රටට කන්න බොන්න නැති කරනවා.. අපි වරාය වහනවා..- වරාය වෘත්තීය සමිති සභාපති

August 2, 2020 at 3:22 am | lanka C news
රටට කන්න බොන්න නැති කරනවා.. අපි වරාය වහනවා..- වරාය වෘත්තීය සමිති සභාපති

කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය විකුණා දමන්නේ නැති බවට ලිඛිත සහතිකයක් අවශ්‍ය බව කොළඹ වරාය ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය සභාපති ප්‍රසන්න කළුතරගේ මහතා සඳහන් කරයි.

එවන් ප්‍රතිඥාවක් නොමැතිව මෙම වැඩවර්ජනය කිසිසේත්ම අවසන් නොකරන බව ඔහු සඳහන් කළේය.

ඉදිරි දින කිහිපයේදී රටට කෑම බීම පවා නැති වනු ඇති බවද පැවසූ ඔහු එයට වගකීම පාර ගැනීමට තම සංගමය සූදානම් නැති බවද කියා සිටියේය.

රජයේ බලධාරීන් සමග මේ සම්බන්ධයෙන් පැවති සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔවුහු මේ බව කියා සිටියේ වරාය පරිශ‍්‍රයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

289 views

38 Comments to “රටට කන්න බොන්න නැති කරනවා.. අපි වරාය වහනවා..- වරාය වෘත්තීය සමිති සභාපති”

  1. Aurora says:

    ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය රටේ මිනිස්සුන්ට කෑම නැතිකරලා ආණ්ඩුවට දන්නන්න හදන්නේ සිරිසේනගේ උපදෙස් විධියටද? සිරිසේන ජනාධිපතිකම නැතිවෙන්න ඉස්සරවෙලා ගලගොඩඅත්තේ හිමි එලියට ගත්තේ මේවගේ අවශ්‍ය වෙලාවක යොදාගන්නද? යහපාලන ආණ්ඩුව ඉන්දියාව සමඟ ගිවිසුම අත්සන් කළේ 2019 නොවම්බරේ පත්වෙන ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුවට ගිණිබෝලයක් දෙනවා කියන අනාගත අරමුණක් ඇතිවද? මේ මැතිවරණ වෙලාවේ ප්‍රශ්නේ ඉස්සරහට අරං රට lock down කරන්න යන්නේ යහපාලන කණ්ඩායමට අනිසි උදව්වක් විධියටද? මේ සියළු ප්‍රශ්න සාමාන්‍ය පුරවැසියන් වන අපට තියනවා. ඊළඟට යහපලකයෝ කොළඹ වරායේ සහ හම්බන්තොට වරායන් පිටරටට දෙනකොට නිදාගෙන හිටියෙත් මේ සැලසුමේ කොටසක් විධියටද?

  2. 77 UNP says:

    සිංගප්පුරුව සංවර්ධන සැලසුම ආරම්භකරන මොහොතේ සිංගප්පුරු ගුවන්සේවය මේවගේම මහා වැඩවර්ජනයක් ආරම්භකලා. ඒ වෙලාවේ ලී ක්වාන් යූ අරගත් පියවර ඉතාමත් වැදගත් රටක් ගොඩගන්න. රටක තීරණ ගතයුත්තේ ජනතා පරමාධිපත්‍යයෙන් පත්වුණ ආණ්ඩු මිසක් යටි අරමුණු ඇතුව ක්‍රියාත්මකවන වෘතීය සමිති නොවේ. අනික එක ප්‍රතිපත්තියක ඉන්නේ නැතිව ආණ්ඩු ජාත්‍යන්තර ගිවිසුම් කඩකරණ තැනකට තල්ලුකරන්නේ මේ රටත් උතුරු කොරියාව වගේ ලෝකෙන් කොන්කර තමන්ගේ ස්වාමින්ට ආණ්ඩුවට බලපෑම් කරන්න ඉඩ හදල දෙන්නයි. වරාය වෘතීය සමිති ඉස්සරවෙලාම යහපලකයෝ කොළඹ වරායේ සහ හම්බන්තොට වරායන් පිලිබඳ ගිවිසුම් අත්සන් කරනකොට බුදියගෙන හිටියේ ඇයි කියන ප්‍රශ්නෙට උත්තර දිය යුතුයි.

  3. sana says:

    wadata pala utto…