රටපුරා රෝහල්වල විරෝධතා.. දීමනා ඉල්ලයි..

September 27, 2021 at 8:40 am | lanka C news
රටපුරා රෝහල්වල විරෝධතා.. දීමනා ඉල්ලයි..

සෞඛ්‍ය වෘත්තිය සමිති එකමුතුව විසින් අද පෙරවරුවේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය සේවකයන් වෙනුවෙන් ලබාදුන් කොරෝනා දීමනාව ඇතුළු වූ දීමනා අත්හිටුවීමට එරෙහිව මෙම පියවර ගත් ගෙන ඇතැයි එහි කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කරයි.

මෙම වර්ජනය සඳහා හෙද සේවාව, පරිපූරක සේවාව, අතුරු වෛද්‍ය සේවාව, ලිපිකරු, රියදුරු සේවාව නියෝජනය කරන සෞඛ්‍යය වෘත්තිකයන් එක් වී සිටින බවද ඔහු සඳහන් කරයි.

රජය සෞඛ්‍ය සේවකයන්ගේ කොරෝනා දීම අත්හිටුවා ඇති බවත් එමෙන්ම පහසුකම්ද කප්පාදු කර ඇති බවත් පවසන ඔහු ඒ සඳහා රජයේ පියවරක් ගන්නා ගන්නා ලෙස බලකරමින් විරෝධතාව ක‍්‍රියාත්මක බවද කියා සිටී.

11,358 views

14 Comments to “රටපුරා රෝහල්වල විරෝධතා.. දීමනා ඉල්ලයි..”

  1. ගරසරප says:

    කොරෝනා කියන්නෙ සමහරුන්ට බිස්නස් එකක්. සමහරු ඕ ටී වලින් හම්බ කලා. නමුත් සවුක්‍ය සේවකයො කී දෙනෙක් ලෙඩේට බිලි උනාද? ඒත් කමක් නෑ ඕ ටී පාර වැදෙනවනම්. ඔන්න ඕක තමා රජයේ සේවයේ තරම. පක්ශ පාට ඕන නෑ ඔක්කොම රජයේ සේවකයො ලක්ශ 12 ම චන්දෙ නොදුන්නත් ආන්ඩු පිහිටුවන්න පුලුවන් ක්‍රමයක් එනකන් මේ බර අදින්න වෙන්නෙ අනිත් ජ්නතාවට.

  2. javipe says:

    වාෂ්ප කරනු