රටම ආපදාවේ.. ජනපති-ආපදා ඇමති රටින් පිට..
May 27, 2017 at 12:18 am | lanka C news
දිවයිනේ හදිසි ආපදා තත්ත්වයක් ප්‍රකාශ කොට ඇති අතර දිස්ත්‍රික් ගණනාවක්ම ගංවතුර හා නාය යෑම් වලට ලක්වී ඇත. කැලණි ගග පිටාර ගැලිමේ තර්ජනයට මුහුණ දෙමින් ඒ අවට ජනතාව ඉවත් කරමින් සිටී. සියයකට ආසන්න මරණ සංඛ්‍යාවක් මේ වනවිට වාර්තා වි ඇත.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටින් බැහැරව ඔ්ස්ටේ‍්‍රලියාවේ නිල සංචාරයක යෙදී සිටින අතර ආපදා කලමනාකරණ ඇමතිවරයාද ලංකාවේ නැත.
අගමැතිවරයාද රාත්‍රියේ විදේශගතවන්නට නියමිතව සිටි බව වාර්තා පැවසුනත් විදේශ ගත වූයේදැයි තොරතුරු නැත.