රටම කැළඹූ නෙළුව-ලංකාගම මාර්ගයේ වැඩ අවසන් අදියරේ…

November 1, 2020 at 2:23 am | lanka C news
රටම කැළඹූ නෙළුව-ලංකාගම මාර්ගයේ වැඩ අවසන් අදියරේ…

දීර්ඝකාලීන ජනතා අවශ්‍යතාවක් සපුරනු පිණිස ආරම්භ කෙරුණු නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් ‍දැන් අවසන් අදියරේ පවතී.

පසුගිය අගොස්තු 29වනදා ලංකාගම නිරීක්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මාර්ගයේ වත්මන් තත්ත්වය විමර්ශණය කොට පරිසරයට හානි නොවන අයුරින් දින 90කින් වැඩ නිම කිරීමට උපදෙස් දුන්නේය.

යුද හමුදා ඉංජිනේරු බලකාය, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ඇතිව සැප්තැම්බර් 02 වනදා මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කළේය. නෙළුව – වාරුකන්දෙනිය සිට ලංකාගම දක්වා කි.මි 6.5ක කොටසක් පළමු අදියර යටතේ සංවර්ධනය කෙරේ. ඉන් කි.මි 01ක කොන්ක්‍රිට් ඇතිරිමට නියමිතය. ඉතිරි දුර ප්‍රමාණය වන කි.මි 5.5ක ඉදිකිරීම් අවසන්ව ඇත. මාර්ගයේ අලුතින් ඉදිකෙරුණු පාලම් සහ බෝක්කු සංඛ්‍යාව 34 කි. මාර්ග සංවර්ධන අධිකාරිය මාර්ගයේ කාපට් ඇතිරීම ආරම්භ කර ඇති අතර, ඉන් කි.මි 4ක දුරක් කාපට් අතුරා අවසන් කර තිබේ.

අපේක්ෂිත ඉලක්කය වන දින 90 ඇතුළත මාර්ගයේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීම අපේක්ෂාව බවත්, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් සිදු වන බැවින් නොවැම්බර් මස පළමු සතිය තුළ එය අවසන් කිරීමට හැකිවනු ඇති බවත් යුද හමුදා ඉංජිනේරු බලකාය පවසයි.

දෙවන අදියර යටතේ ලංකාගම – දොඹගොඩ සිට දෙනියාය මාර්ගය ඉදිකරනු ලැබේ. එහි ඉදිකිරීම් ද දැන් ආරම්භ කර තිබේ. මුළු දුර ප්‍රමාණය කි.මි 5.4 කි. කි.මි 1.8ක ඉදිකිරීම් දැන් නිම කර තිබෙන අතර පාලම් සහ බෝක්කු 52න් 14 ක වැඩ අවසන්ව ඇත. මාර්ගය ඉදිකිරීමේ දී පරිසර හිතවාදී ක්‍රම අනුගමනය කෙරේ. ගල් බෝර පිපිරවීම් කරන්නේ නැත.

පළමු සහ දෙවන අදියර අවසන් වීමෙන් පසුව නෙළුව සිට ලංකාගම හරහා දෙනියාය දක්වා ලංගම බස් රථයක් ධාවනය කෙරේ. ඒ සමග නෙළුව සිට දෙනියායට යාමට ගත වූ පැය 04කට ආසන්න කාලය විනාඩි 45කට අඩු වෙයි.

ගංවතුරෙන් විනාශයට පත් වැල් පාලම වෙනුවට කොන්ක්‍රීට් පාලමක් ඉදිකිරීමට ද ජනාධිපතිතුමා සිය නිරීක්ෂණ චාරිකාවේ දී පොරොන්දු විය. එහි ඉදිකිරීම් අවසන් අදියරේ පවතී.

ප්‍රදේශවාසීන්ට සන්නිවේදන පහසුකම් සලසමින් ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් ආයතන එක්ව සේවා සැපයුම් ව්‍යාපෘතියක් ක්‍රියාවට නංවා ඇත. ලංකාගම ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලයේ ස්මාට් පංතිකාමර ගොඩනැගිල්ලක් ද ස්ථාපනය කර තිබේ. කොවිඩ් ව්‍යාප්තිය හමුවේ සිසුන්ට E- Learning පහසුකම ලබාදීමට එමගින් හැකිව ඇත.

සිංහරාජ රක්ෂිතය රැක ගනිමින් පරිසර හිතකාමී ලෙස සිදුකරන නෙළුව – ලංකාගම මාර්ගය සංවර්ධනය සහ දුෂ්කරතා රැසකින් පීඩා විඳිමින් සිට ලංකාගම ජනතාවගේ ගැටළු විසඳීමට මැදිහත්වීම පිළිබඳව ප්‍රදේශවාසීහූ ජනාධිපතිතුමා වෙත කෘතඥතාව පළ කරති.

– ජනාධිපති මාධ්‍ය අංශය

53,032 views

12 Comments to “රටම කැළඹූ නෙළුව-ලංකාගම මාර්ගයේ වැඩ අවසන් අදියරේ…”

  1. Boo says:

    ඕං බොලේ පිම්පියන්ටයි සිපයියන්ටයි තව සතියක් දෙකක් යනකල් පස්ස පැත්තෙ බූමිතෙල් ගා ගත්කු ගැරඩි වගේ වටේ දුවන්න කාරනාවක් ඇවිත්.

  2. Saman says:

    This is a world heritage. This shows how stupid is so called viruwa. If there are villagers best would have been relocate them. Of course there is a hotel by rajapaksha.

    • saman says:

      Yako apita wada ape game thiyena hotel gena danna un innwane. MTA umba hotel pennann epa. Puluwannm sillara kadayak pennan ewilla. Berihan denawa thumpane idan…

      • Tissa says:

        නොදන්නා නිසා අහන්නේ …ලංකාගම ඇතුලේ උඹ කියන විදියට සිල්ලර කඩයක් වත් නැද්ද? හදිසියට කඩේ යන්නේ දෙනියාය ටද?

    • kumara says:

      Api nodanna hotalayak ape game?????

    • සරත් says:

      Saman,
      How comes there inherited people do not belong to to your heritage ?

  3. saman says:

    මේ පාර සාදා ගමට පාරක් ලබාදී රටට දොර විවර කල ඔබ සියලු දෙනාට බුදු සරනයි.

  4. බන්ඩා says:

    ගස් වැද්දො ඔය කැලෑ පාර දිගේ ගිහින් නෙලුව අරක් ගනිය්ද?

  5. harsha says:

    මේ ගැන මොනවාහරි කියන්න ජනනායකතුමෝ.

  6. Rohan says:

    මෙතන කොමෙන්ට් කීයද? එකෙක් වත් දැන් සිංහරාජේ ගැන කොමෙන්ට් කරන්නේ නැහැ …කරලා වැඩක් නැති නිසා.

    මිනිස්සු තේරුම් ගත්තා හිතාගෙන හිටි විදියේ විද්වත් කමිටුත් නැහැ …නිකන්ම ඔන් ද ස්පොට් විසදුම් තමා එන්නේ කියලා.

  7. divaina says:

    ඔය හෝටල් කතාව ප්‍රශ්නේ යට ගහන්න හදපු එකක් ..
    අර ඕකේ මුලින්ම හෝටල් කතාව ඇදපු පරිසරකාරයවත් සුවර් නැහැ..ඌ කරේ බෝලේ උස්සල දුන්න ගහපන් කියලා .අර සින්දු කාරයා ගේමට බැහැලා දීපු ප්‍රසිද්දියෙන්ම පේනවා ඕක කොච්චර වැදගත් ප්‍රොජෙක්ට් එකක්ද කියලා …මිනිහා තකහනියේ සින්හරාජේ ගිහින් ඉඩම් ඔප්පු බල බල දීපු ප්‍රසිද්දිය .ලංකාවේ මූලික පහසුකම් නැති ගම්මාන කොච්චර තියෙද්දී…ඔතනම දුක් වුනේ කාට හරි වැදගත් කමක් ඇති.

Main News