රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

July 4, 2022 at 10:00 am | lanka C news
රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…

ඉන්ධන අර්බුදය මත ප්‍රවාහනය ඇනහිටීමත්, පාසල් වසා දැමීමත්, රාජ්‍ය සේවය සීමා කිරීමත් මත මේ සතියේ දී ද නිල නොවන ලෙස අගුළු දැමීමේ තත්වයකට පත්ව ඇත.

අද පෙරවරුවේ ද කොළඹ ඇතුළු රට පුරා ප්‍රදේශවල මාර්ග පාලු ස්වභාවයක් ගෙන තිබේ.

ඉන්ධන පිරවුම් හල ඉදිරිපිට දීර්ඝ පෝලිම් ඇතත් ඉන්ධන ලැබීම සීමාසහිතව ඉන්ධන සැපයීම සිදු කරන්නේ ඉන්දීය තෙල් සමාගමේ බෙදුම්හල් පමණි.

මේ අතර වාර්තා වන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා ප්‍රමාණවත් ඉන්ධන ලබා ගැනීම සඳහා රජය හදිසි පියවර කිහිපයක් ගැනීමට සලකා බලමින් සිටින බවයි.

53,258 views

7 Comments to “රටම ලොක් ඩවුන්.. නගර පාළුවට යයි…”

  1. Revelation says:

    මොනවා කලත් 225 ඉන්නවා, ජනාධිපති අගමැති ඉන්නවාට ඉන්නවා, රටේ ඇත්ත නායකයා එංගලන්තයේ මහරැජින, රටේ තීරක බලවේගය ඇංග්ලෝ-ඇමෙරිකන් යක්ෂ අක්ෂය.
    අර්බුදයට හේතුව වන ඉහත සමස්ථය වෙනසක් නොවී එය එසේම පවතින තාක් වත්මන් අර්බුදයට විසඳුමක්ද නැත.

  2. නීති සංගමේ අත්පොලසන් says:

    සුද්දගෙ සිස්ටම් එකම ෆේල්….

  3. Hard Talk says:

    මේ වෙලාවේ ලංකාවට ගරු කටයුතු තෙල් සැපයුමක් සැපයෙන එක විදියක් පමණයි ඇත්තේ. ඒ ඩොලර් නැතිව වෙනත් හුවමාරුවකට රුසියාවෙන් තෙල් ගැනීම පමණි.
    ජනතාව බොරු අරගල ඔස්සේ නොයා එකාවන්ව එක්ව ගොස් ජනපති සහ අගමැති වටලා කනෙන් අල්ලා රුසියාවෙන් තෙල් ගන්නා ගිවිසුමකට ඔවුන්ගෙන් අත්සන් ගත යුතුය. එවිට සතියක් ඇතුලත තෙල් අර්බුදය සමනය වනු ඇත.

    • Oil Boils says:

      “රුසියාවෙන් තෙල් ගමු” කියා පා ගමනක් සංවිධානය කරන්න.මුලු රටම ඒකට එනවා.

  4. APerera says:

    පා ගමනක් යමු රුසියාවට “තෙල් දියව්” කියලා බෝඩ් ටිකකුත් අරගෙන…

  5. atta says:

    ඇයි දැන් පේසාලෙන් තෙල් නැතිද? ඒ කාලේ තෙල් ආවනේද?

  6. සුනඛයා says:

    අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් හදිසි පියවර ගත යුතුව තිබුනේ ඉන්දියානු ණය පහසුකමෙන් සාමාන්‍ය පරිදි ඉන්ධන ගෙන්වූ කාලයෙනි
    හදිසි තීරණ ගැනීමට කෙල වනතුරු සිටිය යුතුද

Main News