රටම ඉල්ලන අපේක්‍ෂකයා දෙන්න නායකයා කෘත්‍යාධිකාරිය සූදානම්..

August 29, 2019 at 4:40 pm | lanka C news
රටම ඉල්ලන අපේක්‍ෂකයා දෙන්න නායකයා කෘත්‍යාධිකාරිය සූදානම්..

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා ලෙස ජනාතාව ඉල්ලන දිනන නායකයෙක් ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ අමාත්‍යය කබිර් හෂිම් මහතා පැවසිය.

කබිර් හෂිම් අමාත්‍යවරයා එ බැව් කියා සිටියේ අඹගමුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ මිනුවන්දෙණිය දාගම්පිටියි පාර , පල්ලේවත්ත පාර , දේගස්තැන්න ඇල්ල උඩ මාර්ගය සහ අඹගමුව සෙල්ලිපිගම මාර්ගය කාපට් අතුරා ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පත් කිරිමෙන් පසු  අද (29) එම ප්‍රදේශවල පැවති ජන හමුව අමතමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු අමාත්‍යය කබිර් හෂිම් මහතා කියා සිටියේ එකසත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂය වෙනුවෙන් විශාල කැප විමක් මේ වන විට සිදු කර ඇති බවයි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපෙක්ෂකයා වශයෙන් දිනන අපෙක්ෂකයෙක්  රටම ඉල්ලන බවත්, එම ඉල්ලිමට සවන් දි පක්ෂ නායකත්වය සහ පක්ෂයේ කෘත්‍යාධිකාර මණ්ඩලය එම දිනන අපෙක්ෂකයාව ඉදිරියේදි ප්‍රකාශයට පත් කරන බව කබ්ර් හෂිම් මහතා පැවසිය.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපෙක්ෂකයාව සිය පවුලේසමාජිකයන්  අතරින් තොරාගෙන  ශ්‍රි ලංකා පොදු ජල පෙරමුණේ  මහ සම්මේලනයේදි  ඉදිරිපත් කල බවත්, එවැනි තත්ත්වයක් එක්සත් ජාතික පක්ෂය තුල නොමැති බවත්, රටම ඉල්ලන පක්ෂය පිලිගත් නායකයාගේද එකගතාවය මත කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් ජනාධිපති අපෙක්ෂකයා ප්‍රකාශයට පත් කරන බව කබිර් හෂිම් මහතා වැඩි දුරටත් කියා සිටියේය.

– හැටන් රංජිත් රාජපක්ෂ

44 views

6 Comments to “රටම ඉල්ලන අපේක්‍ෂකයා දෙන්න නායකයා කෘත්‍යාධිකාරිය සූදානම්..”

  1. SLCommunity says:

    Ubala mokek dammath paradi yakooo…

    • ගෝමස් says:

      රට දිනවූවන්ට, අදීන ජාතියකට මං පෙන්වූවන්ට කල කැණහිලිකම් සඳහා දිට්ඨධම්ම වෙදනීය කර්මය සූදානම් කර තිබේ. කරුණාකර පැමිණ ලබාගනු මැනවි ගොං අලියනි.

  2. රෑට තමයි ඉදිරිපත් කරන්න වෙන්නෙ…රෑට විතරයි නිදි මරාගෙන ඇහැරල ජනතාව වෙනුවෙන් වැඩ කරන්නෙ…

  3. නිළමේ says:

    වෙනින් කවුරුවත් නෙමේ, ඒ තමයි ” ගෝටාභය ” නමැති අභීත නායකයා.

    • Bald Citizen says:

      සම්පූර්ණ ඇත්ත! අනෙක් එකෙකුටවත් කොන්ද පනත් නෑ,
      මේ රටේ සමස්ථ ජනතාවටම එකවගේ බලපාන සේවයක් කරලත් නෑ.

  4. MD says:

    Bambuwa tamai.

Main News