රටට සාපයක් වැදිලා.. පාලකයන් ගැන සොබාදහමත් කෝපවෙලා.. රජය ගැන බලාපොරොත්තු සුන් වෙලා.. පාවාදීම් පමණයි..- අගරදගුරු නිවසේ රට හොල්ලන මාධ්‍ය හමුවක්..

June 2, 2021 at 10:25 pm | lanka C news
රටට සාපයක් වැදිලා.. පාලකයන් ගැන සොබාදහමත් කෝපවෙලා.. රජය ගැන බලාපොරොත්තු සුන් වෙලා.. පාවාදීම් පමණයි..- අගරදගුරු නිවසේ රට හොල්ලන මාධ්‍ය හමුවක්..

අද මේ රටට ශාපයක් වැදී ඇත්දැයි සිතන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කරයි.

පාලකයන් ගේ කටයුතු ගැන ස්වභාවදහම පවා උරණ වී ඇති බවද අගරදගුරුතුමන් පැවසූහ.

කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකදී එතුමන් මෙම අදහස් පල කරන ලදී.

රට ආරක්ෂා කරන්නේ යැයි කියමින් රට භාරගත් කණ්ඩායම රට විනාශකාරී මාවතකට ඇද දමමින් තිබෙන බවද පැවසූ රදගුරුතුමන් එසේ ප්‍රකාශ කිරීමට සිදුවීම වේදනාකාරී අත්දැකීමක් යැයි ද කියා සිටියහ.

දියුණුව යනු රටේ තිබෙන සියලු සම්පත් විකුණා දැමීම නොව රටේ ආත්ම ගෞරවය ආරක්ෂා වන ලෙස සියලු දෙනා කටයුතු කිරීම බව ද උන් වහන්සේ පැවසූහ.

”රට ආරක්ෂා කරනවා කියලා භාරගත් කණ්ඩායම එය විනාශ කරන මාවතකට රට ඇද දමමින් තිබෙන බව ප්‍රකාශ කරන්නට සිදු වීම ඇත්තෙන්ම වේදනාකාරී අත්දැකීමක්. ඇත්තටම මේ රට කොහේටද යන්නේ. කවුද මේක පාලනය කරන්නේ. කවුද මේකේ තීරණ ගන්නේ කියන තත්වය පිළිබද ඉතාමත් අවිනිශ්චිත පරිසරයක් ඇති වෙලා තිබෙන රටක් බවට පත්වෙමින් පවතිනවා. ඒ නිසා අපි ඇත්තටම මේ රටේ පුරවැසියන් වෙනුවෙන් කියන්න තිබෙන දේ තමයි කරුණා කරලා මේ ගමන නතර කරන්න.

දියුණුව කියලා කියන්නේ තිබෙන සම්පත් සියල්ල විකුණා දැමීම නෙවෙයි. තිබෙන සම්පත් විකුණා දැමීම පහසු වෙන්න පුලුවන්. නමුත් අපේ ආත්ම ගෞරවය කියලා දෙයක් තිබෙනවා. ආත්ම විශ්වාසය කියලා එකක් තිබෙනවා රටක් ලෙස. එය ආරක්ෂා කර ගැනීම දේශපාලන ලෝකයේ සියලු දෙනාගේ වගකීමක්. ඒ නිසා මේ වෙලාවේ විවිධ රටවල් වලට අපේ භූමිය පූජා කරන්නට ඉදිරිපත් වෙන්න එපා. ආත්ම ගෞරවය ආරක්ෂා වෙන විදියට ඒක කරන්න ඕනී. නමුත් මේ හැම දෙයක්ම විකුණා දැමීම රටේ ගෞරවයට සම්පූර්ණයෙන් විරුද්ධයි. මුලින් එම්.සී.සී ගිවිසුම ගැන අපි විරෝධය පළ කළ වෙලාවේ ඒකට ලොකුවට බැඳුනු මේ රජයේ දේශපාලඥයන් අද ඒ තත්වයට වඩා දරුණුවට කරමින් සිටිනවා කියලා පේනවා. ඒ නිසා ඇත්තටම අපි දුක් වෙනවා

දැන් අපේ ධීවර ජනතාවට විශාල හානියක් සිදුවෙලා තියෙනවා මේ නැවෙන්. මේ වරාය භාර ඇමතිතුමා සහ එතුමාගේ ඒ මණ්ඩලය මේ පිළිබඳව හරිආකාර පිළිතුරක් අපිට දීලා නෑ. මේ නැව එනකොට මේ නැව ගිනි ගනිමින් තිබුණා කියලා දවස් ගණනාවකට පස්සේ අපි පත්තරවල දැක්කා පින්තූර නැව තුළින් යම් ධූමාරයක් එනවා. ඒ වෙලාවේවත් මුකුත් කළේ නෑ. මේ නැව ගැඹුරු මුහුදට අරන් යන්න. මේ නැව ප්‍රතික්ෂේප කරන්න. දැන් මුහුදු වෙරළ ඔක්කෝම විනාශ කරලා, මත්ස්‍ය සම්පත ඔක්කෝම විනාශ වුණාට පස්සේ දැන් සුදු ළූණු පොඩි කරන්න එනවා. ඒ නැවේ තියෙන තෙල් සේරම කාන්දුවෙලා මුළු මුහුදු වෙරළයි රස්සාවයි ඔක්කෝම නැතුව යනවා අපේ ධීවර ජනතාවට. ඒකට අපිට ඉඩදෙන්න බෑ. ඒක නිසා අපි දැන් ධීවර සංවිධානවලින් ඉල්ලා සිටිනවා ඔක්කෝමල්ලා එකතුවෙලා මේ කොම්පැනියට විරුද්ධව නඩු මාර්ගයට බසින්න කටයුතු කරන්න. ඒ පිළිබඳව නායකත්වය දෙන්න මම බලාපොරොත්තු වෙනවා. මේ රටේ බොරු ගේම් ගෙනියන්න අපිට ඉඩදෙන්න බෑ. මේ කොවිඩ් එකට විරුද්ධව එන්නතක් ගෙන්න ගන්න තරම්වත් සල්ලි නෑ. අපි හිඟාකන තත්ත්වයට වැටිලා. මම යෝජනා කරන්නනේ මේ නැව ගිලෙන්න නොදී පුළුවන් තරම් ගැඹුරු මුහුදට ගෙනියන්න පුළුවන් තරම් උත්සහ කළ යුතුයි. එහෙම නැත්නම් නැවේ ඉන්ධන සම්පූර්ණයෙන් ම ඉවත් කළ යුතුය.“

වත්මන් රජය පිලිබදව ජනතාව තුළ තිබූ සියලු බලාපොරොත්තු සුණු විසුණු වී ගොස් රට තුළ ඉතා අවිනිශ්චිත පරිසරයක් ඇතිවෙමින් තිබෙන බව ද කී කාදිනල්තුමන් ‘යහපාලනය’ ‘සෞභාග්‍යයේ දැක්ම’ ආදී කුමන තේමාවකින් බලයට පැමිණියද ඒ රජයන් කර ඇත්තේ පාවාදීම් පමණක් යයිද පැවසූහ.

58,695 views

72 Comments to “රටට සාපයක් වැදිලා.. පාලකයන් ගැන සොබාදහමත් කෝපවෙලා.. රජය ගැන බලාපොරොත්තු සුන් වෙලා.. පාවාදීම් පමණයි..- අගරදගුරු නිවසේ රට හොල්ලන මාධ්‍ය හමුවක්..”

  1. Felix says:

    He needs to step down from his position and give it to a person who follows the footsteps or teaching of Jesus. Throughout the years, he directly or indirectly supported this regime in the past term as well as bringing them to power. Unfortunately, he lost now. Let people (laymen) do the politics and better all religious leaders, particularly him away from tarnishing and praising the politicians. He is experiencing the results.

  2. sumith says:

    the both major incident has happened to this community, therefore, time to think different way , it may be the beginning of same situation which was prevailed in Lebanon long time ago. It may be happened without Bishop knowladge by a other country

Main News