රටම ඇන්දූ කිලෝ මීටර් 54ක සේරුවාවිල රන් නිධියේ ඇත්ත කතාව මෙන්න..
January 26, 2021 at 3:00 pm | lanka C news
රටේ ණයබර පවා ටික කලකින් ගෙවා දැමීමේ හැකියාව ඇති වර්ග කිලෝ මීටර් 54 ක පමණ ප්‍රදේශයක පැතිරී තිබෙන රත්තරං නිධියක් සේරුවාවිල ප්‍රදේශයෙන් හමුවී ඇතැයි පසුගියදා ප්‍රධාන පුවත්පත් කිහිපයක් සිය සිරස්තල වලින් අනාවරණය කර තිබුණා. මේ පිළිබඳව සමාජයේ ඇතිවුණේ දැඩි කතා බහක්.
මේ පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යංශයේ සභාපති අනුර වල්පොළ මහතා අදහස් දක්වා තිබෙනවා.
“ලංකාවේ රත්තරං නෑ කියන තැන අපි නෑ. මාධ්‍ය වාර්තාකරණයේ තිබුණු ආකාරයට වර්ග කිලෝ මීටර් 54 ක විහිදුණු රත්තරං නිධියක් කිසිසේත්ම සොයාගෙන නෑ. යපස් නිධියක් පිළිබඳව කථිකාවක් ඇතිවුණා. එතනදී බුත්තල යුදඟනාවේ තිබෙන යපස් නිධිය සහ සේරුවාවිල යපස් නිධිය ගැන කතා වුණා. සේරුවාවිල යපස් නිධියේ මිලියන එකෙන් පංගුවක් විතර රත්තරං තියනවා කියල කතා වුණා.“
මෙරට තිබෙන ඛනිජ සම්පත් වලින් ප්‍රයෝජන ගැනීම වෙනුවෙන් සකස් කර තිබෙන නවතම සැලසුම් අනාවරණය කරමින් සිදුකළ එම සම්පූර්ණ සාකච්ඡාව
api hithuwe wasanawata padila kiyala
ලන්කාවේ ලොකුම යපස් නිධිය තියෙන්නෙ හලාවත පනිරෙන්දාවේ
අපේ ජවිපාලු ,ආලපාලු සෑර්ලාගේ ලණුව කොහොමද?
මේක ගොන් බයියන්ව අන්දන්න පලාත් සබා චන්දෙට තියාගෙන හිටපු එකක්. කවුදෝ ගොනෙක් කලින්ම එලියට දාල.
ඒ ඇන්දිල්ල කෙසේ වෙතත් ජවිපාවොන්ට නමි ඇඩිරස් නැතවෙනවා සුවර්. සොරි කවිද දිනුමි කියලා බලාගෙන ඉන්ට තමා වෙන්නේ
ගොන් බයියෙක් තොප්පිය දාගෙන 😀
මේ කතාවත් , නිදන් කතාව වගේ එකක් . එකමත් එක පුරා විද්දියා හාමුදුරු නමක් කිව්ව නේ නිදන් නෑ කියල . ඒ උනාට නිදන් හාරනව කියල පොලෝසියෙ මහත්තුරු අත්තඩංගුවටත් ගන්නව . සමහර සංබාවනීය ඇත්තො හෑරුවාම ඒවයේ එව්ව මෙව්ව යහමින් තියෙනව . ඉතිං ඒවගේ සත්තරං නැතෝ කියල සද්දෙට බෙරිහං දීල , සද්දෙ වහල කවුරු හරි ( පිටරට ක එකෙක් ) හාර ගන්නත් බැරි නෑ . පව් ලංකාව නේ ?
Ai kianatea haranna gia.. api panaberagatea anunawayen.. ai eapalatewath yan na kiala…