රටම අවුල් කල 19 සංශෝධනය වෙනස් කරන බව මහින්ද කියයි..

November 18, 2019 at 5:30 pm | lanka C news
රටම අවුල් කල 19 සංශෝධනය වෙනස් කරන බව මහින්ද කියයි..

ජනාධිපතිවරණයේ ජයග‍්‍රහණයෙන් පසු විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ සහ ඒකාබද්ධ විපක්‍ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ මහතා මෙම ජනාධිපතිවරණය විශිෂ්ඨ ලෙස ජයගෙන ඇත. අවුරුදු පහක් මුළුල්ලේ අනේකවිධ දුෂ්කරතා විද ලබාගත් මේ ජයග්‍රහණය ඉතාමත්ම සාමකාමීව, අනුන්ට කිසිඳු කරදරයක් නොවන ආකාරයට භුක්ති විදින මෙන් මම අපගේ පාක්‍ෂිකයන්ගෙන් මෙන්ම සියලුම ශ්‍රී ලංකාවාසී ජනතාවගෙන්ද ඉල්ලා සිටිමි.

මහජනතාව මේ තීරණාත්මක ජයග්‍රහණය අප වෙත ලබාදී තිබෙන්නේ, පසුගිය අවුරුදු පහ පුරාවටම පැවති මේ ආණ්ඩුවේ ක්‍රියා පිළිවෙත එපා වී ඇති නිසාය. එම නිසා කිසිවෙකුටත් කරදරයක් නොවෙන ආකාරයට හැසිරීම අපි පොදු මහජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු යුතුකමකි. පසුගිය අවුරුදු පහ මුලුල්ලේ වත්මන් ආණ්ඩුවේ දඩයමට හා අසාධාරණකම් වලට ලක්වූවන්ට සාධාරණයක් ඉටු කිරීම පිණිස අපි විශේෂ වැඩපිළිවෙලක් යොදන බවට මේ අවස්ථාවේදී මම ප්‍රකාශ කර සිටිමි.

අපගේ ප්‍රතිවාදීන් 2015 දී කළ ආකාරයට නොයෙක් පටු දේශපාලන න්‍යාය පත්‍රයන් සහිත ජාතිවාදී, ආගම්වාදී බලවේග එකතුකරගෙන මෙවරත් ජනවරම කොල්ලකෑමට ගත් උත්සාහය ව්‍යර්ථ කිරීම ගැන මම ශ්‍රී ලංකාවාසී ජනතාවට මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. ජාතිවාදය වපුරවමින් කරන මේ භයානක දේශපාලන සූදුව අවසන් කිරීමට කාලය දැන් එළඹී තිබේ. මේ ජනාධිපතිවරණය මීට කළින් පැවති සියලුම ජනාධිපතිවරණ වලට වඩා බෙහෙවින්ම වෙනස් වන්නේ, 19 වන ව්‍යවස්ථා සංශෝධනය විසින් ඇති කර තිබෙන ව්‍යාකූලතාවය නිසාය.

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසු, 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්වය ගැන සමාලෝචනයක් කර, පවතින නීතිමය රාමුව තුළ ඉදිරි කටයුතු කරගෙන යෑමට අපි බලාපොරොත්තු වෙමු. අවුරුදු පහක් මුලුල්ලේ අයාලේ ගිය රට යළිත් හරි මඟට ගැනීමට අපට දැන් අවස්ථාව උදාවී ඇත. අපගේ අපේක්‍ෂකයාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි, මේ සඳහා රටේ ආර්ථිකය මුල සිට ගොඩනැගීමට මෙන්ම රටේ පාලන තන්ත්‍රය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා සම්පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කිරීමට සිදුවෙනු ඇත. මේ පිළිබඳව තව නොබෝ දිනකින් වැඩි විස්තර අපි ජනතාව වෙත ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු.

මේ මැතිවරණයේදී ප්‍රකාශ වී ඇති ජනවරම හමුවේ ආණ්ඩුව පාර්ලිමේන්තු සම්ප්‍රදායට ගරු කරමින් කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. අපගේ මාතෘ භූමියටත්, සියලු දේශමාමක ශ්‍රී ලාංකික ජනතාවටත් ජයවේවා!

මහින්ද රාජපක්‍ෂ
විපක්‍ෂ නායක

240 views

11 Comments to “රටම අවුල් කල 19 සංශෝධනය වෙනස් කරන බව මහින්ද කියයි..”

  1. MD says:

    Obatumath Sahodara Gotabayath(Atigaru Janadipti)Rata beraganima wenuwen kalaguna salakirimtath ape yutukama kalemi.Jayawewa!

    • namal says:

      2020 මැයි දක්වා අගමැති වී ඉන් පසු වසර 05කට රනිල්ට අගමැති කම දෙන්න

  2. Eiffel says:

    ජනාධිපතිට ඕ්න විධිහට වැඩේ කරගෙන යන්න දෙන්න..

  3. SL says:

    අවුරුදු 5 න් පස්සේ දෙන පෙන්සෝන් එකත් කන්සොල් කරන්න්ඩෝ .මන්ත්‍රී වරයෙකුට අවම IQ ලෙවෙල් එකක් අවශ්‍ය පරිද්දෙන් නීතියක් සකස්කොරන්ඩෝ .බෝක්කු දේශපාලකයින් ප්‍රාදේශීය සභාවටවත් ගන්න බැරිවෙන්න නීති හදන්ඩෝ .

  4. Aurora says:

    කුණුවූ අභ්‍යන්තරයක් සහිත යහපාලකයෝ විසින් 19 සංශෝධනය මගින් මහා අවුල් ජාලයක් බවට පත්කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නැවතත් ප්‍රතිසංස්කරණය කිරීමට ඔබතුමාගේ අධිෂ්ඨානය අගය කරමු. බෙදුම්වාදී බලවේග මැඩපවත්වන බලය සහිත, රටේ ඒකීයභාවය රකින ජනාධිපති ක්‍රමය නොවෙනස්ව තබාගැනීම ජාතියේ චිරස්ථිතිය සඳහාම වෙන බව 2019 නොවැම්බර් 16 ජනාධිපතිවරණය විසින් සනාථ කරණ ලද බව පෙන්වාදීමට කැමැත්තෙමි. ජනාධිපති ක්‍රමය නිසා ජාතිය ලබාගත් ජයග්‍රහණ බෙදුම්වාදීන්ට සහ දේශ ද්‍රෝහීන්ට නොව දේශප්‍රේමීන්ට වටී.

  5. aniwa says:

    aniwa sir, president should be reinstated with all the powers as before. and also he should be able to extend his term to at least 3 times without an election. jaya wewa appachchi !

  6. Gobrial says:

    Repeal 13th Amendment – no need for Provincial Councils
    Repeal 17th Amendment – no need for “Independent” commissions (Hool Fools can go home)
    Repeal 19th Amendment – President needs to be a powerful position

    • Susil says:

      Very true.

    • PalathSabha Ahosi karanna 2/3 balaya labagenama karanna. Palath sabha chanda tiyanna salli viyadam karanna epa. Methiwaraya thiya 2/3 balayen palath sabha durukaranna.13 saha 19 dekama venas kara Siri LAnkave Rajyaya shakthimath karanna. Rata bedeemata, Eke eka kandayam walata swadeena palanaya illeemata nohekiwana lesa waganthi athulah kara eya danduwam labana jathidrohi kriyawak lesa salaka neethi sakas karanna.
      Sinhala janayata daru parapura vedi kereemata athwela sapayanna. Eka pavulaka daruwan 8-10 laba ganna pahasukam denna. Apata daruwan hodin hada ganna math uvadura durukaranna. Nevatha rata jathiya anathurata damana moda katha saha kriya kereemata Ida nothabanna. Jathyantharayata yata novanna. Lak vesiyani Jathyantharaya apata damana badhaka ekawvanva Jaya geneemata sarala jeevitha ratawakata purudu wenna.

  7. මාතර සුනිල් says:

    අනිවාර්යෙන්ම 19 සහ 13 අවලංගු කලයුතුයි. නමුත් 19 ඇති තොරතුරු දැනගැනීම සහ තවත් විදේශ සමග අත්සන් කරන සියළුම ගිවිසුම් අත්සන් කිරීමට ප්‍රථම ජනතාවට දැන ගැනීමට සැලැස්විමට කටයුතු කරන්න.

  8. Dilini says:

    Meeta passe 225 epa.harak patti epa.Ratata bara wadi.

Main News