රටට මෙහෙම වුනේ වසර හැත්තෑ හතරක් ආණ්ඩු කළ සියලු දෙනාගේ වරදින්..

July 11, 2022 at 6:10 am | lanka C news
රටට මෙහෙම වුනේ වසර හැත්තෑ හතරක් ආණ්ඩු කළ සියලු දෙනාගේ වරදින්..

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

විශේෂ නිවේදනයයි

අද අපගේ මාතෘ භූමිය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවකට මුහුණ දී සිටී. මාතෘ භූමිය මේ ඛේදජනක තත්ත්වයට පත්වීමට වසර හැත්තෑ හතරක් තිස්සේ මෙරට ආණ්ඩු කළ සියලු පාලකයන් වගකිව යුතුය. අකාර්යක්ෂම රාජ්‍ය පාලනය අද මේ ජනතාව මුහුණ දෙන ආර්ථික පීඩාවන්ට ප්‍රධානතම හේතුවයි.

ජනතා අපේක්ෂාවන් ඉටු කිරීම සඳහා 69 ලක්ෂයක ජනවරමින් පත් වූ ජනාධිපතිතුමාට ධූරයෙන් ඉවත්වන ලෙසට ප්‍රබල ජනතා බලපෑමක් එල්ල වී ඇත. එම ජන මතයට හිස නමමින් මේ මස දහතුන් වැනිදා සිය ධුරයෙන් ඉවත්වන බව ජනාධිපතිතුමා මේ වන විටත් ප්‍රකාශයට පත් කර ඇත .එබැවින් මේ මොහොතේ මහජන නියෝජිතයන් වන අපගේ වගකීම වන්නේ තව දුරටත් ජනතාව විශ්වාස නොකරන පැලැස්තර පිළියම් ලබා දීම නොවේ. අපේ වගකීම වන්නේ ජනතාව වර්තමානයේ මුහුණ දී ඇති පීඩාවන්ට කඩිනම් විසඳුම් ලබා දීම මෙන්ම ජනතාව විශ්වාස කරන නියෝජිතයන් පත් කර ගැනීම සඳහා අවශ්‍ය ඉඩකඩ සැලසීමයි. එය සිදුවිය යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ය. ඒ සඳහා පෙරමුණ ගැනීම මහජන නියෝජිතයන් වන පාර්ලිමේන්තුවේ 225 දෙනාටම පැවරෙන මගහැරිය නොහැකි යුතුකමකි,වගකීමකි.

මේ නිසා මේ මොහොතේ අපේ යුතුකම සහ වගකීම වන්නේ ජනතාව ඉල්ලන සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට ඉඩ ලබා දීමය.එම සර්වපාක්ෂික අන්තර්වාර ආණ්ඩුවට මේ මොහොතේ ජනතාව පීඩාවට පත් කරන තෙල් ගෑස් පොහොර විදුලිය අත්‍යවශ්‍ය ආහාර වැනි සියලු ගැටලු වලට විසඳුම් ලබා ලබාදීම සඳහා සහය වීම ය.ජනතාවට අවශ්‍ය ඖෂධ හිඟයකින් තොරව ලබා දීම සඳහා ක්‍රමවේදයක් සැකසීම ය.කෝවිඩ් වසංගතය හා වත්මන් ආර්ථික අර්බුදය නිසා අඩාල වූ දරුවන්ගේ අධ්‍යාපනය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැනීම ය. කෙටි කාලයක් තුළ නිශ්චිත කාල පරාසයක නිශ්චිත වැඩපිළිවෙලක් මඟින් ජනතාව මේ මොහොතේ මුහුණ දෙන ගැටළු විසඳා ඔවුන් අපේක්ෂා කරන ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව සැලසෙන පරිදි කඩිනම් මැතිවරණයකට යා යුතුයැයි මා විශ්වාස කරමි.ඒ වෙනුවෙන් පෙළ ගැසෙන්න යැයි ආණ්ඩුවේත් විපක්ෂයේත් සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනය කරමි.

ප්‍රසන්න රණතුංග
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය හා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක

55,069 views

29 Comments to “රටට මෙහෙම වුනේ වසර හැත්තෑ හතරක් ආණ්ඩු කළ සියලු දෙනාගේ වරදින්..”

  1. Didi says:

    Owa kiwuwa kiyala thopi ekektawath SAMAWAK denne na

  2. Etta. Emanisa wasara 5;wada siti hema ekama elawa dama. Upadi ethi. Wayasa 50 adu Aya Thora gamu

  3. Prasad says:

    අපිද බඩ තඩියෝ මෙච්චරකල් ආණ්ඩු කළේ. තෝ අපිට ඕව කියන්නෙ. රාජිතට විමල්ට වගේ තමයි ඉතුරු 223ටත් ඉස්සරහට

  4. Lalla says:

    ප්‍රසන්න නමැති අප්‍රසන්න පුද්ගලයා වැනි මැරබලය මත දේශපාලන භූමිකාව ගෙනගිය රාජපක්ෂ පවුලට ගෑවුන පුද්ගලයින් නිසා රටේ යහපත් පුරවැසියන්ට දේශපාලන බිම එපාවුනා.එය තමා මේ පිරිහීමට ප්‍රධාන හේතුව.

  5. චන්ද දායක says:

    නීතියෙන් “වරදකරුවෙක්” කියලා තීන්දුවක් දීලා තියෙන කප්පම් කරුවෙකුට තියන අයිතිය මොකක්ද මෙහෙම කියන්න.

  6. Nihal says:

    එතකොට මේ තක්කඩිය පිලිගන්නව රට විනාස වෙලා කියල. දැන් ඉතින් මුංට කප්පං ගන්න වෙන්නෙ වෙන රටක.

  7. Deshappaaluwo says:

    Not 74 years but 44 years after implementing of JRJ’s Dharmishta Samajaya in 1978. Before that even there were corrupted politicians but only a few. Corruption became a normal practice in the society and now it has become out of control.

Main News