රටපුරා ආපදාවට ලක් වන ස්ථාන වැඩි ප්‍රමාණයක් අනවසර ඉදි කිරිම් නිසා…- DMC

November 14, 2021 at 2:10 am | lanka C news

නුවරඑලිය ප්‍රදේශය ආපදාවෙන් තොර සංචරක කලාපයක් බවට පත් කිරිමට අවශ්‍ය කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසිය.

නුවරඑලිය මහ නගර සභා සිමාවේ, ස්ථාන කිහිපයක ගං වතුර තත්ත්වයක් ඇතිවිම නිසා ඒ පිලිබදව සොයා බැලිමට නුවරඑලිය මහ නගර සභාවේ නගරාධිපති චන්දනලාල් කරුණාරත්න , නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතුන්ගේ ආරාධනාවක් පරිදි නුවරඑලිය ප්‍රදේශයේ නිල සංචාරයකට එක් වෙමින් මාධ්‍යයට අදහස් දක්වමින් අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැවසිය.

නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදි සියළුම පාර්ශව සමග ගං වතුර තත්ත්වය පාලනය කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා කිරිමෙන් අනතුරුව නුවරඑලිය මහ නගර සභා සිමාවේ ගං වතුර තත්ත්වයක් ඇති වන ස්ථාන පිලිබදව සොයා බැලිමට අධ්‍යක්ෂක ජෙනරාල්වරයා නගරාධිපතිවරයා සමග නිරික්ෂණ චාරිකාවකද එක්විය.

මෙහිදි වැඩිදුරටත් අදහස් දැක් වු ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල්වරයා කියා සිටියේ දිවයින පුරා ආපදාවට ලක් වන ස්ථාන වැඩි ප්‍රමාණයක් සිදු වන්නේ අනවසර ඉදි කිරිම් නිසා බවයි.

එම අනවසර ඉදි කිරිම් ස්ථාන හදුනාගෙන අදාල ආයතන සමග සම්බන්ධිකරණයෙන් යුතුව කටයුතු කර එම අනවසර ඉදි කිරිම් ඉවත් කිරිමට අවශ්‍ය පියවර ගන්නා බවද අධ්‍යක්ෂක ජෙනරාල්වරයා පැවසිය.

2022 අයවැය සදහා ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයෙන් යෝජනා රාශ්‍රියක් ඉදිරිපත් කර ඇති බවත්, ඒ අනුව වෙනත් වසර වලට වඩා මෙවර අයවැයෙන් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානය සදහා විශාල ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරන බවට තමන්ට විශ්වාසයක් ඇති බවත්, එය අනාගත ආයෝජනයක් බවත් ආපදා කලමණාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක ජෙනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසිය.

ආපදා සාකච්ඡාවට සහ නිරික්ෂණ චාරිකාවට නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතාද එක්විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

4,522 views

4 Comments to “රටපුරා ආපදාවට ලක් වන ස්ථාන වැඩි ප්‍රමාණයක් අනවසර ඉදි කිරිම් නිසා…- DMC”

  1. Dilan says:

    කතාව සම්පූර්ණ ඇත්ත.

    ඒත් ඔය අනවසර ඉදිකිරීම් කරලා තියන උන් සේරම දේශපාලන හෙන්චය්යෝ. උන් හැම දේශපාලන පක්ෂයටම අයිතියි.

  2. Citizen says:

    Stop issuing building permits for any new construction in Nuwara Eliya until a proper policy and approval process is introduced. Do the same in other environmental sensitive areas in the Up Country.

  3. කොන්කානිස් ද ජොන් බැප්ට්ස් says:

    මෙයාලා පහුගිය අවුරුදු පහේ නිදියගෙනද හිටියේ, දුප්පතාගේ බත්පතට කෙලපූ මල් හොටලේ ෆයිල් ගහද්දි නුවරඑළිය වැවේ වතුර මට්ටම අඩුකරා ඌන්ට උන්ගේ වැඩේ කරගන්න, දැන් බයිලා කියනවා, දෙශපාලන බලේ සල්ලී තියෙන එකාට එක නිතියක් දුප්පතාට තව නිතියක්

  4. නුවරඑලිය යට වෙන්නෙ ජනතාවගෙ වරදට වඩා, නගරසභා හා ප්‍රාදේශීය සභාවල අවිදිමත් සංවර්ධනයෙන්.
    මේ දවස්වල කරන්නෙ Carpet road උඩින් ආයෙත් carpet දානවා. කානු පාර ඉස්සෙනවා. ගෙවල් ඉඩම් යට වෙනවා. පාර දෙපැත්තෙ ගෙවල් අනවසර ඒවම නෙමෙයිනෙ. ඒ අනුමිය දෙද්දි ඉදිරි සැලසුම් හිතලා නැ. අමාරැවෙ වැටෙන්නෙ අසරන ගෙයක් තියෙන මිනිස්සු

Leave a Comment