රටම උග‍්‍ර මන්දපෝෂණ තත්වයකට ගමන් කරමින්….

June 23, 2022 at 4:40 pm | lanka C news
රටම උග‍්‍ර මන්දපෝෂණ තත්වයකට ගමන් කරමින්….

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

පවතින අර්බුදකාරි වාතාවරණය මධ්‍යයේ උග්‍රවන පෝෂණ ගැටලු තුලින් මන්ද පෝෂිත අනාගත පරපුක් බිහිවීමේ අවදානම

පවතින ආර්ථික අර්බුදයට ලැබෙන විසදුම් පිලිබද පැහැදිලි විශ්වාසනීයත්වයක් නොමැති පසුබිමක සමාජය තුල ඒ් හරහා විවිධ අතුරු ගැටලු ගණනාවක් මතුවෙමින් පවතී.

ආර්ථික ගැටලු සමග මතුව ඇති ජිවන වියදම පිලිබද ගැටලුව ජනතාවගේ ආහාර වේල කෙරෙහිද දරුණු ලෙස බලපාමින් සිටි.

මහ බැංකු වාර්ථාද පෙන්නුම් කරන පරිදි විවිධ ක්ෂේත්‍ර වල උද්ධමනයන් සන්සන්දනය කිරීමේදී පසුගිය කාලය තුල ආහාර ද්‍රව්‍ය වල මිල ඉහල යාම කැපී පෙනෙයි.

ඔරොත්තු නොදෙන ආහාර මිලත්, ආහාර හිගයත් යන කරුණු දෙක නිවසේ ආර්ථිකය තුල කළමණාකරණය කර ගැනීම සදහා බහුතරයක් ජනතාව ප්‍රධාන විකල්ප 02 ක් වෙත යොමු වෙමින් සිටී.

01. ගන්නා ආහාර ප්‍රමාණය අඩු කිරීම
02. ආහාරයේ ගුණාත්මක බව අඩු කිරීම

යුනිසෙෆ් සංවිධානය මගින් ශ්‍රී ලංකාව තුල පසුගිය කාලය තුල සිදුකල සමීක්ෂණ මගින්ද තහවුරු වී ඇත්තේ සෑම ශ්‍රී ලාංකික පවුල් 10 කින් 7 ක්ම මෙලෙසින් කටයුතු කරමින් සිටින බවයි.

ජනමාධ්‍ය වාර්තා කල පරිදි මේ වන විටත් සමස්ත ශ්‍රී ලාංකික ජන ගහණයෙන් 25% කට වැඩි පිරිසක් එනම්, ලක්ෂ 50 කට වැඩි ගණනක් මෙම ප්‍රමාණාත්මික හා ගුණාත්මක ආහාර වේලක් සපයා ගැනිමේ ගැටලුවට උග්‍ර ලෙස මුහුණ‌ දෙමින් පවතී.

සෞඛ්‍ය ක්ශේත්‍රයට සම්බන්ධ වෘත්තීය සංවිධානයක් ලෙස අප නිරික්ෂණය කරනුයේ පවතින තත්ත්වයට නිවැරදි හා කඩිනම් විසදුම් ලබා නොදුනහොත් දැනටමත් යම් මට්ටමකින් පවතින පෝෂණ ගැටලු මන්දපෝෂිත අනාගත පරපුක් බිහි කිරීම දක්වා ඔඩුදුවා යා හැකි බවයි.

විශේෂයෙන්ම ළමා මන්ද පෝෂිත තත්ත්වයක් පිලිබද අවදානම බැහැර කල නොහැක.

යුනිසෙෆ් සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන පරිදි ළමා මන්ද පෝෂණය අතින් ශ්‍රී ලංකාව ලෝකයේ 7 වන ස්ථානයේ පසුවන අතර දකුණු ආසියා කලාපයේ දෙවන තැන පසුවේ. අපේ කලාපය තුල අප දෙවෙනි වනුයේ ඉන්දියාවට පමණි.

ළමා රෝහල ආශ්‍රිතව මෑතකදී කල සමීක්ෂණයකට අනුවද රෝහල් ගත කල ළමුන් අතර මන්දපෝෂීත තත්ත්වය 20% කට වඩා වැඩි බව හෙලිදරව් වී ඇතැයි ජන මාධ්‍ය වාර්තා පල විය.

ආහාර මිල ගණන් ඉහල යාම, පාසල් දිවා ආහාර වේල සදහාද ඉතා අහිතකර ලෙස බලපා ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ග ඔස්සේ තහවුරු වෙමින් පවතී.

සමස්තයක් වශයෙන් මිලියන 1.7 කට වැඩි ළමා ජනගහණයක් පෝෂණ ගැටලු හරහා මන්ද පෝෂණ තත්ත්වයක් කරා ගමන් කිරීමේ අවදානමට ලක්ව ඇති බව ඉතා බැරූරුම් ලෙස සැලකිල්ලට ගත යුතුය.

පවතින තත්ත්වය යම් මට්ටමකින් හෝ කළමණාකරණය කර ගනිමින් පෝෂණ ගැටලු වල බලපෑම් අවම කර ගැනිමත්, අනාගත පරපුර මන්දපෝෂණයේ ගොදුරු බවට පත් නොවීමත් සහතික කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ලෙස පහත පස්වැදෑරුම් යෝජනා ඉදිරිපත් කරමු.

01. පවතින තත්ත්වය පිලිබද විද්‍යාත්මක පදනමකින් යුත් පසු විපරමක් සිදුකර දිවයින පුරා ළදරු ළමා පෝෂණ තත්වයන් හා ඒ් හරහා මන්දපෝෂණයට ඇති සැබෑ අවදානම තක්සේරු කල යුතුය.

02. ආහාර පිලිබදව ඇති මිත්‍යා මත පිලිබද සැබෑ අවබෝධයක් ලබා දීමත් විකල්ප ආහාර වර්ග හරහා ගුණාත්මක ආහාර වේලක් සහතික කර ගන්නා ආකාරය පිලිබද ජනතාව දැනුවත් කිරීමත් කල යුතුය. පෝෂදායී ආහාර වේලක් පිළිබද මූලික සංකල්ප ජනතාව වෙත ලබා දිය යුතුය.

03. ගෙවතු වගාව හා සත්ව පාලනය (ධිවර කර්මාන්තයද ඇතුලත්ව) පිලිබද දැනටමත් ක්‍රියාත්මක දිරි ගැන්වීමේ වැඩ පිලිවෙල කඩිනම් ජාතික වැඩසටහනක් දක්වා පුලුල් කොට ප්‍රකාශයට පත් කල යුතුය.

04. ගුණාත්මක ප්‍රෝටීන් ප්‍රභවයක් සහිත (උදා – මස් /මාලු/ කිරි /බිත්තර /කරවල වැනි) ආහාර වේලක් පිලිබද ජනතාව දැනුවත් කර අඩු ආදායම් පවුල් සදහා විශේෂයෙන් ඉලක්ක කර ගත් ඒ් සදහා වන සහන වැඩ පිලිවෙලක් සකස් කල යුතුය. ඉදිරි අතුරු අය වැය හරහා මේ සදහා මුදල් වෙන් කල යුතුය.

05. ගර්භණී මව්වරුන් හා ගැහැණු දරුවන් විශේෂයෙන් ඉලක්ක කර ගත් පෝෂණය ඉහල නැංවීමේ වැඩ සටහනක් මගින් මන්දපෝෂණයේ විෂම චක්‍රය බිද දැමිමට මැදිහත් විය යුතුය.

දැනටත් පවතින පෝෂණ ගැටලු වඩාත් බැරැරුම් මන්දපෝෂිත තත්ත්වයක් කරා ගමන් කිරීමට ඇති ඉඩ කඩ හැකි සෑම අදියරයකදීම ව්‍යර්ථ කිරිම බලධාරින් සතු වගකීමක් බව සිහිපත් කරමු.

12,976 views

6 Comments to “රටම උග‍්‍ර මන්දපෝෂණ තත්වයකට ගමන් කරමින්….”

  1. S. Vitharana says:

    අපි කන හැටි ලිපා දනී. ඇවිදින හැටි දෙපා දනී.

    • කුඹුක්කණ් says:

      කිසිම ආහාර අර්බුදයක් නොතිබ්බ කාලෙ ගොම සන්ගමේ අරක් ගෙන හිටපු පාවඩදෙණිය දරුවන්ට බිත්තරයක් වත් කන්න නොදෙන්න නාත සහ අනාතල එක්ක කැම්පේන් කරපුවයි ප්‍රතිපල තමා.හොර පවුල බලේට ගේන්න මිථ්‍යාවන් කැම්පේන් කරල මෝඩ බයි ඇන්දුවෙ පාවඩදෙනියල සහ ගනින්නාන්සේල.

  2. SL says:

    රටක් පාලනය කරන්න බැරි බූරු හැත්තක් චන්ද නාම ලේඛන වලට දාන චන්ද කොමා ගේ ඉඳල උන්ට මඩු වලිගෙන් තලන්න ඕනේ.

    21 සංශෝදනයටවත් රට පාලනය කරන්න දියවන්නාවට යන්න පුළුවන් උන්ට සුදුසු කම් ටිකක් දාපියවූ

    බලපියවූ සින්ගපුරුවේ හැටි, උන්ට වගා කරන්න තියා ඉන්න හිටින්නවත් හරි හැටි ඉඩක් නැහැ , එහෙම රටක් සුර පුරයක් කරන්න පුලුවන් පාලකයින් පිරිසක් තමයි උන්ගේ චන්ද නාම ලේඛනයේ ඉන්නේ, රටේ පාලනයට පත්වන්නේ .

    අපිට පත්වෙන්නේ සනත් නිශාන්ත, නිශාන්ත කුඩු ලංස,රණතුංග,චොප්පේ වගේ කාලකන්නි අපත මදාවියෝ

  3. සහොදරය says:

    ගමේ අපේ බව බෝග විනාශ කරන රිලවුන් වදුරන් , ඉත්තේවො න් හා වල් ඌරන් මරන් කන්න මන්දපෝෂණය ත් නෙහෙ අපේ බව බෝගත් ඉතුරු යි . අපේ ගස් වල තියන මිනිස් පරිභෝජන 70% ක් මේ සත්තු විනාශ කරනව බොරු වට වවන්න කියනව අපිට වවපු එක ආරාක්සා කරගන්න බෙහෙ

    • aniwa says:

      සිංහල බෞද්ධ රටක් කිව්වා නේද කාලයක් ?
      ප්‍රාණඝාතය කමක් නැද්ද දැන් ?

  4. VADC says:

    බුදාම්මෝ මස් මාළු කන්න එපා කියපු පාදඩදෙනියගෙ ගොමා සංගමේ මෙන්න අපිට ඒවායේ පෝෂණය ගැන උගන්වනවා
    පාදඩයගෙ බයි කාබනික වැඩසටහනට පිංසිදුවෙන්ට අපිනම් අද තුන්වේලටම බත් කනවා

Main News