රටම අස්වද්දන්නට ‘එප්පාවල’ අපේ පොහොර එයි.. අද සිට වෙලදපොලේ…

June 24, 2020 at 6:48 pm | lanka C news
රටම අස්වද්දන්නට ‘එප්පාවල’ අපේ පොහොර එයි.. අද සිට වෙලදපොලේ…

කාබනික පොහොරවල ඇති ‘පොස්පරස් ඌනතාව සපුරා දිය හැකි ‘රොක් පොස්පේට්’ පොහොර මිශ්‍රණයක් ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය යටතේ හඳුන්වාදීමට හැකි වූ බවත් එම පොහොර මිශ්‍රණය කාබනික පොහොර සමඟ මිශ්‍ර කිරීමෙන් සවිබල ගැන්වූ කාබනික පොහොර මිශ්‍රණයක් ලැබෙන බවත් එය වස විසෙන් තොර ගොවිතැනක් පිළිබඳ බලාපොරොත්තු තබා සිටින මෙරට ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ඉතා සුබදායක පණිවිඩයක් බවත් කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

73/1, ගාලු පාර, කොල්ලුපිටිය යන ස්ථානයේ පිහිටි සිය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ පැවැති ඉහත පොහොර මිශ්‍රණය හඳුන්වාදීමේ උත්සවයට එක්වෙමින් ඒ මහතා මෙසේ පැවසීය.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

“ලංකා පොස්පේට් සමාගම ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි කර්මාන්ත අමාත්‍යාංශය යටතට පත්ව ඇත්තේ. එප්පාවල පොස්පේට් නිධිය අපට ලැබුණු ඉතාමත් අනගි දායාදයක්. අප දන්නවා එම දායාදය කුණු කොල්ලයට විකුණා දැමීමට සූදානම් වන විට නීතිය ඉදිරියට ගොස් රජරට ජනතාවට එය වළක්වා ගැනීමට හැකි වුණා. අද අපේ වගකීම වන්නේ ඒ අනගි සම්පත උපරිම කාලයක් මෙරට ගොවි ජනතාවගේ පොහොර අවශ්‍යතාව සපුරාලීම සඳහා යොදා ගැනීමයි. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිඳුන් ජනාධිපතිවරණයේ දී රට හමුවේ තැබූ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්තිය අනුව අප අමාත්‍යාංශයට හැකිව තිබෙනවා, ඉහත අවශ්‍යතාව සපුරාලීම පිණිස ඉදිරි පියවර ගැනීමට.

අපි එප්පාවල පොස්පේට් සමාගමේ නව සභාපතිවරයා හා අධ්‍යක්ෂ මණ්ඩලය පත් වූවාට පසු අමාත්‍යාංශ ලේකම්තුමන් ද සහභාගී කරවාගෙන සාකච්ඡා ගණනාවක් පවත්වා එප්පාවල පොස්පේට් නිධියෙන් රටටත්, ගොවි ජනතාවටත් උපරිම ඵලයක් ලබා දීම පිණිස කටයුතු කළා. ඒ අනුව එප්පාවල පොස්පේට් පොහොරවලට වටිනාකමක් එකතු කිරීමත්, කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි ‘එප්පාවල රොක් පොස්පේට් ඃ ඊ.ආර්.පී ඇසුරුමක්’ හඳුන්වාදීමටත් තීරණ කළා. එප්පාවල රොක් පොස්පේට් වෙනත් පොහොර නිෂ්පාදකයන්ට තොග වශයෙන් ලබා දීම නතර කරලා ඊට අගයක් එකතු කරලා ‘සුපර් පොස්පේට්’ පොහොර නිෂ්පාදනය කර ලංකා පොස්පේට් සමාගම මගින්ම අලෙවි කිරීම පළමු කටයුත්තයි. එයට යම් කාල වකවානුවක් ගත වෙනවා.

‘එප්පාවල රොක් පොස්පේට්’

ඒත් කොවිඞ් වසංගතයත් සමඟ කෘෂිකර්ම අමාත්‍යාංශය සෞභාග්‍යයේ දැක්ම අනුව ගෙවතු වගා සංග්‍රාමයක් අරඹා ඇති මේ මොහොතේ කාබනික පොහොර සඳහා ඉතා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙනවා. ඒ සමඟම අපට අපේ දෙවන තීරණය කඩිනමින්ම ක්‍රියාත්මක කිරීමේ හැකියාව ලැබුණා. දැන් ගොවි ජනතාවට හා ගෙවතු වගාවට එක්ව සිටින පිරිස්වලට අපි අද සිට ‘අපිට පොහොර අපිම හදමු’ තේමාව යටතේ කාබනික පොහොර කිලෝ 20කට එකතු කළ හැකි එප්පාවල රොක් පොස්පේට් (ඊ.ආර්.පී) කිලෝ 01 ක පැකට්ටුවක් ‘එප්පාවල පොහොර’ නමින් හඳුන්වා දෙනවා. එහි හඳුන්වාදීමේ මිල රුපියල් 10යි. සාමාන්‍ය මිල රුපියල් 30ක්. ඒ අනුව අපට රසායනික පොහොර වෙනුවට අද සිට රටට ‘සවිබල ගැන්වූ කාබනික පොහොර’ ගොවි ජනතාවට හා ගෙවතු වගාවෙහි නිරත පිරිස්වලට ලබා දීමට හැකිව තිබෙනවා. කාබනික පොහොරවල නයිට්‍රජන් හා පොටෑසියම් සංඝටක ප්‍රමාණවත් ලෙස තිබෙනවා. නැත්තේ පොස්පරස් සංඝටකයයි. ඒ ඌනතාව අප හඳුන්වා දෙන එප්පාවල පොහොර මිශ්‍රණයෙන් මඟ හරවා ගත හැකියි. ඒ අනුව රසායනික පොහොරවලින් තොර සෞඛ්‍යාරක්ෂිත ඵලදාවක් ලබා ගැනීමේ ඉඩකඩ ගොවි ජනතාවට හිමිව තිබෙනවා.

‘උපදෙස් පත්‍රිකාවක් ද සමගින් රට පුරා’

ඒ අනුව ‘එප්පාවල පොහොර’ යන දේශීය සන්නාමය සහිත පොහොර පැකට්ටුවක් ගොවිජන සේවා මධ්‍යස්ථාන මඟින් රට පුරා බෙදාහැරීමට අවශ්‍ය ධාරිතාවයෙන් ලංකා පොස්පේට් සමාගම කටයුතු කිරීමට සූදානම්. ඒ බෙදාහැරීම් කටයුතු සමඟ අපි පොහොර මිලදී ගන්නා සෑම අයෙකුටම මේ පොහොර මිශ්‍රණය කාබනික පොහොර හා මිශ්‍රකර ගන්නා අන්දම පිළිබඳ ලියැවුණු උපදෙස් පත්‍රිකාවක් ද භාෂා තුනෙන්ම ලබා දීමට කටයුතු කරනවා.

‘සුපර් පොස්පේට් නිපදවීම’

කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ඇති ලක් පොහොර සහ කොමර්ෂල් පොහොර යන රාජ්‍ය සමාගම් දෙක ද හවුල් කර ගෙන ඉදිරි වසර තුන තුළ ‘රොක් පොස්පේට්’ වෙනුවට ‘සුපර් පොස්පේට්’ පොහොර නිපදවීම සඳහා ඒකාබද්ධ කැබිනට් පත්‍රිකාවක් සැකසීම මේ දිනවල සිදුවෙනවා. ඒ සඳහා ඉහත පොහොර සමාගම්වල සභාපතිවරුන් ද සම්බන්ධ කර ගනිමින් අපි සාකච්ඡා ගණනාවක් පවත්වා තිබෙනවා. ඉදිරියේ දී ගරු චමල් රාජපක්ෂ මැතිතුමන් සමඟින් අපි එම කටයුත්ත ඉටු කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපේ රටේ ජනතාවට පොහොර ආනයනය සඳහා වසරකට වැය වන රුපියල් බිලියන 33ක මුදල රට තුළම ඉතිරි කර ගැනීfමි ඉඩකඩ නිර්මාණය වේවි.

අද මේ රටට ඓතිහාසික දිනයක්. කාබනික පොහොරවල ගැටලු ගැන කියමින් කන්කෙඳිරිගෑම අදින් අවසන් වේවි. කාබනික පොහොර මෙසේ සවිබල ගැන්වීමෙන් අස්වැන්න අඩුවීමක් ගැන කියැවෙන කතාවලට තිත තැබේවි. මේ සුබදායී පණිවිඩය රට හමුවේ තැබීමට මාධ්‍යවේදී සහෘදයන් කටයුතු කරාවි කියන විශ්වාසය අපට තිබෙනවා.”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ

62,960 Viewers

42 Comments to “රටම අස්වද්දන්නට ‘එප්පාවල’ අපේ පොහොර එයි.. අද සිට වෙලදපොලේ…”

  1. Pork says:

    A really very good initiative. Thank you Mr. minister.

    • රජරට බයියා says:

      නියමයි. ගරු අමැති තුමනි,

      අවුරුදු 50 කට අදික කාලයක් තිස්සේ මේ පොහොර නිදිය ඔහේ තිබුනා. අපේ නව රජයේ නියම දක්ශ ක්‍රියා කාරී කන්ඩායමක් ඉන්නවා. ඉතින් තව මොනවද.

      අතිගරු ජනාධිපති තුමාගේ සග ගරු අගමැති තුමගේ අශිර්වාදය සමග මේක මහා පරිමානයෙන් කරගෙන යන්න.

      අගොස්තුවේදී ලබන් අති විශිෂ්ට ජයෙන් තවත් දේශීය මේ වගේ කර්මාන්ත ගොඩ දාන්න.

      පොහොට්ටුවට ජය. මුලු රටටම සෙත.ජනතාවට සෞභාග්‍යය.

      • sanka says:

        මේ පොස්පේට් නිධිය ලගම හිටිය හොරිසෝන් ලා, ගංජා දුමීයල කෘෂිකර්ම ඇමතිකම් වල හිටියත්, දුමියගේ බාප්පා මේකේ ලොක්ක වෙලා හිටියත් රජරට ගොවි ජනතාවට ප්‍රයෝජන ගන්න මේ වගේ නිර්මාණශීලි දෙයක් කලේ නැහැ ………. ඔබ රජරට නොවුනත් ..මෙවැනි උතුම් දෙයකට ආරම්භය තැබූ ඔබට ….රජරට අපේ ආචාරය

    • රජරට බයියා says:

      නියමයි. ගරු අමැති තුමනි,

      අවුරුදු 50 කට අදික කාලයක් තිස්සේ මේ පොහොර නිදිය ඔහේ තිබුනා. අපේ නව රජයේ නියම දක්ශ ක්‍රියා කාරී කන්ඩායමක් ඉන්නවා. ඉතින් තව මොනවද. ඔබ තුමා ජාතික වීරයකි.

      අතිගරු ජනාධිපති තුමාගේ සග ගරු අගමැති තුමගේ අශිර්වාදය සමග මේක මහා පරිමානයෙන් කරගෙන යන්න.

      අගොස්තුවේදී ලබන් අති විශිෂ්ට ජයෙන් තවත් දේශීය මේ වගේ කර්මාන්ත ගොඩ දාන්න.

      පොහොට්ටුවට ජය. මුලු රටටම සෙත.ජනතාවට සෞභාග්‍යය.

      • FoolishLankan says:

        royal baiyo mokada kiyanne?

      • W A S says:

        එල. විමල් වැඩක් කරණවා කියල අපි කවදත් කිවුවා.
        සාපේක්ෂව ගත්තාම විමල් හොදටම හොදයි.
        ජනපතිගේ දර්ශණය සහ ඇමතිගේ දර්ශනය ගැලපෙනවා.
        එවිට නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් වෙනවා.

    • Dubba says:

      එප්පාවල ලංකාවට අවශ්‍ය පොස්ෆේට් පොහොර අවුරුදු සිය ගණනකට තියනවා.

      එක GUNP ආණ්ඩුවක් මෙම නිධිය පිටරටට හාරන්න දෙන්න එකඟ වුණා අවුරුදු 30 කින් ඉවර කරන්න.
      ජනතා සටන් වලින් එය වැළකුණා

      • DOC says:

        රාජපක්ෂලා හදනවා.
        UNP විකුණනවා.
        ජෙප්පො ගිනි තියනවා.

    • wijebahu says:

      is it free as promised, or just a election gimmick.

  2. Aurora says:

    බොහොම ස්තුතියි, අපේ රට අපි හදමු.

  3. Narada says:

    ඔහු අපගේ සම්පත් වැඩි දියුණු කිරීම සඳහා විශාල උත්සාහයක් දරයි,සජිත් සමඟ එකතු විය හැකි නම්,ඔවුන්ට මේ රටට පුදුම දේ කළ හැකිය.

    • dev says:

      Sajith samaga ethin nidan haranna tamai

    • fass says:

      Ekkoth mukuth kiyanna ona ne..

    • හැක හැක says:

      ඔවු, ඔවු, දැක්කනෙ පහුගිය ආණ්ඩුව කාලෙ පෑඩ් ප්‍රේමදාස බාරයේ තිබුන මධ්‍යම සංස්කෘතික අරමුදලට
      අයත් කෝටි ගානක රජයේ අරමුදල් පුදුමාකාර ලෙස අතුරුදහන් කරපුහැටි.

    • AK47 says:

      හික්ස්….. සජිය එක්ක පැකනිල් ගහල විකාර කියවන්න පුළුවන් 🙂

  4. Saman says:

    සර් ලංකාවේ බෙහෙත් නිෂ්පාදනය ට තියන බාධක තමා ව්ශල මූලික ගාස්තු

  5. GU-VP SAKKILI API says:

    දේශීය නිෂ්පාදන විශේෂයෙන් දේශීයව සාදන ලද පොහොර අඩු ගුණාත්මක බවින් යුක්තය. විදේශීය පොහොර උසස් තත්ත්වයේ පවතින අතර ගොවීන් GU-VP SAKKLI බල්ලන් වැනි විදේශීය පොහොර භාවිතා කළ යුතුය.

    අපගේ සියලුම අරමුදල් ගනුදෙනුව ඇමරිකානු ඩොලර් වලින් පමණි, දේශීය මුදල් ගනුදෙනුවක් නොමැත.

    මෝඩ මිනිස්සු ඔයා හිතන්නේ අපි දුප්පත් කියලා?

    SAKKLI-GU-VP-VIJITHA HERATH DOG පැවසූ පරිදි අපි බොහෝ ධනවත් අය

  6. MANGAL-GE-KARI KAPU HADUN NETTIYA says:

    දේශීය නිෂ්පාදන විශේෂයෙන් දේශීයව සාදන ලද පොහොර අඩු ගුණාත්මක බවින් යුක්තය. විදේශීය පොහොර උසස් තත්ත්වයේ පවතින අතර ගොවීන් GU-VP SAKKLI බල්ලන් වැනි විදේශීය පොහොර භාවිතා කළ යුතුය.

    අපගේ සියලුම අරමුදල් ගනුදෙනුව ඇමරිකානු ඩොලර් වලින් පමණි, දේශීය මුදල් ගනුදෙනුවක් නොමැත.

    මෝඩ මිනිස්සු ඔයා හිතන්නේ අපි දුප්පත් කියලා?

    SAKKLI-GU-VP-VIJITHA HERATH DOG පැවසූ පරිදි අපි බොහෝ ධනවත් අය

  7. kamal says:

    Indians you love me. I love you what caliber people can do this five steps.
    1 demarcation line of India and china should be marked but doesn’t look encroachment but you love your teacher Kamal. Kamal wants you to give freedom.
    2 satellite technology you both can use for demarcation work

  8. GU-VP-BADU-LAL KATA BEBADDA says:

    දේශීය නිෂ්පාදන විශේෂයෙන් දේශීයව සාදන ලද පොහොර අඩු ගුණාත්මක බවින් යුක්තය. විදේශීය පොහොර උසස් තත්ත්වයේ පවතින අතර ගොවීන් GU-VP SAKKLI බල්ලන් වැනි විදේශීය පොහොර භාවිතා කළ යුතුය.

    අපගේ සියලුම අරමුදල් ගනුදෙනුව ඇමරිකානු ඩොලර් වලින් පමණි, දේශීය මුදල් ගනුදෙනුවක් නොමැත.

    මෝඩ මිනිස්සු ඔයා හිතන්නේ අපි දුප්පත් කියලා?
    හුආ … මගේ සියලුම දරුවන් විදේශ විශ්ව විද්‍යාලවලට යනවා

    SAKKLI-GU-VP-VIJITHA HERATH DOG පැවසූ පරිදි අපි බොහෝ ධනවත් අය

  9. බන්ඩා says:

    රොක් පොස්පේට් කියන්නෙ රසායනික ද්‍රව්‍යයක් මිස කාබනික ද්‍රව්‍යයක් නෙවෙය්නෙ. එනිසා රොක් පොස්පේටි වලින් කාබනික පොහොර හදන්න බැහ. කාබනික පොහොර හදන්නේ ඔක්සිජන් බහුල වතාවරනයක එලවලු ගොම ගිලිසීලියා පිදුරු වැනි කාබනික ද්‍රව්‍ය දිරාපත් වන්න සැලසීමෙන්.

    • sena says:

      මෙතන රොක් පොස්පේටි වලින් කාබනික පොහොර හදන කතාවක් කියල නෑ.

      කියල තියෙන්නේ රොක් පොස්පේට් වලින් “කාබනික පොහොරවල ඇති පොස්පරස් ඌනතාව වැළැක්විය හැකි” බවත්, යෝජිත ක‍්‍රමයෙන් වඩා ධණාත්මක කාබනික පොහොර සැපයීමට හැකි බවත්.

      එය ඇගයයුතු ව‍්‍ය‍ාපාරයක්. ඊලඟට උවමනා කරන්නේ එය සාර්ථක කරගැනීමය්.

      • Dharsana abayakoon says:

        Respect you, sa!

      • බන්ඩා says:

        “… එම පොහොර මිශ්‍රණය කාබනික පොහොර සමඟ මිශ්‍ර කිරීමෙන් සවිබල ගැන්වූ කාබනික පොහොර මිශ්‍රණයක් ලැබෙන බවත් ….”

    • Samarakone says:

      Read the news item completely; it says to mix this Ellawala phosphate fertilizer with composted fertilizer to make your garden more fertile and to get a better harvest.

    • UNP GAL IBBA says:

      තොපිට හැමදේම කනපිට පෙනෙන් ගොං පාන්කඩ වේසිගේ පුතාලා ගූඇන්පියේ ගූකාපිය වේසාවා????

  10. අපේ රට says:

    මේ වැඩබිම පටන් ගැනිමත් සමග මදුරැවෝ තලමින් පොහොර නිදියට ගියේ ණ්ඩ්ට් උගතුන් දෙදනෙක් වන ටෙරනස් අබේසේකර සහ කොඩිතුවක්කු නැමති කාර්මික නිළදරයන් දෙදනායි. එදා ඇරබි පොස්පේ නිදිය පිට උන්ට නොවිකුනා අද රටට පොහොර සැපයිම මහත් සතුටකි. අද මේ රටට ඓතිහාසික දිනයක්. කාබනික පොහොරවල ගැටලු ගැන කියමින් කන්කෙඳිරිගෑම අදින් අවසන් වේවි. කාබනික පොහොර මෙසේ සවිබල ගැන්වීමෙන් අස්වැන්න අඩුවීමක් ගැන කියැවෙන කතාවලට තිත තැබේවි. මේ සුබදායී පණිවිඩයකි

  11. nirmala says:

    මේ පොස්පේට් නිධිය ලගම හිටිය හොරිසෝන් ලා, ගංජා දුමීයල කෘෂිකර්ම ඇමතිකම් වල හිටියත්, දුමියගේ බාප්පා මේකේ ලොක්ක වෙලා හිටියත් රජරට ගොවි ජනතාවට ප්‍රයෝජන ගන්න මේ වගේ නිර්මාණශීලි දෙයක් කලේ නැහැ ………. ඔබ රජරට නොවුනත් ..මෙවැනි උතුම් දෙයකට ආරම්භය තැබූ ඔබට ….රජරට අපේ ආචාරය

    • Tony says:

      Thank you Nirmala for reminding.

      Kiwwath wage Oya Manussayo monawada Rajarata govinta karapu udawwa???

      • ක්‍රිමිනල් says:

        ජඩපාලන ආණ්ඩුවකාලෙ කෘෂිකර්මය කලේ බත්තරමුල්ලේ. ඒකෙන් ගොඩගියේ සබීතලයි, දුමියලයි විතරයි.

  12. ජනහිත says:

    සියරට දේ!
    සිරිසැප දේ!!
    වැඩි, වැඩියෙන් දේශීය දේ භාවිතා කරමු!!!

  13. Ravana parapura says:

    රාවණ යුගයක් නැවත ගොඩනගමු බුදු සරණයි ජය ශ්‍රී

  14. Love nature says:

    පැරකුම් යුගයක් නැවතත් අරඹමු…..

  15. Love nature says:

    ගොවිතැන, වෙළඳාම,හස්ත කර්මාන්ත, ආණ්ඩුවේ තනතුරුවලට වඩා උසස් බව සිතනු

  16. Love nature says:

    ස්වකීය ඉඩම් කඩම් මුඩු වී තිබීමට ඉඩ නොදී, හැකිතරම් වගා කිරීමට කටයුතු යොදනු

  17. Felix says:

    Very Good News and we need more local products to generate instead of imported goods. Well done!!

  18. SL says:

    Good news.Is the price tag correct?
    Seems like selling at a loss.do not make this another burden to the treasure pls

  19. Sisil Wimalasekera, Madampe says:

    Bright future for Sri Lanka with Rajapaksha

  20. Mangala says:

    Very good move.this was put on sale by UNP.
    Gov. Should also should stop the micro finance company called cash wagon.
    They target the middle income people offering loans.the monthly interest is 44% with a minimum annual interest of a staggering 528% .when unable to pay they haress and use thuggery.

  21. Ayatollah says:

    You are an asset to the country. What the country need is a good fertilizer to improve productivity of crops and vegetables as the new improved varieties has been bred by the Planf Breeders to response to fertilizers and by adding the organic content the fertilizer problem will now will disappear. We need ministers of your caliber and Thank you Hon Minister for this decision

  22. Harvey Perera says:

    Rock phosphate can be used on acidic soils found in tea plantations and certain other acidic soils. In alkaline soils, the rock phosphate does not break down. Please contact Rubber research Institute, Coconut Research Institute, and Tea Research Institute for details on test results with ground rock phosphate done in the 1980’s. For paddy soils that are alkaline I believe you need Superphosphate which is made by acidification of rock phosphate with acid. The Eppawela phosphate is an igneous rock that is very hard and does not break down easily unlike bird guano which was imported earlier as a source of phosphorous for the soils. The soils need N, P, K for plant growth.

Leave a Comment

Main News