රටට සම්සම්බාධක පනවා හෝ අගමැති පුටුව ලබා ගැනීමට රනිල් සූදානමක…

November 21, 2018 at 12:02 am | lanka C news
රටට සම්සම්බාධක පනවා හෝ අගමැති පුටුව ලබා ගැනීමට රනිල් සූදානමක…

රටට හෙටක් සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

සම්බාධක පනවා ජනතාව බඩ ගින්නේ තබා හෝ තම තනතුර ආපසු ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහ මහතා දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බව රටට හෙටක් වැඩසටහනේ සංවිධායක සරත් කලුගමගේ මහතා පවසයි.

ඒ මහතා කියා සිටියේ රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය තබා සිටින්නේ ජනතාව කෙරෙහි නොව විදේශ රටවල් කෙරෙහි බවයි. පරගැති දේශපාලන නායකයකු බවට රනිල් වික්‍රමසිංහ මහතාට කලක් තිස්සේ එල්ල වෙමින් තිබෙන චෝදනාව මේ වන විට ඔහු විසින් ප්‍රත්‍යක්ෂ කොට ඇත.

දිනපතාම විදේශ තානාපතිවරුන් හමු වෙමින් මෙරටට ණය හෝ ආධාර ලබා නොදෙන ලෙසත් මෙරටට සම්බාධක පනවන ලෙසත් ඉල්ලා සිටීම ප්‍රභාකරන් පන්නයේ ත්‍රස්‌තවාදී ක්‍රියාවකි. රටේ ජනතාව බඩ ගින්නේ තබා එහි පීඩනය ආණ්ඩුවට එල්ල කොට ඒ හරහා අහිමි වූ අගමැති තනතුර යලි ඩැහැ ගැනීම ඔහුගේ එකම අරමුණ වී තිබේ. ඔහුට රටක් හෝ ජනතාවක් පිළිබඳව කිසිදු හැඟීමක් නැත. වේලුපිල්ලේ ප්‍රභාකරන් ද සිය ඉලක්ක ජය ගැනීම සඳහා මෙරට ආර්ථිකය දුර්වල කිරීමට විවිධ උපාය මාර්ග භාවිත කරනු යුද සමයේ අප විසින් අත් දක්නා ලදි. රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු විපක්ෂ කණ්ඩායම් මේ මොහොතේ අනුගමනය කරමින් සිටින්නේ ද වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් අනුගමනය කළ ආර්ථිකය දුර්වල කිරීමේ එම උපාය මාර්ගමය.

එක්සත් ජාතික පක්ෂය ආණ්ඩු කළ ගතවූ වසර තුනේදී කිසිදු අවස්ථාවක මහින්ද රාජපක්ෂ මහතා විදෙස් රටවල් පසුපස ගොස් ගතු කියා රටේ ආර්ථිකය දුර්වල කිරීමට උත්සාහ කළේ නැත. මහින්ද රාජපක්ෂ මහතා සෑම විටම සෑම රටකින් ම ඉල්ලා සිටියේ පවතින ආණ්‌ඩුව කුමක් වුවත් රටට ලබාදෙන ආධාර උපකාර නොඅඩුව ලබාදෙන ලෙස යි.

නමුත් රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට බලය ලබා ගැනීම සඳහා අවශ්‍ය ඕනෑම වේලාවක කොන්දේසි විරහිතව විදෙස් රටවලට කේලාම් කියන පුද්ගලයකු බවට පත්ව සිටී. ඔහු විසින් විදෙස් රටවලට කේලාම් කීම් පිළිබඳව පහුගිය කාලයේ විකිලීක්ස් වෙබ් අඩවිය විසින් ද හෙලිදරව් කර තිබෙනු අපට දැකගත හැකි විය.

තමන්ගේ තනතුර අහිමි වීම පිළිබඳ ප්‍රශ්නය රට තුළ විසඳා ගන්නා ලෙසත් ජනතාව බිල්ලට දී ජනතාව පලිහක් බවට පත් කරගෙන කෙසේ හෝ අගමැති පුටුවේ හිඳගැනීම ට දරන උත්සාහය දැඩි පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් රටට හෙටක් සමාජ සත්කාරක වැඩසටනේ සංවිධායක සරත් කලුගමගේ මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

සරත්  කලුගමගේ
සංවිධායක
රටට හෙටක්

131 views

19 Comments to “රටට සම්සම්බාධක පනවා හෝ අගමැති පුටුව ලබා ගැනීමට රනිල් සූදානමක…”

  1. LION says:

    රනිල් සමග සම්බන්දන් මේ දේ දැනට බටහිර රටවල් සමග කතා කරගන කරගන යනවා වහාම TNA පක්ෂය තහනම් කල යුතුය

  2. Alapaluwa says:

    මිනිසුණේ තෙරුන් ගනිල්ලා දැන්වත් ඔය සුදුපිම්පියට අවශ්‍ය උඹලා නොවේ තමන්ගේ බලය පමණයි දැන් තේරෙනවද හොඳටම.අපිනම් දන්නවා මු ගැන හොඳට රට විකුණා සුද්දට අපිව නැතිකර රටේ ධනය බිංදුවට වාට්ට මේ කරණ කාලකන්ණි වැඩ දිහා බලනවිට මෙනම් යන්නේ අඝාදයට මිස දියුණුවට නොවේ කියා. ඉතින් ඒ වගේම තව දෙයක් විශේෂයෙන් කිව යුතුයි මේ අදහස්මයි රතු අලි පැටවුන් පිලි පදින්නේත් අනුර කුමාර සහා විජිත හේරත්.මහාලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය රකිනවා කියමින් නුඹලව රවටා රනිල්ට උදවු කරමින් උන් ජිවත් වන්න හදනවා. අර කොට විජිතයා සමග දෙනවා දේවිල්ලක් රනියට හොඳටම එමනිසා මුන්ව ජිවිතේ කවදාවත් සතයකට වත් විස්වාශ කරන්න එපා.එපා එපා.

    • Asaranaya says:

      මෙල්ල කරනු සඳහා සමනල් අලි රැළ,
      අප කවුරුත් එක්වමු පැදිලා මොළ,
      මේ යන ගමන තව ඉදිරියට යන කල,
      අලි දණ ගසනු නියතයි – අපි දිනන පිල

  3. Saradiel says:

    U N P යනු
    දේශපාලන පක්ෂයක් නොව සුද්දා විසින් සිංහල ජාතියත් බුදු දහමත් විනාශ කිරීමට කලුසුද්දන් යොදා ගනිමින් ඇතිකල පිල්ලියකි.

  4. Asaranaya says:

    සමනළ කුපාඩිකම් දැන් නවතාලන්න හොඳයි
    හැකිලුනු කොක්ක නැවතත් දිග හැරෙනු නැතැයි,
    ටින් කිරි පිරී තිබුනත් අයියෝ ! වැඩැක් නැතෙයි,
    අවසන් ගමන් යන්නට “පව් බන් ” හරිම ලඟයි

  5. kamani says:

    ITHIN LASTHIWELA WARENKO RANCHU PITINMA UBATA MOKADA WENNE BALANNA janathawa kosu idal thiyana balan inne UNP warigayatama salakanna meda para

  6. Love nature says:

    රනිල් පරපුරේ ඉතිහාසය

    වර්ෂ 1815දී ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසීන්ගේ යටත් විජිතයක් බවට පත්වූ පසු අපට සිදුවූයේ ඉංග්‍රීසීන්ගේ පාලනයට නතුව ඔවුන්ගේ සිරිත් විරිත් වැළඳගැනීමටය. ඉංග්‍රීසි පාලන යුගයේදී වැඩි සැලකිල්ලක් හිමිවූයේ ඉංග්‍රීසී උගත් ක්‍රිස්තු භක්තිකයන්ට පමණක් වූ අතර සිංහල බෞද්ධයන්ට ඉංග්‍රීසී රජයේ කිසිදු සැලකිල්ලක් නොලැබුණි.

    එම නිසා ධනවත් සිංහලයින් ඉංග්‍රීසී භාෂාව ඉගෙන, ක්‍රිස්තියානි ආගම වැළඳ ගෙන රජයේ තාන්න, මාන්න ලබා ගත්තේය. බටහිර ක්‍රමයට හැඩ ගැසුණු මේ අය සිංහල භාෂාව, සිංහල සිරිත් විරිත් හා බුදුදහම පිළිබඳ කිසිදු තැකීමක් නොකර කළු සුද්දන් බවට පත්විය.

  7. Saradiel says:

    නරියට වෙච්ච දේ දැන් රනිල්ට

    නරියෙක් මිදි වැලක් දැකලා කීවාලු
    කේජු හොරෙන් උදුරා ගත්තට යාලු
    පල දුන්නා උඹට කපුටා කීවාලු

    කන්න ගියත් බඩගින්නට ඉඹුල් බත
    කන්න නෙවෙයි නාගන්නට වූයේ මට
    ඇයිද මන්ද මම ඉන්නා කතන්දර
    මේලෙස නිමා වන්නේ මට තමයි දුක

    මිදි කන්නට ගියෙත් බඩගිනි වූ හන්දයි
    කේජු කෑල්ලත් ඉල්ලුවෙ ඒ හන්දයි
    ඉඹුල් කිරිබතත් බඩපොජ්ජට නැතිවයි
    නරියා නැහුනේ නරියගේ මේ බඩ හින්දයි

    • Asaranaya says:

      රටම හදන්නට කවදත් හොඳට හුරු,
      දක්ශ හරිම නායකයා අපේ ගරු,
      බැස්ස හැටි හොඳා සටනට මරේ මරු,
      පක්ශ ඇතැර යමු ජයබිම දකින තුරු.
      – මහින්ඳ මැතිදුනි ඔබට ජයෙන් ජය-

  8. ෴හෙළයා෴ says:

    රනිල් පරයෙකු බව අප කීවේ අද ඊයේ නොවේ.ඔහු පසු පස ඉන්නා ගෝල බාලයෝද ඊට දෙවෙනි නැත​.ඔව්හු සිංහලයා කෙරේ ඇත්තේ පරම වෛරයකි.ඩී.එස්.සේනානායක කලිසම ඇන්දාට ඔහු හෙළයට ආදරය කල පුද්ගලයෙකි.ගොවි ජනපද පිහිටුවා ඔහු රටට කල සේවය වත්මන් එජාප නායකයා හා සසඳන විට අහසට පොලොව මෙනි.එදා කල ගොවි ජනපද විකුණන්නට හැකියාවක් තිබුනා නම් රනිල් මේ වනවිටත් ඒ දේ කර හමාරය​.රාජපක්‍ෂ මුව හමට තඩි බාමින් රාජපක්‍ෂ කල හැමදේම හිරිකිතයකින් තොරව විකුණා දමන්නට තරම් රනිල් හා ඔහුගේ සහචරයෝ ජාති ද්‍රෝහී වූහ​.ඔවුනට රකින්නට පරපුරක් නැත​.හයිබ්‍රීඩ් කල ඇට රහිත එළවලු හා පළතුරුවලින් ඊළඟ පරපුරක් සාදා ගත නොහැක​.රනිල් ඇතුළු කාණ්ඩයත් හයිබ්‍රීඩ් බව සක් සුදක් සේ පැහැදිලිය​.මේ ලැබූ ආත්මයේ රට කා වතුර බී ලබන ආත්මයේ යමලොව උපදින්නට ඔව්හු වරම් යදිති.තම මව් බිමට සම්බාදක ඉල්ලන්නන්ගේ සුජාත භාවය පිළිබඳ බරපතල ගැටළුවක් පවතී.සම්බාදක දමා හෝ බලය ඩැහැගෙන රට අගාදයට හෙලන්නට නොමද දොල දුකක් මේ සුජාත නොවූවනට අැති බව පැහැදිලිය​.වාම ව්‍යාපාරය මහ දවාලේ ගනිකා වෘත්තියේ යොදවමින් වමටත් නැති දකුණටත් නැති ජවිපේ වත්මන් නායකයෝද මව් බිම අනුභව කරන්නන්ට උත්තේජන සපයන්නට ඉදිරිපත්වීම ඛේදජනකය​.ජවිපේ සිය දේශපාළණ ගමන් මගේ මෙතරම් අසූචි නාගත් යුගයක් නැත​.රට හා පක්‍ෂය පසෙකට ලා ඔවුහු පඬුරු පාක්කුඩම්වලට ලොල් බැඳ සිටිති.මහ බැංකුව ක්ලීන් කල මිස්ටර් ක්ලීන් අද ඔවුනගේ ලෝකයේ වීරයා වී ඇත​.අද එජාපයට හා ජවිපෙට ඇත්තේ මැතිවරණ භීතියකි. රටේ ජනතාවගේ හද ගැසෙනා සැබෑ රිද්මය ඔවුනගේ භීතිය දෙගුණ තෙගුණ කර ඇත​.

  9. ගලබොඩ අත්තේ චමින්ද says:

    ඔය කතා මොනවත් නෑනේ හරි පාරෙන් මහින්ද ආවනම්. සිරිසේන කරු සහ සජිත්ට අගමැති වෙන්න කියලත් ඒ ය වෙනස් වුනේ නැත්තේ මෙහෙම වෙයි කියලා හිතාගන. දැන් රට අවුලක. එකේ පාපය ආප්පයාටයි මහින්දටයි.

    • somapala says:

      නිකං ගොං කතා කියන්න එපා මිනිහො. එතකන්බලං හිටියොත් රටගොඩ ගැනිල්ල බැරි නිසානෙ මෝඩයො එහෙම කලේ

      • kk says:

        අපිට දෙන්න තිබ්බ ආධාර ඔක්කොම කපලා සංචාරක තහනම් දාලා gsp+ මත්ස්‍ය අපනයනය නැතිවෙන්නයි යන්නෙ ඩොලරය 180 ට ගිහිල්ලා දැන් රට ගොඩද

  10. Prabath Gunatilaka says:

    Jaathyanthareta baya mokada
    Jaathyanthare kiyanne india china swasiland
    Africa ne

Main News