහිල්ල ,බස් නවත්ත්වාගෙන ඉන්න ඒවා නවත්වල ප්‍රවාහන සේවයේ ගුනාත්මක තත්ත්වය වැඩි කරන්නත් ඕන. බස් කොන්දොස්තරලට, ඩ්‍රයිවරුන්ට ට්‍රේනිං එකක් දෙන්න ඕන මිනිසුන්ට කොහොමද ගරු කරන්නේ කියල.

  7. රස්තියාදු වන බස් මගීන්ගේ වෙන්න ඉන්න උප සභාපති says:

    නියමයි. මේක කෝච්චි වලටත් දාන්න. තව App ඕනේ බස් එකට තියෙන පෝලිමේ ඉස්සරහටම යන්න පුලුවන් එකක්. මොකද බස් එක තියෙන තැන දැන ගත්තට නගින්න පෝලිමේ ඉන්න උනොත් Sorry තමයි.

  8. MAP Hemachandra says:

    ඔීක හදල කොචීිර කල්ද. දැන් කයිය ගහන්ට එපා NTC එක.

  9. saman says:

    ඔනෑම දෙයක් සාර්ථක විමට පෙර, උඩ පැනිම සහ එකිනෙකාට ස්තුති කර ගෙනීම නිසා කිසිම දෙයක් සිදු නොවී රට එතනම තිබිමට හෙතුවකි. කරුනාකර මෙය තෙරුම් ගෙන කටයුතු කරන්න.

Main News