රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

February 14, 2022 at 5:30 pm | lanka C news
රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…

වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

රටට කිසිදු ප්‍රතිලාභයක් නොවන ලෙස කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට පැවරීම

මුල් වසර 10ක් තුළ 85%ක ප්‍රතිලාභ විදේශීය සමාගමකට හිමිවන පරිදි 30ස් වසරක ගිවිසුමකට එළැඹීමට මේ ආණ්ඩුව සැරසෙයි. මේ ගිවිසුම තුළ කිසිදු වාසියක් රටට අත් පත් නොවේ. සීනි ඒකාධිකාරයක් නම් බිහිවනු ඇති.

මූලික ගැටළු කීපයක්,

1. කර්මාන්තශාලාව පමණක් නොව වගා බිම්ද සමාගමට පවරා දෙන බැවින් දේශීය උක් වහා කරුවා හට මෙයින් කිසිදු ප්‍රතිලාභයක් අත් නොවීම.
2. පැහැදිළි නියාමනයක් නොමැතිව පිරිපහදු නොකළ සීනි ගෙන්වා පිරිසිදු කිරීම සහ ප්‍රති අපනයනය කිරීම සඳහා ගිවිසුම් ගතවීමත් හේතුවෙන්, සමාගමේ ලාභය ඉදිරි වසර 30 දක්වාම සඟවා තම මවු සමාගම් වෙත යැවීමේ අවකාශ උදාකොට දී තිබේ. එහෙයින් රජයට ගිවිසුමේ සඳහන් සුළු ලාභ ප්‍රතිශතයද හිමිවේ යැයි බලා පොරොත්තු විය නොහැකිය.
3. සීනි නිෂ්පාදනය, ආනයනය සහ ප්‍රතිඅපනයනය සියල්ලම එක් සමාගමකට හිමිවනසේ මෙන්ම පැහැදිලි කොන්දේසි විරහිතව එළඹෙන මේ ගිවිසුම හරහා සීනි වෙළඳපලේ ඒකාධිකාරය එම විදෙස් සමාගමට හිමි වනු ඇත.

මෙලෙසම අතීතයේදීද පැවති රජයන් විසින් රටේ ප්‍රධානම වෙළඳ ක්ෂේත්‍රයන් විවිධ විදේශීය සමාගම් වෙත ඒකාධිකාරයක් බිහිවන ලෙස පවරාදීම් සිදු කොට තිබේ. ශ්‍රී ලංකාවේ තිරිඟු පිටි නිෂ්පාදනය විදේශීය සමාගම්වලට පවරා අද වනවිට ශ්‍රීලංකාවට කිසිදු ප්‍රතිලාභයක් නොමැතිව ඒ වෙනුවට සැලකිය යුතු අලාභයක් වන තැනට පත්ව තිබීම එයින් එක් ප්‍රභල උදාහරණයකි. සීනි වෙළඳපලද අනාගතයේ එවන් තත්වයකට පත් කරනුයේ එදාමෙන්ම යම් පිරිසකගේ පුද්ගලික ප්‍රතිලාභයක් පිණිසම යැයි සිතිය හැක්කේ මේ ආයෝජනය තුළින් රටට හෝ රජයට ප්‍රතිලාභයක් හිමි කර ගැනීමට කිසිදු තැතක් නොගෙන, විදේශීය සමාගමට පමණක් ප්‍රතිලාභ අත්වන පරිදි කටයුතු යෙදීමෙනි.

මේ වගට,

කපිල රේණුක පෙරේරා
ප්‍රධාන ලේකම්
වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ

37,157 views

22 Comments to “රටට කිසිදු ප්‍රතිලාභයක් නැතිව කන්තලේ සීනි සමාගම විදේශ සමාගමකට… සීනි ඒකාධිකාරයත් ඔවුනටම…”

  1. sunimal says:

    P M. PLEASE RESIGN AND GO HOME ENOUGH IS ENOUGH

  2. මොලේ කොලොප්පන් says:

    ඇමරිකන් කාරයෝ ඇමරිකන් කාරයන්ට මිසක් චීනුන්ට වත්කම් දෙන්න උන්ට පිස්සුයෑ. ලංකාවේ උන්ට මේවා දීලා $$$ කොමිස් ලැබෙනවද? නෑනේ. නෑනේ…

    • SKF says:

      හුටා… එතකොට UNP + JVP යහපාලනය චීන්නු ද?
      වරාය ගෙඩිය පිටින් චීනෙට වික්කේ?

      • සහන් says:

        ඒක ගැන දැන් බය වෙන්න දෙයක් නෑ. මහින්ද ලොක්කා අගමැති උනා විතරයි ආයෙම වරාය ලංකාවට ගත්තනේ

  3. Gamarala says:

    අපේ රටේ ජනතාව සිංහල/ දෙමල/ මුස්ලින්/ මැලේ / බෙර්ගර් මේ සිදුවන දේවල් හරියට තේරුම් ගත යුතුය​.
    මේ අධමයින් දෙපිලම හදන්නේ රට විකුනා බඩවඩාගෙන ඇමරිකාවට පැනයාමටයි.

  4. Dikan says:

    අනේ ගොන් හැත්ත …අවුරුදු 25 ක් මේක වහලා තිබ්බා. ඉඩම් මිනිස්සු අල්ලාගත්තා. යන්ත්‍ර සූත්‍ර විනාශ වුනා. ඒවා බලාගෙන කට බලියගෙන හිටපු තොපි මොකක් හරි කරන්න යනකොට භූමිතෙල් දාපු ගැරඩි වගේ දගලනවා..ගොබ්බ හැත්ත

    • Dulmina says:

      To Dikan
      බැසිලගේ _ට මිරිකන බලු කුක්කෙක්
      උඩු බුරල , බොලේ…

      • Dikan says:

        මචං Dulmina
        ඔය අක්කර විසිදහසේ තණකොල හදමු. තොපි වගේ හරකුන්ට කන්න.

    • කැපුවත් පොහොට්ටුවට says:

      කියල වැඩක් නෑ මෝඩ හැත්ත. මෝඩ පුටානෝ දිනවන්න රටටම හෙන ගැහුවත් කමක් නෑ.

    • උඹේ මහ එකා says:

      එහෙම වෙන්නේ…
      දේශපාලුවන්ගේ කටු ලෙවකන තොපේ මැර බලය හින්දා .
      නැත්නං , ඡන්ද කාලෙට විතරක්ම බෙදන
      කසිප්පු බෝතලේයි , බත් පැකට් එකයි දීල රවට්ටන්ඩ පුළුවන් ,
      කරුමේ කියල ජීවිතේ අපා දුක් විඳින අහිංසක මිනිස්සු ලංකාවේ වැඩි හින්ද..
      දැනගං පොල් බූරුවො !!!

    • උඹේ මහ එකී says:

      To Dikan,
      එහෙම වෙන්නේ…
      දේශපාලුවන්ගේ කටු ලෙවකන තොපේ මැර බලය හින්දා .
      නැත්නං , ඡන්ද කාලෙට විතරක්ම බෙදන
      කසිප්පු බෝතලේයි , බත් පැකට් එකයි දීල රවට්ටන්ඩ පුළුවන් ,
      කරුමේ කියල ජීවිතේ අපා දුක් විඳින අහිංසක මිනිස්සු ලංකාවේ වැඩි හින්ද..
      දැනගං පොල් බූරුවො !!!

    • Rohan says:

      KANTALE SUGAR EKA PAMANAK NOWEI, TRINCO,,OIL TANK, DIRALA POLAWATA PASWELAA
      YANAKAM WADAK GANTA DENNE NAHA, ME WAGE ANTHA APATHAYO INNAKAM RATA
      DIYUNU KARANTA BAHA. Dikan oba kiyana kathaawa hari.

    • Manoj says:

      ඉතින් ඒකට කරන්න ඕන විදෙස් රටකට විකුණන එකද. අර පාරවල් හදන සල්ලි වලින් ඕක ගොඩගත්ත නම් අලුත් රැකියා ඇති වෙනවා, දේශීය අවශ්‍යතාව සපිරෙනවා. රටින් සීනි ගේන්න යන ඩොලර් ඉතුරු වෙනවා. අතිරික්තය අපනයනය කරලා ඩොලර් ගන්න පුලුවන්. පාරවල් හදන එකට සාපේක්ෂව කොච්චර ප්‍රතිලාභ ලැබෙනවද. අවශ්‍ය දේට මුදල් යොදවන්නේ නෑ මෙවන්. තමන්ගේ වාසිය පමනක් හිතන අමනයන් රැලක් තමා රට පාලනය කරන්නේ

  5. ගැමුණු says:

    තොපි කියනිනෙ පිට රට ආයෝජකයො නවත්තන එකද? එක ගස් බල්ලෙක්වත් කල්පනා කරල පැලුවද ලෝක ආර්තිකය යන විදිහ? තොපේ AKD කියන බන අහිල්ල බලපිය ලෝක ආර්තිකය යනහැටි. තොපිට පුලුවන් උනාද එක factory එකක් ඇරල දුවල පෙන්වන්න.

    • සහන් says:

      ආයෝජකයින් ගෙන්න ඕනේ ලංකාවට වාසියක් එනවිදියට උපරිම විනිවිද භාවයකින් ටෙන්ඩර් කැඳවීම මගින් මිසක් බැසිල්ට වැඩිම කොමිස් යන විදියට නෙවේ බයියෝ.

  6. මෝ says:

    පාඩු ලබන රජයේ ආයතන සියල්ලම පුද්ගලික අන්ශයට,දිය යුතුයි.

  7. Chandana says:

    පහුගියකාලෙ කන්තලේ ගැන කිය කියා ලොරි ටෝක් දුන්න විමල් ගෙ බය්යො සෙට් එක.අතුරුදහන් වෙලා වගෙයි.

    • බයියා says:

      ජාලෙ නිතර සැරිසරන වැඩ නැති නිකම්මු ගොඩක් වෙලාවට ඉස්සෙල්ලාම කොටනවා. ටිකක් කරුනු හොයලා බැලුවොත් නාකද? 1960 චෙක් රාජ්‍යයෙන් (ඇමෙරිකාවන් යුරෝපෙන් නෙවේ) තෑගි ලැබුණ කර්මාන්තශාලාව අවුරුදු 33ක් ලාභ ලබලා. ඒත් අපේ කෝට් බුවාල ගූඑන්පී හැත්ත 1993 මෙක පෞද්ගලික අංශෙට වික්කා. උන් හැමදාම කරේ මේරට දිගුකාලීනව ණය උගුලක හිරකරල කොමිස් සාක්කුවට දාගන්න එක. ඉතින් 1999 වෙනකොට මේක වැහුනා කියන්නෙ රනිල් වික්කමසිංහලා මේක් වික්කෙ ඒකෙ තියෙන මදේ සූරා කාලා වහලදාන්නම නේද? එතකොට තමන්ගෙ හිතවත් ඈයින්ට සීනි ආනයනය වැඩි කරන්න පුළුවන්. ආනයන වැඩිවෙනකොට රුපියල බාල්දුවෙනවා ණය ගන්න වෙනවා. 2000-2002 හිටියෙත් උන්මනෙ ඉතින් මේක ඔහේ වල් බිහිවුනා. 2002 යන්න ඉස්සෙල්ල රනිල් පැල්වත්ත සීනි සමාගමේ ආණ්ඩුවෙ කොටසත් වික්කා. කන්තලේ තියෙන උපකරණ යල්පැනලා දිරලා, වාහන දිරලා. විමල් සෑහෙන ගේමක් දීල තියෙනවා බොරු කියන්න ඕනෙ නෑ. කඩදාසි කම්හල, පරන්තන් වගේ වහල දාපු අභාවයට යන ගොඩක් සම්පත් නැවත නිෂ්පාදනයට එකතු කරා නේද? මෙකෙ පුද්ගලීකරණය කරන්න ගහපු ගිවිසුම අනුව ආණ්ඩුවට එකපාර පවරාගන්න බැරි විදියටයි ගූඑන්පී එවුන් දීලා තියෙන්නෙ. ලොකු ගේමක් ගහලා ගත්තත් අලුතින්ම කර්මාන්ත ශාලාවක් හදන්න වෙනවා. තියෙන එකේ දැන් ලපේ විතරයි. ඒත් අවට ගොවිබිම් තියෙන නිසා ආයෝජනයක් කරන්න වටිනවා. ඒත් තව අවුරුදු 10-20ක් වත් යනකන් අපේ රජයකට මේ තියෙන ණය කන්දරාවයි රටේ සුළුතර ටොයියො රැළයි එක්ක අලුත් කම්හලකට මුදල් ආයෝජනය කරන්න බැරිවෙයි. කලබල නොවී හොයල බලමු මේකෙ ඇත්ත තත්ත්වෙ මොකක්ද කියන එක. සමහරවිට අවුරුදු 30ක් 15% අපට ඇවිත් ඉන්පසු නව කම්හල සම්පූර්ණයෙන් රටට ලැබෙන එක නිකන් උඩබලන් ඉන්නවට වඩා ප්‍රායෝගික වෙන්න පුළුවන්. ළිඳේ ඉන්න ගෙම්බො නොවී තව හොයලා බලමු. බැරිනං ආයේ ඔය ඔක්කොම රිවස් වෙන්න සජිත්ට හරි ජෙප්පන්ට හරි දෙමු. අපේ මිනී පෙට්ටියෙ අන්තිම ඇණෙත් උන් ගහලා දෙයි.

  8. Chandana says:

    පහුගියකාලෙ කන්තලේ ගැන කිය කියා ලොරි ටෝක් දුන්න පොහොට්ටුවෙ ගෙ බය්යො සෙට් එක.අතුරුදහන් වෙලා වගෙයි.

    • බයියා says:

      අපේ ටොයි ජෙන්ට්ස් ඉතින් ස්මාට් නේ. ළිං කටින් පේන්නෙ එළියක් විතරයිනේ. 2001 දි කන්තලේ විතරක් නෙවෙයි, පැල්වත්ත සහ සෙවනගල සීනි කර්මාන්තශාලාත් රනිල් වික්කමසිංහ වික්කා. මතක තියාගනිල්ලා ඕක රනිල්ගේ තනි ඔළුව නෙමෙයි. ගූඑන්පී / සජබ කියන්නෙ ලෝකේ දක්ෂීණාංශික දේශපාලන ප්‍රවාහය. උන් බලන්නෙ රටේ හැමදේම බිස්නස් කාරයන්ට දීල තමන්ගෙ මඩිය ලොක් කරගන්න විතරමයි. උන්ට කිසිම නිර්මාණාත්මක මනසක් තමන් රට ජාතිය දියුණු කිරීමක් අනන්‍යතාවයක් නැහැ. ඒකට එකතු වෙන්නෙත් ඒ මතයෙ ඉන්න එවුන්. 2011දි මරාගේ ආණ්ඩුව පනතක් සහ උසාවි නියෝගයක් හරහා සෙවනගල රජයට පවරාගත්තා. පැල්වත්ත කොටස් නැවත ගත්තා. අද ඒ දෙකම ලාභ ලබන ආයතන. සෙවනගලට අදටත් සිලෝන් ඩිස්ටිලරීස් නඩුවක් තියෙනවා උන්ට අසාධාරණයක් කරා කියල. මේ කොම්පැනිවල ඉන්නෙ ගූඑන්පී/සජබ ලොක්කන්ගෙ එවුන් තමා. හොයලා බලන්න ගූගල් විකි ගිහිල්ලා. හැමෝම තමන්ගේ දැනුම වැඩිකරගන්න බලන්න යමක් ගැන තීරණයක් ගන්න කලින්. නැත්නම් ඔක්කොම ළිං මැඩියෝ.

  9. Chandana says:

    පහුගියකාලෙ කන්තලේ ගැන කිය කියා ලොරි ටෝක් දුන්න පොහොට්ටුවෙ ගෙ බය්යො සෙට් එක අතුරුදහන් වෙලා වගෙයි.

  10. sumal says:

    මෙන්න ඇත්ත තත්වෙ. මේව බලන් ඉන්න බැරුව තමයි ජෙප්පො ටිපර් වෙන්නෙ https://bit.ly/3HKFCN3

Main News