රටට ඇතිවෙන්න අපේම රටේ කඩදාසි වාලච්වේන කර්මාන්ත ශාලාවේ නිපදවීම අරඹයි..

May 31, 2020 at 8:02 am | lanka C news
රටට ඇතිවෙන්න අපේම රටේ කඩදාසි වාලච්වේන කර්මාන්ත ශාලාවේ නිපදවීම අරඹයි..

වාලච්චේන පිහිටි ජාතික කඩදාසි සමාගම මගින් නිපදවන කඩදාසි මෙරට සිසු දරුවන් සහ රාජ්‍ය සේවකයන් පරිහරණය කරන දිනය වැඩි ඈතක නොවන බව කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

30 දිනයේ වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාවේ ප‍්‍රධාන කඩදාසි නිෂ්පාදන යන්ත‍්‍රය පණගන්වා එමගින් ‘පරීක්ෂණ කඩදාසි නිෂ්පාදනය ’ එළිදැක්වීම නිරීක්ෂණයෙන් අනතුරුව ඒ මහතා මාධ්‍ය හමුවකට එකිවෙමින් මෙසේ පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා මෙසේද සදහන් කළේය.

‘1956 දී නැගෙනහිර ජර්මනියේ පරිත්‍යාගයක් ලෙස ලැබුණු මෙරට අමිල ජාතික සම්පතක් වූ ජාතික කඩදාසි සංස්ථාව මීට ඉහත දී ඉතා අවාසනාවන්ත ලෙස වැසී යාමට සලස්වා තිබුණා. ඒ වගේම පසුගිය ආණ්ඩුවේ කර්මාන්ත අමාත්‍යවරයා වූ රිෂාඞ් බදියුදීන් කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් කරමින් මෙම ජාතික සම්පත ඈවර කිරීමට කටයුතු යොදා තිබුණා. එමගින් මෙම කඩදාසි කර්මාන්ත ශාලාව සතු යන්ත‍්‍ර සූත‍්‍ර අබලි ද්‍රව්‍ය ලෙස සලකා යකඩ වශයෙන් විකුණා දැමීමටත් ඉඩකඩ ලබා ගෙන තිබුණා.

එවැනි තත්වයක් යටතේ තිබුණු මෙම කර්මාන්ත ශාලාවට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය අනුව යමින් යළි පණ දිය යුතු බව අප තීරණය කරනු ලැබුවා. අපි මේ වසරේ ජනවාරි 15 වැනිදා පළමුවරට මෙම කර්මාන්ත ශාලාව නිරීක්ෂණයට පැමිණි අවස්ථාවේ ඊට යළි පණ දිය හැකි යැයි සිතෙන තත්වයක් තිබුණේ නැහැ. නමුත් අපි ජාතික කඩදාසි සමාගමට පත් කරනු ලැබූ සභාපතිවරයා වූ විමල් රූපසිංහ මහතා ඇතුඵ අධ්‍යක්ෂ මණ්ඩලයේත්, දේශීය හා විදේශීය ඉංජිනේරුවන් කිිහිප දෙනෙකුගේත්, නාවික හමුදාවේ ඉංජිනේරු බලකායේ හා යුද හමුදාවේත් සුවිශාල දායකත්වය සමග අද වන විට මෙම කර්මාන්ත ශාලාවේ කඩදාසි නිපදවන ප‍්‍රධාන යන්ත‍්‍රය යළි පණ ගැන්වීමට හා එමගින් පරීක්ෂණ මට්ටමින් කඩදාසි නිෂ්පාදනය කිරීමටත් හැකියාව ලැබී තිබෙනවා. යන්ත‍්‍රයේ පවතින ඉතා සුඵ අඩුපාඩුකම් මග හරවා ගනිමින් 60 – 200 ජී එස් එම් අගයන්ගෙන් යුත් වාණිජ මට්ටමේ කඩදාසි හා බෝඞ් නිෂ්පාදනය කිරීමට අපට නුදුරේම හැකියාව ලැබේවි.

මහ මැතිවරණයෙන් පසුව එම ප‍්‍රධාන යන්ත‍්‍රය පමණක් නොවෙයි අනෙක් කඩදාසි නිෂ්පාදන යන්ත‍්‍රය ද පණ ගන්වා ගෙන මෙම කර්මාන්ත ශාලාව විවෘත කොට එමගින් පෙර පරිදි දේශීය වශයෙන් මෙම කර්මාන්ත ශාලාව නිපදවූ ‘ෆයිල් කවරය’ හා ‘ෆුල්ස්කැප් කොළය’ යළි මේ රටේ ජනතාව අතට පත් කිරීමට හැකිවේවි, කියන විශ්වාසය අපට තිබෙනවා.

ඒ වගේම මෙම කර්මාන්ත ශාලා පරිශ‍්‍රය සතු අක්කර 500ක භූම්භාගය බහුවිද සංවර්ධන ව්‍යාපෘති සහිතව සංවර්ධනය කිරීමට අදාළ කැබිනට් පත‍්‍රිකාවක් ද අප ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව මහා භාණ්ඩාගාරයේ ඇපයක් සහිතව බැංකු මගින් ඉදිරියේදී රුපියල් මිලියන 800ක ණය මුදලක් මෙම ආයතනයට ලැබේවි. ඒ බහුවිද සංවර්ධන ව්‍යාපෘති ද ඇතුළත්ව සිදු කෙරෙන කටයුතු සමග අපට ඉදිරි වසර කිහිපය තුළ ජාතික කඩදාසි සමාගම ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට හැකි බවට වන විශ්වාසයක් ද අප සතුයි.

එසේම සූර්ය බලශක්ති පැනල මගින් මෙම කර්මාන්ත ශාලාවට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද දැන් සැලසුම් කරමින් තිබෙනවා.

ඒ නිසා අපි ඉතාමත් විශ්වාසයෙන් කියනවා, ‘මර නින්දකට වැටි තිබුණු වාලච්චේන කඩදාසි කර්මාන්ත ශාලාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ සහ මහින්ද රාජපක්ෂ අගමැතිතුමන්ගේ හා වත්මන් ආණ්ඩුවේ බලාපොරොත්තු ඉටු කරමින් නැවත පණ ගැන්වෙන දිනය වැඩි ඈතක නොවෙයි’ කියා. ඒ වගේම මෙම කඩදාසි කර්මාන්ත ශාලාවේ නිපදවන කඩදාසි පරිහරණය කරන්න අපේ රටේ දරුවන්ට හා රාජ්‍ය සේවයට ලැබෙන දිනයත් වැඩි ඈතක නොවෙයි. මර නින්දකට වැටී තිබූ මේ දැවැන්ත යන්ත‍්‍රය අද පණ ගැන්විලා තිබෙනවා, පමණක් නොවෙයි එමගින් කඩදාසි නිපදවෙමින් තිබෙන බව නිරීක්ෂණය කිරීමට අද අපට ලැබුණා. ඒ නිසා ඉදිරි ඉලක්ක ඉතා පැහැදිලිව අපට ජය ගත හැකියි.”

මෙම මාධ්‍ය හමුවට ජාතික කඩදාසි සමාගමේ සභාපති, විමල් රූපසිංහ, අමාත්‍ය උපදේශක සුදේශ් නන්දසිරි, අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකා රුවනි සේනාරත්න, නාවික හමුදා ලූතිනන් ප‍්‍රියංක ජයසිරි යන මහත්ම මහත්මීහඅ ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්

22,196 Viewers

30 Comments to “රටට ඇතිවෙන්න අපේම රටේ කඩදාසි වාලච්වේන කර්මාන්ත ශාලාවේ නිපදවීම අරඹයි..”

  1. Niru says:

    Way to go brother
    We need to make all the sugar, edible oil salt etc and as many pulses as possible ourselves.
    Allow for all undergraduate education here in Sri Lanka and save foreign exchange. For this JVP has to be removed from the sphere of influence from the universities
    These are few things urgently required

    • Dinesh🔔🔔 says:

      ජනපති රටට විහිළු සපයන එකේ සීමාවක් තියෙන්න ඕන. කඩදාසි නම් හදන්න පුළුවන් හැබයි ලංකාවේ ගස් ඔක්කොම කපන්න වෙයි රටටම හදන්න ගියොත්. ඔක්කෝටම කලින් කඩදාසි ප්ලාස්ටික් වගේ දේවල් ප්‍රතිචක්‍රීකරණය කරන වැඩ පටන් ගන්න. මේකේ කොමෙන්ට් දාන බහුතර ය මොලේ නැති හරක් උනාට..ඉඳලා හිටලා මොලේ තියන එකෙක් කොමෙන්ට් දානවා.

      • මොළයක් නැති මිනිස්සුන්ට විහිළුවක් වුනාට මේ රටේ ඔළුවක් තියෙන මිනිස්සු දන්නව කඩදාසි හදන්න මෙහෙ ගස් ගන්නෙ නෑ පිටරටින් හා මෙරටින් එකතුකරගන්න පරණ කඩදාසි ප්‍රතිචක්‍රීකරණය කරල ගන්නෙ කියල. හැබැයි මොළේ මැටිගොඩක් තියෙන මේක යකඩ වලට විකුණනගෙන කන්න හදපු අය නම් දන්නෙ නෑ

        • දිනේෂ් says:

          කෝපි පොතක් ලංකාවේ කඩදාසි වලින් හැදුවම දැන් මිල වගේ දෙගුණයකට ත් වැඩියි. දැන් බලපන් කාටද මොලේ නැත්තේ කියල.

          • RAW Agent says:

            හරි මචං
            අවුලක් නෑ එහෙනං දිගටම චීනෙන්ම ගෙන්නමු
            වුවමනා කරන විදේශ විනිමය ටික උඹලගෙ අප්පච්චිගෙ ගිණුමෙන්
            ගන්න පුළුවන් නේ

          • කුරින් හකුළා .. says:

            දිනේෂ්
            උබ පව් බං.. O Level වලටවත් Econ ඉගෙන ගත්තේ නැද්ද? ඔය නිකම් comments කොට කොට ඉන්න වෙලාවේ අඩුම ගානේ මෙන්න මේක වත් හොයල “multiplier–accelerator model” බලපන්කෝ . මේ වගේ investment ගැන මොනවා හරි දෙයක් ටිකක් හරි ඉගෙන ගන්න ලැබෙයි.

        • Udara says:

          එකල මේ කම්හලේ නිෂ්පාදනයට ගත්තේ වී ගොවිතැනින් ඉවත ලන පිදුරු
          පිදුරු ආහාරයට ගන්න අය රටේම ගස් කපන්න වෙතැයි කීම පුදුමයක් ද නොවේ

      • Fernando says:

        Our manufacturing cost is much higher than importing from India.Other thing is strikes……

        • sajiya says:

          ane palayan dinesh.

        • Elephant-Bell says:

          Fernando says:
          May 31, 2020 at 9:42 am
          Our manufacturing cost is much higher than importing from India.Other thing is strikes……

          Reply: True, but still the factory indirectly benefits Sri Lanka. If you take into account the factors such as, employment provided, foreign exchange saved, environmental benefits by recycling-which again creates indirect employment, and the technology learned, the plus side is huge compared to minus side. The greatest positive is the pride of being able to use a paper “Made in Sri Lanka”.

      • කුරීන් හකුළා says:

        ඔව් ඉදල හිටලා මොලේ තියෙන උන් comments දානවා. අනේ උබේ මොළේ , දාපන් ඇලේ . අයි බන් ලංකාවේ ගස් ඔක්කොම කපන්න වෙන්නේ. උබ බදුර්දීන්ගේ නෑයෙක්ද? මේ factory එක වාලච්චේනේ establish කරන්න හේතුව තමයි ඒ අවට ඕන තරම් පිදුරු තියනවා (availability of Rice straw as raw material). මොලේ නැති එවුන් පිදුරු ටික වෙන දෙයකට ගත්තොත් තමයි case එක.

      • කුරීන් හකුළා says:

        ඔව් ඉදල හිටලා මොලේ තියෙන උන් comments දානවා. අනේ උබේ මොළේ , දාපන් ඇලේ . ඇයි බන් ලංකාවේ ගස් ඔක්කොම කපන්න වෙන්නේ. උබ බදුර්දීන්ගේ නෑයෙක්ද? මේ factory එක වාලච්චේනේ establish කරන්න හේතුව තමයි ඒ අවට ඕන තරම් පිදුරු තියනවා. මොලේ නැ ති එවුන් පිදුරු ටික වෙන දෙයකට ගත්තොත් තමයි case එක.

        මොලේ ඇතිව ලියන්න කලින් පොඩ්ඩක් පොත පත කියවල ඉන්න please.

      • Kabara says:

        Oya nodanna dewal meke comment karanna epa. Valachchena thiyenne paper recycle mill ekak. parana gazzet ekak thiyenawa rajaye ayathanawala iwatha damana siyaluma kadadasi paper mill ekata baradenna kiyala. Ehema gena kadadasi gabada karapu railway yard eka thawama me factory eke thiyenawa.

        • කුරින් හකුළා .. says:

          කබර.
          ඔයා ගොඩක් දන්නවා ඇති. හැබැයි මම නොදන්නා දේවල් කියනවා කියල ඔයා කියන්නේ කොහොමද? මම ඉස්සර වාලච්චේන අවට ජිවත් උනු කෙනෙක් විදියට හොදටම දන්නවා ඉස්සර ගොවියෝ මුදල් හෙව්වා පිදුරු ටික කඩදාසි කම්හලට විකුණලා.
          අනෙක් එක ඔයාට වෙලාවක් හිබුනොත් පහත report එක හොයාගෙන බලන්න.

          Natural products for Sri Lanka’s future : report of a workshop held on 2-6 June 1975, Colombo, Sri Lanka

          ඔයා කියන එකේ ඇත්තක් ඇති. එත් එකේ අතුරු ප්‍රථිපලයක් විදියට එහෙ ජලය දුෂණය වෙනවා කියල හදපු (2002 විතර විකී ගේ ආණ්ඩුව කලේ) report එකක් හැදුවා. ආසන්නම හේතුව හිතාගන්න පුළුවන් වෙයි මම හිතන්නේ.

          ඔව්, ඉවතලන කඩදාසිත් පාවිච්චි කරන්න පුළුවන් නම් හොදයි. වරදක් නෑනේ.

          • Kabara says:

            Kurine Hakula, mama oyata nemei comment kale ara Dinesh kiyana mole thiyenawa kiyala hithan inna kenata. oya kiyana piduruwalin thamai meke muladi kadadasi haduwe. namuth e mill eka iwath karala thiyenne meeta bohoma issara kaleka. dan e building ekawath ethana naha.

      • Rohan says:

        Manna Pongalaya. Rangojaala. wage unwa back side karala Hiruni… wage wetta paasiyo wadaapu.
        Dinesh wage Gunjvp harakunta koheda molayak thiyenne.
        Saji.. gawayage gawa muthraawalin pakanil diyakarala bona gaman mulu ratatama kelinawa.

  2. RW says:

    Good if this plant can be revived . But , most political statements are limited to words .

  3. Bayya says:

    very good.
    pls restart Other factories like Kanthala sugar,Wane,Tyre and many factories which are not running.
    great work minister.
    This is what we expected .

  4. SL says:

    Good move.This factory must run with its own income,not like CTB,CEB,CPC,CRG,etc..Taxes on paper imports shall go up!

  5. දියරකුස් says:

    හොද වැඩක්.නමුත් ටික කාලයක් යද්දි වෙන්නෙ දේශපාලකයින්ගේ හෙන්චයියන්ට පිං පඩි රැකියා ලබාදී ආදායමට වඩා නඩත්තුවට යන වියදම වැඩි වීමයි.දුම්‍ රිය සේවයට වී ඇත්තේද මෙයමයි.සුදුසුම ක්‍රමය වන්නේ කර්මාන්ත ශාලාව සාදා පෞද්ගලික අංශයට බදු දීමයි.

  6. Mala says:

    අමුද්‍රව්‍ය කොහොමද ? රටට හිතකර විදියට ඒ ගැනත් හිතන්න වෙයි.

  7. Maulavi says:

    රිශාඩ් ඌරා ලංකාවට මහා නස්පැත්තියක්. සිංහල මෝඩ නායකයෝ රිසාඩ් ඌරට ආයතන 40 වැඩිය දිලා තිබුනා.

  8. sisira says:

    mehi sampurna garutwaya wimal werawansa metidunta himiwiya utuyi…jatiyata nawa balaporottu laba dena obatuma digukal dinewa..

  9. Liyanage says:

    The country and the people are extremely grateful to Minister Wimal weerawansa and he is a type of person who has a great vision about the country. Thank you Sir.

    • The Citizens says:

      A very good ,wise move.Under this current global disaster,people have realised the importance of getting self sufficient in our food crops only,but also recommence our industries which were closed down or sold to private sector ,due to 1977 open economy policy,like Steel corporation,State Hardware corporation,Tyre corporation, Paddy board ,National textilescorpiration etc.

  10. john the baptice says:

    සිරිසේන රනිල් වසර හතරා මාරක් ඉදගෙන මොනවාද රටට කෙරුවේ මුන් ලැජ්ජා වෙන්න ඕනේ.

  11. Abba says:

    As a start, a good job

  12. අපේ රට says:

    මෙහී කියවෙන අදහස් දෙස බැලිමේදි පෙනෙන්නේ වසර 27 වහල තිබිල අබිලි විදියට විකුනන් කන්න තිබිණ තැනක් නැවත ගොඩගැනිමට යාමේදි, නින්දෙන් අවදිව නගන විලාපයක් ලෙසයි.මම පාසැල් ගියකාලේ අපි පරිහරණය කලේ වාලච්චෙනියෙන් ආපු අභ්‍යාස පොත්,ඒකාලෙ ගමක් ගමක් ගානෙ පරණ කඩදාසි එකතුකරපු අය සියල්ල “වාලච්චෙනි” යැවිවා. “නැගෙණහිරින්” පිදුර ගත්තා. මේ අතිත නොදන්න අයට දැනගන්න. සැමදෙයක්ම විවේචනයම නොකර හොඳ දේ අගය කමු .වැරැද්ද පෙන්නමු. ලංකාවටම අවශ්‍ය “එතනෝල්” දැන් ලංකාව තිලින්ම ලැබෙනවා “සිනි” ටිකත් හදාගත්තහම දිනන්නෙ අපේ රටම නිසා හිතවත පලදායි දේ අහයමු.

    • The Citizens says:

      If unnecessary wastage of money is minimised and corruption is eliminated ,those state sector corporations can run at a profit , under able management and be an asset to the country. These corporations should not be over crowded with employees. The politicians should
      not try to make use of these institutions to solve the unemployment problem of their party people . The people can see the adverse effects of giving every thing to private sector ,when we look at the way private bus services provide services to the people , in comparison to C. T.B. bus services. After 7.30pm or so ,these profit_ oriented private buses are hardly seen on the roads.