රටටම නොරොච්චෝලේ සරණයි.. ජල විදුලිය ලේලටම වැටේ.. විදුලි කැපීමේ අවදානමක්..
February 16, 2017 at 7:06 am | lanka C news
විදුලි බලාගාර ආශ්රිත ප්රදේශයන්ට ප්රමාණවත් වර්ෂාපතනයක් නොලැබීම නිසා ජල විදුලි නිෂ්පාදනය සමස්ථ විදුලි ඉල්ලූමෙන් 11%තෙක් පහත වැටී ඇති බවත් වියලි කාලගුණය තව දුරටත් පැවතුනහොත් ජල විදුලිය නිපදවීම නවතා දැමීමට සිදුවන බවත් ලංකා විදුලි බල මණ්ඩල ඉංජිනේරු සංගමය කියයි.
සංගමයේ සභාපති අතුල වන්නිආරච්චි මහතා පෙන්වා දෙන්නේ මේ වන විට මෙරට සමස්ත විදුලි ඉල්ලුමෙන් 18.6%ක් පුද්ගලික අංශයෙන් මිලට ගන්නා බවත් නොරොච්චෝල බලාගාරයෙන් 50%කුත් ඉතිරිය ඩීසල් බලාගාර තුළිනුත් ලබා ගන්නා බවයි.
මේ තත්වය මත ඉදිරියේදී අඛණ්ඩ විදුලි සැපයුම ගැටළුකාරී විය හැති යයිද ඔහු කියා සිටියේය.
mahinda mathidunta jaya wewa