රටට හානි කළ පාලකයන් මිය යන්නේ ණය කාරයන් වෙලා..
February 6, 2019 at 8:02 am | lanka C news
අප රටේ අනාගතය අදුරට තල්ලු වී යන බවත් පාලකයන් ඒ ගැන කිසිදු තැකීමක් නොකර ආත්මාර්ථකාමීව කටයුතු කරන බවත් විපක්ෂ නායක පාර්ලිමේන්තු කටයුතු ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතා පැවසීය .
රටේ ආරක්ෂාව මෙන්ම ආර්ථිකය ද විනාශ වී ජනජීවිතය අවුල් ව තිබෙන මෙවන් කාලයක උපදින දරුවාට ඉතිරි විය හැකි රට ගැන සිතන විට අප සිත් තුළ ඇති වන්නේ බියක් හා දැඩි වේදනාවක් යැයි ද කී ඒ මහතා ,එයින් මිදීමට නම් කළ යුත්තේ රටට ආදරය කරන සියලු දෙනා එක් ව අවශ්‍ය තීන්දු තීරණ ඉක්මනින් ගැනීම යැයි ද සදහන් කළේය .
හෙට්ටිගේ මහතා එසේ කීවේ කොටපොළ ජයන්ති සුබසාධක සමිතියට තිස් අට (38) වසරක් පිරීම නිමිත්තෙන් ඉකුත් 4 වැනිදා එම සමිති ශාලාවේ පැවති ගර්භනී මාතාවන් 100 කට තිලිණ පිරිනැමීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වී අදහස් දක්වමිනි .
එහිදී ඒ මහතා මෙසේද කීය .
අන් අය වෙනුවෙන් අවංකව වැඩ කරන සමිති සංවිධාන ජනතාව අතර බොහෝ කල් පවතිනවා වගේම ඒවා බැබලෙනවා .ඒ තැන් වලින් සිදු වන්නේ අර්ථවත් දේ පමණයි .ජයන්ති සුබ සාධක සමිතිය 38 වසරක් සමාජ යහපත වෙනුවෙන් එවැනි වැඩ කළා .එය බොහෝ සංවිධාන වලට ආදර්ශයක් .
ගැබිණි මව්වරුන්ට සමාජයේ ආදරයත් ආරක්ෂාවත් ඕනෑ .උපදින බිළිදා අපේ රටේ අනාගතයයි .ඒ අයට ජිවත් වීමට සුදුසු පරිසරයක් තිබිය යුතුයි .අද රටේ බිහි වී තියෙන්නේ බියකරු වට පිටාවක් . ජාතියේත් රටේත් බරපතල ප්‍රශ්න යට කර ගෙන පාලකයන් එදිනෙදා කාලය ගත කරනවා .මෙය මොන තරම් අවාසනාවක්ද ?
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ නිල වාර්තා අනුව ලංකාවේ වසරකට කාන්තාවන් තුන් ලක්ෂ හැට දහසක් (360000) පමණ ගර්භනී වෙනවා .මෙයින් 1960 කට වැඩි ගණනක් ගර්භනී වීමෙන්
මාස 7කට පසු කුස තුළ දීම මිය යනවා .උපත් ආබාධ නිසා මෙසේ ජාතියට අහිමි වන දරු සම්පත බේරා ගැනීමට හැකි බව වෛද්‍ය වරුන් පෙන්වා දී තිබෙනවා .ඒ සදහා අවශ්‍ය පහසුකම් රජය ලබා දෙන්න ඕනෑ .
මේ පසුබිම මත වසරකට සජීවී දරු උපත් තුන් ලක්ෂ විසි හය දහසක් (326000) ක් පමණ වාර්තා වෙනවා .මෙයින් බිළිදුන් 2770 ක් පමණ පළමු උපන් දිනයට පෙර මිය යනවා .
තවත් කණගාටුවට කරුණක් නම් උපත් ආබාධ සහිතව වසරකට උපදින බිළින්දන් සංක්‍යාව 5700 ක් පමණ වීම .මෙයින් 1700 කට වැඩි දෙනා දරුණු ලෙස උපත් ආබාධ සහිතයි .ඒ අයට තවත් කෙනෙකුගේ උදව් නැතුව කටයුතු කර ගන්න බැහැ .එය ලොකු ඛේදවාචකයක් .එවැනි බිළින්දන් බිහිවීමට ඉඩ දීම සුදුසුද ?නැද්ද ?යන්න ගැන සමාජයේ විවිධ බල වේග අතර මේ වන විට සංවාදක් මතු වෙලා .මේවා පුද්ගල ප්‍රශ්න මෙන්ම සමාජ ප්‍රශ්න බව ද තේරුම් ගත යුතුයි .
සියලු අභියෝග හමුවේ මව් වරුන් අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කර ගෙන උතුම් මව් පදවිය අර්ථවත් කර ගන්න ඕනෑ .රටට ජාතියට ආදරය කරන සත් පුරුෂයන්ගෙන් අනාගතයේ අපේ රට පිරෙන්න ඕනෑ .රට කරවන තැන් වල සිටිය යුත්තේ ද එවැනි අයයි .අද රට පාලනය කරන බොහෝ දෙනා යහපත් නෑ .ඔවුන් තුළ තිබෙන්නේ බොරුව වංචාව හා කයිවාරුව පමණයි .රට අවාසනාවන්ත තැනකට තල්ලු වී ඇත්තේ ඒ නිසයි .රටට හානි කළ පාලකයන් මිය යන්නේ ද රටට ණය කරුවන් වෙලා .අප මිය යා යුත්තේ රටට ණය නැති උතුම් මිනිසුන් ලෙසයි .එවන් උතුම් මිනිසුන් බිහි කිරීමට මව් වරුන්ට ශක්තිය ලැබේවා .”
තව වැඩි කාලයක් මෙි ආන්ඩුවට යන්න බැ, එලබෙන මැතිවරණයෙන් අනිවාර්යයෙන්ම මහින්ද මැතිතුමා ජයග්‍රහණය කරනව,
“ අපේ රටට පිළිමල් වන සතුරු මල
අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”
“සහන ලැබෙනතුරු ලංකා දීපයට
ගහන ගැහිලි හමුවේ සිහවෙසින් සිට
නහන රුපුන් නහමින් යමි ඉදිරි යට
මහණ කමත් බණ දහමත් එයයි මට”
නිදහස් සටනට පණ පෙවූ ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි
Each person is indebted at Rs. 500000. Why dishonest rulers obtained so much and unbearable loan from foreign country. without the consent of people.While those who took loan have been enjoying people have been suffering. This is the truth and reality.
රටට හානි කළ පාලකයන් මිය යන්නේ පනුවෝ ගහලා