කොරෝනා මෙල්ලයි.. රටම අවුරුදු සමරන්න.. ඇදිරි නීතිය ස්ථිරවම මේ මාසයේ අවසන්…- අලුත් අවුරුද්දදේ රටටම සුබ පණිවුඩය ඉහලම සෞඛ්‍ය බලධාරියාගෙන්..[Video]

April 12, 2020 at 10:00 am | lanka C news
කොරෝනා මෙල්ලයි.. රටම අවුරුදු සමරන්න.. ඇදිරි නීතිය ස්ථිරවම මේ මාසයේ අවසන්…- අලුත් අවුරුද්දදේ රටටම සුබ පණිවුඩය ඉහලම සෞඛ්‍ය බලධාරියාගෙන්..[Video]

අද පවතින තත්ත්වය අනුව දැනට ක්‍රියාත්මක වන ඇඳිරි නීතිය අනිවාර්යෙන්ම මේ මාසය තුළ අවසන් කිරීමේ හැකියාවක් පවතින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කරයි.

ඇඳිරි නීතිය ඉවත් කිරීමට ප‍්‍රවේශ වීම සඳහා වන උපායමාර්ග යනු මේ වන විට සාකච්ඡා කරමින් ඇති බවද ඔහු සඳහන් කළේය.

නමුත් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාමේදී ජනතාව වඩාත් සැලකිලිමත් විය යුතු බවත් දුරස්ථභාවය උපරිමව රැකගැනීම කළ සිදුකළ යුතු බවත් ඔහු පැවසීය.

ශ්‍රී ‍ලංකාවාසී සියළු දෙනාටම වාසනාවන්ත සෞඛ්යමත් නිරෝගී අලුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කරන බවද පැවසූ ඔහු මෙවර අලුත් අවුරුදු සැමරීම සඳහා කිසිදු බාධාවක් නැති බවත් අලුත් අවුරුදු සිරිත් විරිත් තම පවුල තුල ඒ ආකාරයෙන්ම සිදු කිරීමට කටයුතු කරන ලෙසත් ඒ මහතා ඉල්ලා සිටියේය.

නෑදෑ ගමන් යාම, තෑගි බෝග හුවමාරුව මෙම වසරට පමණක් සම්පූර්ණයෙන්ම අත්හිටුවන ලෙසද ඔහු ඉල්ලා සිටියේය.

369 views

52 Comments to “කොරෝනා මෙල්ලයි.. රටම අවුරුදු සමරන්න.. ඇදිරි නීතිය ස්ථිරවම මේ මාසයේ අවසන්…- අලුත් අවුරුද්දදේ රටටම සුබ පණිවුඩය ඉහලම සෞඛ්‍ය බලධාරියාගෙන්..[Video]”

  1. Truth says:

    Script jumps out before the drama. What goes around comes around. Let’s see what’s going to happen.

  2. sunimal says:

    අපේ පිරිත් වල බලය දැන් ලෝකයටම දැනිලා ඒ අය දැන් අසරණ වෙලා පිහිටක් ඉල්ලන්න කෙනෙක් නැහැලු.

    • toyota corona says:

      නිකං බයිලා ගහන්නෙ නැතුව හිටපං. පිරිත් පැන් ගුවනින් ඉහලපු දවසෙ තමයි මැරෙන්න පටන්ගත්තෙ.

    • nimalsiri says:

      ado moda nugath sunimal,pirith penwalata vadaa hondaine umbalage buddhawa plain eken ekka gihin eka
      janelayak vitharak erala,uge maha labba eliyata aragena hujja kerewwaanam.

  3. Hesh says:

    එක අත පසුවීමක් ඇති කොරෝනා ආයෙත් හිස ඔසවන්න. මතකනේ කොරියාවට උන දේ.

  4. Swadesikaya says:

    Thanks you all who play a greater role for eliminating corona from motherland. I wish you all a very happy healthy new year!

  5. Bandula says:

    මට නම් කියන්න තියෙන්නේ තව මාස 02 ක් වත් ඇදිරි නිතිය දැම්ය යුතුයි. දුම්රියේ ගමන් කරන මගියකු වන මා දකුණු පළාතේ සිට දුමිරියට ගොඩවෙති. සතියේ දිනවල දුම්රියේ ගමන් කරන මහ සෙනක ප්‍රමාණය කොතරම් ද කියා දැනෙන්නේ එහි යන අය පමණි. මෙම රෝගය සදහටම ලංකාවෙන් අයින් කරන තෙක් ඇදිරි නිතිය තිබිය යුතුයි. ගරු වෛද්‍ය තුමනි. මේ ඔබේ අවධානය පිණිසයි.