රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් හදන්න ජනතාව ජනපතිට බලය දී තිබෙනවා.. ජනපතිගේ ගමන දෙස ජනතාව මහත් සතුටින් බලා සිටිනවා..- අටමස්ථානාධිපති හිමිවරුන් කියති…

September 12, 2020 at 4:40 pm | lanka C news
රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් හදන්න ජනතාව ජනපතිට බලය දී තිබෙනවා.. ජනපතිගේ ගමන දෙස ජනතාව මහත් සතුටින් බලා සිටිනවා..- අටමස්ථානාධිපති හිමිවරුන් කියති…

රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් සැකසීමට ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට බහුතර බලයක් දී ඇතැයි මහා සංඝරත්නය පෙන්වා දෙති.

ජනතා අපේක්ෂාව පියවරින් පියවර ඉටු කරමින් ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපතිතුමා යන ගමන දෙස මහත් සතුටින් බලා සිටින බව උන්වහන්සේ පැවසූහ.

ඓතිහාසික අනුරාධපුරය අටමස්ථානය වැඳ ආශිර්වාද ගත් ජනාධිපතිතුමා අද (12) පෙරවරුවේ ලංකාරාමය, මිරිසවැටිය සහ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථාන වෙත ගිය අවස්ථාවේ විහාරාධිකාරී හිමිවරු මේ බව කියා සිටියහ.

ලංකාරාම විහාරයට ගිය ජනාධිපතිතුමා විහාරාධිකාරී පූජ්‍ය රළපනාවේ ධම්මජෝති හිමියන් බැහැ දැක කෙටි පිළිසඳරක නිරත විය. විහාරස්ථානයේ සංරක්ෂණ කටයුතු නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා පූජා භූමියට පැමිණ සිටි බැතිමතුන් සමග කථා බහක නිරත වූයේය.

ජනාධිපතිතුමා, මිරිසවැටිය විහාරාධිකාරී පූජ්‍ය ඊතලවැටුණවැවේ ඥාණතිලක නායක හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය.

ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයට ගිය ජනාධිපතිතුමා පූජ්‍ය නුගේතැන්නේ ශ්‍රි පඤ්ඤානන්ද හිමියන් බැහැ දැක සුව දුක් විමසීය.

– ජනාධිපති මාධ්‍ය අංශය

11,497 views

9 Comments to “රටට යෝග්‍ය නව ව්‍යවස්ථාවක් හදන්න ජනතාව ජනපතිට බලය දී තිබෙනවා.. ජනපතිගේ ගමන දෙස ජනතාව මහත් සතුටින් බලා සිටිනවා..- අටමස්ථානාධිපති හිමිවරුන් කියති…”

  1. පිරිත් පොත් , පිරුවානා වහන්සේ පැත්තකින් තියලා හරියට ඔය ව්‍යවස්ථාව වත් කියවමු හාමුදුරුවනේ …. නිවනට පාරනම් දුරයි ඔයාලට කොහොමත්, බුද්දිමත් වෙන්න කඩේ නොයා හාමුදුරුවනේ …🙏

  2. විදුරවී says:

    කුණ්ඩල කේශී ජාතකය පොඩ්ඩක් කියව ගත්තොත් නරකද හාමුදුරුවනේ……?

    • Alapaluwa says:

      සැමදාම කියනවාසේ අපි රාජපක්ෂවරුන් වෙනුවෙන් මැරුණත් පාක්ෂිකයින්වූ අයයි නමුත් කොතැනක හෝ වැරැද්දක් දුටුවිට එය වැරදි විදියට දකින්න තරම් අපි ඉතාමත් පොහොසත්ය එය විවේචනය කිරීමටද දෙපාරක් අපි සිතන්නේද නැත..හාමුදුරුවනේ මේ 20 අලුත් සංශෝදනයට ඇති භයානක කරුණු කරණා ඇතුලත් බව ඔබ වහන්සේලා දැනුවත්ද? දැණුවත් හෝ නොදැනුවත් හරි වැරදි දේවල් දුටුවිට එය නිවැරදි කිරීම එක් පසකින් ඔබ ව්හාන්සේලාගෙත් යුතුකමනොවේද? එමනිසා කාරුණිකව මේ අනවශ්‍යය කරණු ගැන නැවත විශ්ලේෂණය කර වැරදි නිවැරදි කිරීමට පෙළබෙන්න. මේ විදියට ජනතාවගේ අසතුටෙන් වැරදි කරණා ගෙන එමෙන්වන්නේ ගොටභය මැතිතුමාගේ වටේ රොක්වූ ලක්ෂජනක ජනතාව ගොටභය මැතිතුමාගෙන් දුරස්වීමට ඉඩකඩ බෙහෙවින්ඇති බවත් කාරුණිකව පහදාදෙන්න.දිවිත්වභාවයක් උසුලන තැනත්තෙකුට රටේ මුල්පුටුවට ඒමට අවසර දීම වටිද?මුළින්ම ඒ තැනත්තා රටගැන කැක්කුමක් ආදරයක් තිබෙන පුද්ගලයෙකුවිම බොහෝ වැදගත්ය.මක්නිසාද එවිටයි ඔවුට රට ගැන නියම කැක්කුමක් ඇතිවන්නේ නැතිව තවත් තැනක කකුලක් තබාසිටින මොනයම් පුද්ගලයෙක්වේද ඔවුට කිසිම ගැඹුරු හැඟීමක්ද ඇතිවන්නේ නැහැනේද?යම් තැනකදී වැරදුණුවිට පැදුරටත් නොකියා යාමේ ඉඩකඩ තිබෙනවානේද?අපි දැක්මෙකා නේද පසුගිය 2015 පැරදුනු විට යම්න්නපුද්ගලයෙක් Dubai හරහා ගිය විදිය මෙන්න මේවා අපි උදාහරණයකට ගතයුතුයි. මේවා නිවැරදි වියයුතුයි.අනෙක් කැරුණු නම් රටේ ජනාධිපතිට එරේයිව කුමණ අවස්ථාවක වුවද  නීතියට ගෙන එම තහානම්ය මේවා වැරදික්‍රියාවල්ය මොකද වැරැද්දක් කළොත් එය රටේ ජනාධිපතිටත් එකයි පොදු ජනතාවටත් එකක් විය යුතුයි..නැතිව නිතිය දේවිදියකට ක්‍රියා කිරීම බොහෝ වැරදිය.අනෙක් කරුණුනම් රටේ අය වැය සොයාබැලීමට හිමිවිය යුත්තේ විගණධිකාර තුමාට වියයුතුමයි එය රටවෙනුවෙන් පක්ෂක්ග්‍රායි පුද්ගලයෙකු විය යුතුමය එය කෙසේවත් වෙනත් පුද්ගලයෙකුට හෝ පක්ෂයෙකුට නොවිය යුතුයි. .එය ඔවුගෙන් අයින්කිරීමට මෙම පණතෙන් ගත් තීරණය ඉතාමත් වැරදිය.තවද තොරතුරු දැනගැනීමේ හැකියාවද මෙයින් අයින්කිරීමට ගත් ක්‍රියාවද බොහෝ වැරදිය මෙවැනි දේවල් අනිවාර්යෙන්ම තිබිය යුතුයි මක්නිසාද ඔනෑම පුද්ගයෙකුට තොරතුරු දැනගැනීමට හැකියාව තිබීම වැදගත්ය,මෙතුලින් නොවේද පසුගිය රජයේ නොයෙක් වැරදි දේවල් සොයාගැනිමට හැකිවුයේ.එමනිසා මේවා ඉතාමත් වැරදි සංකල්පනාවන් ඉතින් මෙවැනි දේවල් මොකා කළත් ඒවා වැරදිදෙවල්ය මේවා වහාම නිවැරදි නොකොළොහොත් වන්නේ පසුගිය රජයට වුණු අන්ත පරාජයට වඩා පරාජයක් මේ අයටත් අත්වන බවත් කවුරු කවුරුත් මතක තබගතයුතුයි. 

  3. "සිහලේ" says:

    සල්ලිය බලය වාසිය පමනක් සිතන විට
    මත්කුඩට යටවෙලයි තරුණ මනස රට
    බේරා ගත හැකි එකම විරු සිතන විට
    තිස්තුන් කෝටි දෙවි බලදේ ගෝඨ හට

  4. Dikman Aiyya says:

    …..when i see people without masks in Sri Lanka,….i get amazed,….thousands are still dying all over the world,…who made this possible in Sri Lanka,…..thats a true LEADER!

  5. polgahawela says:

    හාමුදුරුවනේ . අපේ රට ඉවරයි ආණ්ඩුව 2\3 හින්දා මොනවත් අහනේ නැ නීතියක් රටේ දැන් නැ ඔයාලා මොකද කරනේ

  6. Sena says:

    Hamuduruwane Gotata wandinna.

Main News