රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..

April 16, 2020 at 12:02 am | lanka C news
රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..

ඉදිරි දින කිහිපය තුළ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවා යළි ආරම්භ කර දෛනික කටයුතු යතාවත් කිරීම කඩිනම් කළයුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි. දේශීය ආර්ථිකය මෙන්ම ජන ජීවිතය ආරක්ෂා වන අයුරින් සියලු කටයුතු ක්‍රියාත්මක විය යුතුයි.

රජයේ ඉදිරි වැඩකටයුතු සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරු සමග 15 පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවති විශේෂ හමුවේ දී ජනාධිපතිතුමා මේ බව අවධාරණය කළේය.

රාජකාරී කටයුතු බාධාවකින් තොරව සිදුකරගෙන යා හැකි අන්දමින් ඇඳිරි නිතිය ලිහිල් කිරීම කෙරෙහි සාකච්ඡාවට ලක් කෙරිණ.

ජනතාව ඒකරාශිවීමට ඉඩ නොතබා නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් සේවා කටයුතු පවත්වාගෙන යාමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරු සහ ආයතන ප්‍රධානීන් වෙත පැවරේ.

කෘෂි, ධීවර සහ ව්‍යාපාර ඇතුළු කර්මාන්ත ආයතන යළි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීමේ දී ඊට අවශ්‍ය සහාය අමාත්‍යාංශ වෙතින් ලබාදීමට ක්‍රියාකරන ලෙස ද ජනාධිපතිතුමා ලේකම්වරුන්ට දැනුම් දුන්නේය. අළුත් ආර්ථික රටාවක් ගොඩනැගීමේ යාන්ත්‍රණය සැකසීමේ වගකීම අමාත්‍යාංශ වෙත පැවරෙන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ වැඩසටහන ඇතුළු නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති යළි ඇරඹීමට පියවර ගැනේ. සෙසු රටවල් මුහුණදි ඇති තත්ත්වය සැලකිල්ලට ගනිමින් දේශීය කෘෂි ආර්ථිකය කෙරෙහි විශේෂ අවධානය යොමුවිය යුතු බව ද අවධාරණය කෙරිණි.

අපනයන කෘෂි බෝග කෙරෙහි විශේෂ අවධානය යොමු කරමින් වගාකළ හැකි බිම් ඵලදායී ලෙස ඊට දායක කර ගැනීමට අවශ්‍ය පසුබිම සකස් කරන ලෙස ද ජනාධිපතිතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ වෙනුවෙන් රාජ්‍ය යාන්ත්‍රය ගමට ගෙන යාමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පැහැදිළි කළේය.

අළුත් ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එමෙන්ම අත්දැකීම් සහිත ව්‍යාපාරිකයන්ට ද අවස්ථාව සලසා දිය යුතුය. සමස්තයක් ලෙස ප්‍රතිපත්තිමය ආකාරයකින් ආර්ථිකය ගොඩනැඟිම කෙරෙහි සියලුදෙනාගේ අවධානය යොමුවිය යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත්, කැබිනට් ලේකම් එස්. අමරසේකර යන මහත්වරු සහ අමාත්‍යාංශ ලේකම්වරු සාකච්ඡාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය

264 views

25 Comments to “රටපුරා ඇදිරි නීතිය ලිහිල් කරයි.. රාජ්‍ය හා පෞද්ගලික සේවා අරඹයි..- ජනපති කියයි..”

  1. Ranjith Perera says:

    Hon President
    lot op people are request not to re call parliament. First have to rescue the people from corona virus
    In the mean time can open the country step by step with advise of doctors
    Wish you for the your effort to save the nation

  2. Susil says:

    Excellent News!
    Please manufacture everything needed from Panadol to Ventlators, grow rice and multi crop, make milk and cheese, ship building, small cars, solar technology. We have a lot of young talented people. Wish you all the best!

  3. Great News from Top Class Leader.

    Sri Lankans need to follow the advices are receiving from the Leader.

    Lions can control only King of Lion only. Please keep in mind and watch the history carefully.

  4. ලංකාපුත්‍ර says:

    සංවර්ධනයේ ඇමරිකානු ක්‍රමය පුතානෝට කරගන්නට කියමු.කොරෝනා පාලනය කළා වගේ රට සංවර්ධනයටත් අපට ගැලපෙන අපේම ක්‍රම වලට යමු.ජනපතිතුමනි

  5. ගරු ජනාධිපතිතුමනි ඔබෙන් ශුි ලක් දෙරණ ලද මේ සිසිලස සදාකාලිකය… අපි ඔබට ණය ගැතිය. දිනු දේශයේ එකම උරුමක්කරු ඔබතුමාය. ජය වේවා ශුි ලංකා….!

  6. විනයගරුක බව හා අපේකම ඉස්මතු කිරිමට මාර්ගෝපදේශකයෙක් වු ජනාධිපතිතුමනි ඔබතුමාගේ පාලනය මේලෙසම ගෙනියන්න
    මේ බුද්ධ දේශයයි…
    අදිටිමිටුවන් ඔබතුමාට කොපමන පහර එල්ල කලත් එම පුහාර පෙරලා ඔවුන් වෙත එන්නේ ඔබතුමා දැහැමි පාලකයෙක් වු නිසාය…
    ඔබතුමා ට තෙරුවන් සරණයි.. සියලු දෙවියෝ ඔබතුමා ව රැක දෙන්න ඔිනේ….

  7. Minisek says:

    ඉතාමත් ඉක්මනින් මිනිසුන්ගෙන් කදුලු පැනීමට නියමිතයි .අපි බලාසිටිමු මෝඩ උන්මත්තක පාලකයින්ගෙ මෝඩ තීරන උපෙක්ෂා සහගතව .🇱🇰🤷🏽‍♂️🙏

  8. Yes, can’t keep the country locked down and all essential goods and services production companies shut down forever and it may be time to take Corona Virus as a way of life with right restrictions to controls it and open up the country so that all people of Sri Lanka can have a good life again with all essential goods available to them and have a free life again. All the Best to Sri Lanka prople.

  9. Anti Corona says:

    පාලකයෙකුට සමාජය කරන ලොකුම හානිය තමයි, එයා කරන හැම මගුලකටම එහෙයි එහෙයි ..හොඳායි කියන එක…මහින්දට උනෙත් ඒකයි…මේ ටික මේ රටේ ගොබිලෙයන්ට තේරිච්ච දවසට…රට ගොඩ..ඒක නිසා පාලකයත් ගොඩ…මේකෙ කමෙන්ට් දාන ගොඩාක් එවුං රටට ගොඩ යන්ඩ දෙන්නෙත් නෑ…පාලකයට ගොඩ යන්ඩ දෙන්නෙත් නෑ..

Main News