රටට අසාධාරණයක් කරන ඔ්නෑම ජාත්‍යන්තර සංවිධානයකින් අප ඉවත් වෙනවා..- ජනපති ලෝකයටම දැනුම් දෙයි..

May 20, 2020 at 12:02 am | lanka C news
රටට අසාධාරණයක් කරන ඔ්නෑම ජාත්‍යන්තර සංවිධානයකින් අප ඉවත් වෙනවා..- ජනපති ලෝකයටම දැනුම් දෙයි..

රට වෙනුවෙන් අසීමිත කැපකිරීම් කළ රණවිරුවන් අනවශ්‍ය පීඩනයට පත් කිරීමට තමා කිසිවිටෙකත් ඉඩ නොදෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

රටට අසාධාරණයක් වන අයුරින් යම් ජාත්‍යන්තර ආයතනයක් හෝ සංවිධානයක් දිගින් දිගටම කටයුතු කරන්නේ නම් එම ආයතනයේ හෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ශ්‍රී ලංකාව ඉවත් කර ගැනීමට කිසිවිටෙකත් පසුබට නොවන බව ද ජනාධිපතිතුමා අවධාරණය කරයි.

බත්තරමුල්ල පාර්ලිමේන්තු සංකීර්ණය අසළ රණවිරු ස්මාරකය අභියස 19 පස්වරුවේ පැවති ජාතික රණවිරු සැමරුම් උළෙල අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා එසේ කියා සිටියේය.

ත්‍රස්තවාදය පරදවා වසර 11ක් සම්පූර්ණවීම නිමිත්තෙන් විරෝදාර රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පිළිගන්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සැමරුම් උළෙල අභිමානවත්ව පැවැත්විණි.

ජිවිත පරිත්‍යාගයෙන් රැකගත් රට සියලු පුරවැසියන්ට සාමයෙන් සතුටින් හා අභිමානයෙන් ජීවත්විය හැකි සෞභාග්‍යමත් දේශයක් බවට පත් කිරීමට උපරිමයෙන් ක්‍රියා කිරීම රණවිරුවන්ට කළ හැකි ඉහළම ගෞරවය බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

රණවිරු සේවා අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් නන්දන සේනාධීර මහතා පිළිගැනීමේ කතාව කළේය.

ජනාධිපතිතුමා, අගමැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, ත්‍රිවිධ හමුදාපතිවරු ඇතුළු පිරිස රණවිරු ස්මාරකය වෙත පුෂ්පෝපහාර දැක්වූ අතර ගුවනින් පුෂ්පෝපහාර දැක්වීම ද සිදු විය.

සමස්ත සැමරුම් උළෙල සෞඛ්‍ය අමාත්‍යාංශ උපදෙස් පිළිපදිමින් සිදු කරනු ලැබීය.

සියම් නිකායේ මල්වතු, අස්ගිරි දෙපාර්ශ්වය ඇතුළු ත්‍රෛනිකාය නියෝජනය කරමින් මහා සංඝරත්නය, කාදිනල් හිමිපාණන් හා සෙසු ආගමික පූජකයන්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කැබිනට් අමාත්‍යවරු, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ප්‍රධාන ත්‍රිවිධ හමුදාපතිවරු, හිටපු නාවික සහ ගුවන් හමුදාපතිවරු, වැඩබලන පොලිස්පති, සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානි ඇතුළු රණවිරුවෝ සහ රණවිරුවන් දෙමාපියෝ, බිරින්දෑවරු සහ දූදරුවෝ උත්සවයට එක්ව සිටියහ.

මොහාන් කරුණාරත්න
නියෝජ්‍ය අධ්‍යක්ෂ
ජනාධිපති මාධ්‍ය අංශය

262 views

46 Comments to “රටට අසාධාරණයක් කරන ඔ්නෑම ජාත්‍යන්තර සංවිධානයකින් අප ඉවත් වෙනවා..- ජනපති ලෝකයටම දැනුම් දෙයි..”

  1. අක්බාර් ලොක්කා says:

    ජයවේවා !

    • SPECTATORS says:

      The people and the politicians must understand that imminent danger
      and threat what Kalana points out and should take immediate measures to avert such a situation.Otherwise,in an another fifteen or twenty years time, the Sinhala race becoming
      a minority in their own motherland would be inevitable .

  2. saman.D says:

    why u and u r brother all are travelling Benz car??? why Dont u travel japanese Toyota ho chinese cars???
    suddange cars thamai haiiyai a nisa dha??? Italy cars german cars England cars thamai strongest cars thatswhy no ??? hereafter Dont travel any europeon cars , travel stupid chinese papadam cars…ok

  3. Parakum says:

    WALK the TALK!

Main News