රටටම හංගන නළු නිලි කොරෝනා පොකුරේ විස්තර මෙන්න.. ‘තණමල්විල කොල්ලෙක්’ 04කටත් කොරෝනා..

November 29, 2020 at 9:20 am | lanka C news
රටටම හංගන නළු නිලි කොරෝනා පොකුරේ විස්තර මෙන්න.. ‘තණමල්විල කොල්ලෙක්’ 04කටත් කොරෝනා..

කොරෝනා දෙවැනි රැල්ල තවමත් පහව ගොස් නොමැත. එය රටපුරා දරුණුවටම හිස ඔසවමින් පවතී. දිනෙන් දින වැඩිවන කොරෝනා රෝගීන් සහ මරණ සංඛ්‍යාව මෙහි අවදානම කොතරම්දැයි ජනතාවට පසක් කර දෙති.

කොතරම් අවදානම් තත්ත්වයක තිබුණත් සමහරු එය ගණන් නොගෙන තමන්ට රිසි සේ වැඩ කටයුතු සිදු කරති. එය ඉතාම අවදානම් තත්ත්වයකි. එලෙස අවදානම් ලෙස වැඩ කටයුතු කර මෙරට නළු නිළියන් කිහිප දෙනකුටද කොරෝනා වසංගතය වැළඳී ඇතැයි විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා සම්බන්ධයෙන් මෙරට පළමු වර නිළියක් ගැන ප‍්‍රසිද්ධ මාධ්‍යයේ කතා බහ කළේ ශලනි තාරකා ගැනයි. ඒ ඇය කණ්ඩායමක් සමග ටෙලි නාට්‍යයක රූගත කිරීම් සඳහා බණ්ඩාරවෙල ප‍්‍රදේශයට ගිය මොහොතේ සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙනි. එහිදී ඇයට ස්වයං නිරෝධායනයට ලක් වීමට සිදු වූවාය.

එම සිද්ධිය එලෙස අවසන් වෙද්දී නැවත වරක් සිංහල සිනමා වංශකතාවේ දුෂ්ටයා ලෙස හැඳින්වූ විල්සන් කරූ ගැන ද මාධ්‍ය ඔස්සේ විශාල ලෙස කතා කරන්නට පටන් ගත්තේය. ඒ කොරෝනා නීතිය කඩකරමින් සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙනි. එහිදී ඔහුට සිදුවූයේ නිරෝධායන නීතිය කඩ කිරීම නිසා නීතියෙන් දඬුවම් විඳීමටයි.

කොරෝනා ගැන නළු නිළියන් සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියේ කතා වුණේ එලෙසින්ය. එහෙත් වර්තමානය වන විට ප‍්‍රසිද්ධ නළු නිළියන් කිහිප දෙනකුට කොවිඞ් වසංගතය වැළඳී ඇති බවත් ඔවුන් එය සමාජයෙන් වසන් කරගෙන සිටින බවටත් තොරතුරු අනාවරණය වේ. පහතින් පෙළ ගැසෙන්නේ ඒ පිළිබඳ සවිස්තරාත්මක විස්තරයකි.

ඔහු ජනප‍්‍රිය තරුණ කලාකරුවෙකි. කලා පවුලකින් පැවත එන ඔහුගේ පියා මව සහ සහෝදර සහෝදරියන් ද නළු නිළියෝ වෙති. රටම හඳුනන මේ කලා පවුලේ වැඩිමහල් දරුවාට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැනගෙන ඇත්තේ පසුගිය සතියේ දිනයකදීය. ඒ රූගත කිරීමක් සිදුකළ අවස්ථාවකදීය.

දැනට විකාශය වන නාට්‍යයක සහ ඉදිරියේදී විකාශය වීමට නියමිත සංගීත ප‍්‍රසංගයක රූගත කිරීම් සහ පුහුණුවීම් සඳහා මෙම ජනප‍්‍රිය තරුණ නළුවා පසුගිය සතියේ දිනක කොළඹින් බැහැර ගොස් තිබුණි. ඒ තවත් නළු නිළියන් සහ එම ක්ෂේත‍්‍රයටම අදාළ පිරිසක් සමගින්ය.

එලෙස ගොස් ඔවුහු දින කිහිපයක් රූගත කිරීම් සහ පුහුණුවීම් සිදු කළහ. ඒ අතරතුර මෙම තරුණ නළුවාට උණ රෝගය වැළඳී තිබුණි. ඔහු සිතුවේ තමන්ට උණ රෝගය වැළඳුණේ පාදයේ ඇති තුවාලය නිසා බවයි. ඒ බව ඔහු අධ්‍යක්ෂවරයා ඇතුළු අන් අයට ද පැවසුවේය.

එහි සිටි අධ්‍යක්ෂවරයා ඇතුළු වගකිව යුතු පිරිස දින එකහමාරක් පමණ එම තරුණ නළුවාට නිවාඩු ලබා දුන්හ. ඒ උණ රෝගය අඩුවෙන තෙක්ය. එහෙත් උණ අඩු වූයේ නැත. එන්න එන්නම එය වැඩි විය. ඒ අනුව එහි සිටි පිරිසට මොහු ගැන යම් සැකයක් මතු වුණි. ඒ මොහුට කොරෝනා රෝගය වැළඳී ඇත්ද යන්න පිළිබඳවයි.

ඒ අනුව අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස වහාම එම තරුණ නළුවාව කොළඹට පිටත් කර එවීමට කටයුතු කළහ. එලෙස පැමිණි තරුණ නළුවා පෞද්ගලික රෝහලකින් පී. සී. ආර්. පරීක්ෂණයක් සිදු කර ගත්තේය.

පැය කිහිපයකින් එහි ප‍්‍රතිඵල ලැබුණි. ඒ ප‍්‍රතිඵල වලට අනුව ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇති බව දැනගත්තේය. ඉන්පසු එම නළුවා තමා සමඟ රූගත කිරීම් සඳහා සහභාගි වූ පිරිසටද ඒ බව දැන්නුවේය. එය දැනගත් එම පිරිස වහාම රූගත කිරීම් සහ පුහුණුවීම් තාවකාලිකව නතර කර දැමූහ.

අධ්‍යක්ෂවරයා ඇතුළු එම පිරිස අදාළ සෞඛ්‍ය නිලධාරීන්ටද ඒ බව දැන්වූහ. ඒ අනුව ඔහුගේ උපදෙස් පරිදි එහි සිටි නළු නිළියන් ඇතුළු සියලූම දෙනාගේ පී. සී. ආර්. පරීක්ෂණ සිදු කළ අතර දින 14ක නිරෝධායනයටද ලක් කෙරුණහ.

තවමත් එම පිරිස රූගත කිරීම් සහ පුහුණුවීම් සඳහා ගිය ප‍්‍රදේශයේ හෝටලයක නිරෝධායනය වෙමින් සිටිති.

කොරෝනා රෝගය වැළඳුන එම තරුණ නළුවාගේ නම දැනගත් පසු මෙරට ජනප‍්‍රිය නළු නිළියෝ රැසක් පී. සී. ආර්. පරීක්ෂණ සිදුකර ගනිමින් ස්වයං නිරෝධායනයේ යෙදී සිටිති.

මෙයට අමතරව පසුගිය දිනවල විකාශනය වූ තණමල්විල කොල්ලෙක් නමැති ජනප‍්‍රිය ටෙලි නාට්‍යයේ රඟපෑ නළු නිළියන් සිව්දෙනෙකුට ද කොරෝනා රෝගය වැළඳී ඇති බවට දැනගන්නට ලැබේ. ඒ සමගම ඔවුන් ඇසුරු කළ පිරිසක්ද කොරෝනා රෝගය වැළඳී ඇතැයි බියෙන් පසු වෙති.

ඉදිරියේදී පෙන්වීමට නියමිත සංගීත වැඩසටහනකට පුහුණුවීම් සඳහා සහභාගි වූ මෙරට ජනප‍්‍රිය තරුණ පෙළේ නර්තන ශිල්පියෙකු ඇතුළු කණ්ඩායමකට ද කොරෝනා වෛරසය වැළඳී ඇති බවට දැනගන්නට ලැබේ. ඒ අනුව එම නර්තන කණ්ඩායම ඇසුරු විවිධ කලා ක්ෂේත‍්‍ර වලට සම්බන්ධ බොහෝ පිරිසක් ද ස්වයං නිරෝධායනයේ යෙදී සිටිති.

දැනට වසර කිහිපයකට පමණ පෙර විවාහ වූ දැනට දියණියක් සිටින මෙරට ජනප‍්‍රියම රංගන ශිල්පිනියකටද කොරෝනා රෝගය වැළඳී තිබේ. ඇයගේ සැමියා ද ජනප‍්‍රිය රංගන ශිල්පියෙකි. දෙදෙනාම පෙර විවාහයන් සිදු කර ගත් අය වෙති. මෙම ජනප‍්‍රිය රංගන ශිල්පියා පසුගිය මහ මැතිවරණයේදී ඡුන්දය ඉල්ලීමටද අපේක්ෂාවෙන් සිටි අයෙකි. එහෙත් කුමන හෝ හේතුවක් නිසා ඔහුට එම අවස්ථාව නොලැබුණි.

තම බිරිඳගෙන් එම ජනප‍්‍රිය රංගන ශිල්පියාට කොරෝනා රෝගය වැළඳී නොතිබුණත් ඔහු ද නිරෝධායනයේ යෙදී සිටී.

දැනට කොරෝනා රෝගය වැළඳී ඇති නළු නිළියන් ඇසුරු කළ මෙරට ජනප‍්‍රිය ගායක ගායිකා පිරිසක් ද නිරෝධායනයේ යෙදී සිටින බවට ආරංචි වේ. ඒ සමඟම කොරෝනා රෝගය වැළඳුණු නළුවකු සමග රූගත කිරීම්වලට සහභාගි වූ පාසල් ළමුන් දෙදෙනකුද නිරෝධායනයේ යෙදී සිටිති. ඒ තෙල්දෙණිය ප‍්‍රදේශයේ සිසුන් දෙදෙනෙකි. එම රූගත කිරීම් කර තිබුණේ ද එම ප‍්‍රදේශය තුළයි.

නළු නිළියන්ටත් කොරෝනා රෝගය වැලඳීම නිසා එම ක්ෂේත‍්‍රය තුළ ගැටලූ රැසක් පැන නැගී තිබේ. ඒ අනුව දැනට විකාශනය වෙමින් තිබූ ටෙලිනාට්‍ය තුනක්ද තාවකාලිකව නතර කර තිබේ. එයට අමතරව ඉදිරියේ දී පැවැත්වීමට තිබූ සංගීත සංදර්ශනයක්ද දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

නළු නිළියෝද මනුෂ්‍යයෝ වෙති. එහෙත් පුදුමය වන්නේ කොරෝනා රෝගය වැළඳුන මෙම පිරිස් සමාජයෙන් වහන් කිරීමට සමහර පිරිස් උත්සාහ ගන්නේ ඇයි ද යන්නයි.

– divaina

348,064 views

12 Comments to “රටටම හංගන නළු නිලි කොරෝනා පොකුරේ විස්තර මෙන්න.. ‘තණමල්විල කොල්ලෙක්’ 04කටත් කොරෝනා..”

  1. Nalu Batta says:

    Nalu – Niliyoda rogiyo wethi!

    • Corona_pawu says:

      කොරෝන රෝගය සමාජ රෝගයක් නොවේ,ඔබටත් මටත්,ඔබේ අම්මටත් ,තාතටත් හෙට බෝ විය හැක , නොදකින් පත්තර ලියන්නලගේ භාෂා , අදහස් හැසිරවිල්ල.
      ඔය media කාරයෝ , බෝතලේට බයිට් ,සිකරට් ,සල්ලි වලට තම ජීවිතය අනුන්ගේ ජිවිත උගස් තියන එක දන්නේ අපි.
      දවසක් news එකෙක් දාගන්න ඕනේ කියලා කෙනෙක්ට කිඋවම රපියල් 50,000වියදන් කරොත් පුළුවන් කිඋවා.දවසක් මේ media කාරයන්ට එන්නේ කියලා එක ආයතනයක් product එළිදක්විමකට , අපිත් ගිහිල්ලා හිටියා එක cocktail එකක් , යකෝ මුන්ගේ පෙරේත කම දැක්කේ එදයි, එනකොටම අහගෙන එන්නේ කන්න බොන්න තියනවා නේද කියලා.ඔන්න ඕවා video කරලා media දැම්මනම්, මුන්ගේ පජාත කම මිනුස්සුන්ට තේරේවි.
      මේ පැත්තේ media කාරයෙක් කොරෝනා කාලේ බත් පැකට් 5ක් දීලා පත්තරේ දාගෙන තිබ්බේ බත් පැකට් ගෝනියක් දුන්නා වාගේ.
      පාතාලේ අසික්කිත මිනි මරුවෙක්ට මුන් කියන්නේ, මහා මොලකරු කියලා, මේ media කාරයෝ සේරම එකයි. media කාරයෝ කිහිප දෙනෙකුට කොරෝනා හැදිලා තිබ්බා, ඒවා වහනවා කියන්නේ නැහැ.උගේ නාලිකා කැමරාව උන්ගේ කොරෝනා හැදුනු අයට අල්ලන්නේ නැහැ.අර අහිංසක මිනිසුන්ව ,ඒ අයගේ චරිතය නැතිකරනවා කැමරාව අල්ලලා ,හරියට සමාජ රෝගයක් හදාගත්තා වාගේ. කාලකන්නි media කරයෝ ඔහොම්මම තමයි.

      • senanayake says:

        exactly. media people always mislead the public for their own good. what we see in media is not the truth by any means. teledrama people are responsible for this cultural and social downfall and decay in the society.we are heading for a very dangerous situation.

  2. පොට්ටු වේ පඩිතකා ලියමි says:

    හිරට ඉකාවෙලා..
    විලිලජ්ජාවේ සන්තෝසෙ බැරුවා..

  3. ක්‍රිමිනල් says:

    ඔව්වා මොනාද බ්‍රෝ ! බ්‍රැන්ඩික්ස් පොකුර යටගහපු අපිට මේ පොකුරත් යටගහන එක කජ්ජක් නෙමේ. සිරිසේන මහත්තයා හිටියනං අඩුම ගානේ පත්තෙරෙන් හරි කියොලා කොමිසක හරි දාලා ,එත් මේ උත්තමය කෝමා තත්වයට පත් වෙලා වගේ.

  4. Ari says:

    මේක ලියපු එකාත් ඒ වැඩේම කරල කියනව “එහෙත් පුදුමය වන්නේ කොරෝනා රෝගය වැළඳුන මෙම පිරිස් සමාජයෙන් වහන් කිරීමට සමහර පිරිස් උත්සාහ ගන්නේ ඇයි ද යන්නයි” කියල

    • පොඩි එකා says:

      ඒක නෙ.
      මේකා වත් උංගෙ නං ගං කීවා යැ
      අනුන්ට කියනව හංගනවා කියලා

  5. Sam says:

    ජැක්සන්ගේ පවුලේ බොහෝ දෙනෙකුට කොරෝනා .නමුත් ගයන් වික්‍රමසිංහ නියම මහත්මයෙක් වගේ තම බිරිද චතුරිකාට කොරානා වැලදී ඇතිබව ප්‍රසිද්දියේ කීව්වා .අනෙක් උන්ගේ පඩ ශෝ විතරයි .ලෙලෙඩ හැදෙන්නේ මනුස්සයින්ට .මේක ලැජ්ජා විය යුතු කරුනක් නොවේ .මෙය සගවීමෙන් වන්නේ තව තවත් මනුස්සයින්ට රෝගය බෝකරන එක . .මේවාට වග කියන්න ඕනේ ජනමාද්‍ය .ජනමාද්‍ය කරන්නේ මේ නලු බට්ටන්ට බට්ටියන්ට කඩේ යන එක .

  6. Love nature says:

    කුමන නැටුම් කෙලි කවට සිනාදා.

  7. damian says:

    නළුවන්ට කොරෝනා වැළඳුනාට කමක් නෑ නිළියන්ට වැළෙඳෙන්නේ නැතුව​.

  8. Teetol says:

    Why so called writers hide names of actors. If it were poor ordinary people they will find and publish grandparents names also

  9. Teledrama epa says:

    Munta hedennama one. Mun ragapanne corona nati lokeka wage. Gedarin pita darshana karaddi mask na. Athathwikai. Samajeta weradi paniwidayak enne

Main News