රටම මාසයකට ලොක්ඩවුන් කරන්නැයි කියයි.. වෙන විසදුමක් නෑලු..

January 6, 2021 at 3:00 pm | lanka C news
රටම මාසයකට ලොක්ඩවුන් කරන්නැයි කියයි.. වෙන විසදුමක් නෑලු..

කොරෝනා පැතිරී යාම පාලනය කිරිමට ඇති එකම විසඳුම මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කිරීම බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ මේ යන ආකාරයට නම් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි බවයි.

නිශ්චිත කාලයකට රට ලොකු ඩවුන් කර වසංගතය රටින් අතු ගා දැමිය යුතු බවද කී ඔහු එම කාලය සති දෙකක් ද සති හතරක් ද යන්න තීරණය කර කර රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මුළු රටම නිරෝධායනයට ලක් කළ යුතු බවද ඔහු පැවසීය.

136,755 views

25 Comments to “රටම මාසයකට ලොක්ඩවුන් කරන්නැයි කියයි.. වෙන විසදුමක් නෑලු..”

  1. කාන්තාර පළඟැටියා says:

    රටම මාසෙකට වැහුවොත් මේ කරදරය ඉක්මනින්ම ඉවර වෙනවා. ඒක තමා ඇත්ත. නමුත් මේ යන ක්‍රමයෙන් තව අවුරුදු එකහමාරක්වත් කට්ට කන්න වෙනවා. මාසෙකට නෙවෙයි මාස තුනක් හතරක්වත් එකදිගට වහලා ගොඩ ගන්න බැරිතැනට ඇද වැටෙනවා..

    • බයියා says:

      රට මාසෙකට වහල ගොඩ ගියා කියමු.. ඊට පස්සෙ අවුරුදු දෙක තුනක් යනකං පිටරට වල මිනිස්සුන්ට මෙහෙට එන්න නොදී තියන්න ඕනෙද ? එන හැම එකාවම ආයෙ තව දවස් 14 නිරෝධායනය කරන්නත් ඕනෙද ? එහෙමත් කරල ආයෙ බෝ වුනොත් තවත් මාසයක් වහන්නත් ඕනෙ ද ?

  2. සීයා පප්පා says:

    බැංකු පොතේ ඉලක්කං හය හතක ගානක් තියෙන , මාසෙ පඩිය නිකං හිටියත් ලැබෙන , වතු පිටි ඉඩකඩං වලිං හාල් පොල් ඇතිවෙන්න ලැබෙන , හැමදාම රෑ දවල් නැතුව ප්‍රිය සංභාශන පවත්වන , තියෙන සල්ලි බාගෙට කොරන්න දෙයක් නතුව ලතවෙන මාත්තුරු නෝනලා ටිකක් හොයාගෙන ලොක්ඩවුං කොරාපල්ලා . අපිටනං බැරියෝ ඕ ඕ ඕ . අපිට බඩගිනි වෙනෝ ඕ ඕ .

  3. Alapaluwa says:

    මේ ගොමා හරිත කටවල් දේකකින්  කතා කරන පුද්ගලයෙක් බවයි අපිට පෙනෙන්නේ .එදා කිවා බුමිදානය කලාට කමක් නැත කියා දැන් කියනවා මාසයක් රට  lock down  කරන්න කියා  එතකොට මොකක්ද මේ දෙබිඩි කියමනේ වෙනස? හරිත මහත්මයෝ ඔයාගේ වැඩේම ජනතාව හැමතිස්සෙම භයකරන එක පමනයි ඇස් දෙකත් ලොකුකරගෙන. චුට්ටක් සිතන්න රටක් වසා දැමුවොත් එයට පසු සිදුවන වියසනය ගැන .මිනිස්සුන්ට අවශ්‍යය නම් තම තමන්ගේ ආරක්ෂාව තමන් සදාගතයුතුයි නැතිව ගොටාබායිට පස්සෙන් ගිහින් එක එකාට වේවැලකින් තල්ලනද කියන්න තොපි කොරෝනා සාදාගන්න නැතිව ඉඳපියවූ කියා.

  4. Kanday says:

    UK, Germany all in lockdown right now except essential services.
    If we shut down one month, definitely no more cases.
    Right now, people are going to parties, inviting guests to house. Going on holiday. Not wearing masks.

  5. DrSab says:

    එකම ක්‍රමය අත් සේදීම සමාජ දුරස්ථබව සහ මුව ආවරණ පැලඳීම

  6. sumudu says:

    කොරෝනා පැතිරී යාම පාලනය කිරිමට ඇති එකම විසඳුම මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කර රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මුළු රටම නිරෝධායනයට ලක් කිරීම. එංගලන්තය ජර්මර්නිය ස්කොට්ලන්තය වේල්සය ඇතුළු යුරෝපා රටවල් ඊයේ සිට මාසයකට සම්පුර්ණයෙන් වසා දැමුවා . ඒ එන්නත් ලබාදීම අරඹා තිබියදීමයි

  7. Dimple kupadiya says:

    මේ වගේ ප්‍රයෝගික බුද්ධියක් නැති මෝඩයන් ගෙන් බෙහෙත් ගන්න යන්න එපා.
    එංගලන්තේ ඩේට අනුව මෙහේ කොවිඩ් මඩින්න හදනවා.

    මෙහේ 45,000 ක් වාර්තා උනා මරුනේ 200 යි. ඒකත් 70%ක් ම හරක් මස් කන මුස්ලිම් අය.

    බොරු බිල්ලෝ මවන්නේ වෙන ගේමක්. රට වැහුවම මිනිස්සු කන්න නැතුව මැරෙයි.

  8. chamiya says:

    Lockdown is not the answer. increase the PCR testing and stop all the functions.
    People should wear gloves and masks while going outing. all the factories and
    office should give staff transports. Sri Lanka is not the rich country and most of
    the people are poor. People who take decision are wealthy so they cant understand
    the situation of poor people.

  9. This is why Local Traditional Medicine system to be implemented ASAP.
    Covid 19 can cure within 3 days………..
    So why we are delaying to save our Life and the Country.

    • වරකයා says:

      මොනවද බං කියවන්නේ? කොහෙද ඔය දවස් තුනෙන් හොද වෙන බේත?

  10. Nandasoma Suriyaarachchi says:

    මිනිස්සුත් එක්ක කරන යුද්ධයක් නම්, මේ විදියට කාලෙයක් යනකොට සතුරා වඳ වෙලා යන්නත් පුලුවන්….!

    වෛරසයක් සමග කරණ මේ යුද්ධය එහෙම ටික ටික විනාශ කරල ඉවර කරන්න බැහැ…..!!

    දුෂ්කරතා මධ්‍යයේ පළමු රැල්ල සාර්ථකව මර්ධනය කළ නිසා තමයි ටික කාලයක් හරි යථා තත්වයෙන් සමාජය පැවතුනේ……!!!

    මෙවරත්, පළමු ආසාදිතයා හමු වුනු විගසම අදාල ප්‍රදේශ වහල ආසාදිතයන්ට අනෙක් අය අතරට යන්න නොදී සති දෙකක් අමාරුවෙන් හරි ගතකලා නම්, මේ තරම් දුරට රෝගය පැතිරීමට පෙර පාලනය කරගන්න තිබුනා……!!!!
    පහුවෙන්න පහුවෙන්න තත්වය දරුණු වෙනව වගේම රට භයානක විදියට පරිහානියට යනව…..!!!!

    රටම මාසෙකට වැහුවොත් මේ කරදරය ඉක්මනින්ම ඉවර වෙනවා. ඒක තමා ඇත්ත. නමුත් මේ යන ක්‍රමයෙන් තව අවුරුදු එකහමාරක්වත් කට්ට කන්න වෙනවා. මාසෙකට නෙවෙයි මාස තුනක් හතරක්වත් එකදිගට වහලා ගොඩ ගන්න බැරිතැනට ඇද වැටෙනවා..

Main News