රටම මාසයකට ලොක්ඩවුන් කරන්නැයි කියයි.. වෙන විසදුමක් නෑලු..

January 6, 2021 at 3:00 pm | lanka C news
රටම මාසයකට ලොක්ඩවුන් කරන්නැයි කියයි.. වෙන විසදුමක් නෑලු..

කොරෝනා පැතිරී යාම පාලනය කිරිමට ඇති එකම විසඳුම මාසයක පමණ කාලයකට මුළු රටම ලොක්ඩවුන් කිරීම බව සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

එහි ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සඳහන් කළේ මේ යන ආකාරයට නම් කොරෝනා වෛරසය පැතිරීම පාලනය කළ නොහැකි බවයි.

නිශ්චිත කාලයකට රට ලොකු ඩවුන් කර වසංගතය රටින් අතු ගා දැමිය යුතු බවද කී ඔහු එම කාලය සති දෙකක් ද සති හතරක් ද යන්න තීරණය කර කර රටේ ජනතාවට ආහාර පාන ලබා ගැනීමට ක්‍රමයක් සකස් කර මුළු රටම නිරෝධායනයට ලක් කළ යුතු බවද ඔහු පැවසීය.

136,755 views

25 Comments to “රටම මාසයකට ලොක්ඩවුන් කරන්නැයි කියයි.. වෙන විසදුමක් නෑලු..”

  1. Janu says:

    Lockdown කරන්න නම් එපා. මැරුණත් කමක් නෑ. ළමයි බඩගින්නේ තියනවට වඩා මරණය සැපයි. මාසේ අන්තිමේට කුට්ටිය අතට එන නෝනලා මහත්තුරුන්ට තේරෙන්නේ නෑ ඔව්වා. උන්දලාට ලැබෙන පඩියත් lockdown කාලෙට නවත්තල ආණ්ඩුවේ දීමනාවෙන් ජිවත් වෙන්න දෙනවනම් කරමු.

    • අප්පු says:

      රජයේ රස්සාවකට යන්න බැරිවීමේ වෛරයෙන් පෙලෙන ඒ වගේම පුද්ගලික අංශයේවත් රස්සාවකට නොයන කුහකයෙක්.රජයේ සේවකයන්ට දහසින් බැදි පියලි හම්බවෙන්නේ නැහැ මනුස්සයෝ ඒ මිනිසුත් ජීවත් වෙන්නේ සෙච්චමි වැටුපකින් අමාරුවෙන්.ලොක්ඩවුන් කලොත් ඒ අපහසුව උන්ටත් දැනෙනවා……… කුහකකම තිබ්බට ප්‍රදර්ශණය කරන්න එපා ලොක්කා…..

  2. sithum says:

    මුලදීම කළා නම් අද පාලනය කරගන්න තිබුන, රට කෑවා , ස නම් මෙලෝ වැඩක් නැහැ.

  3. Helaya says:

    මේ මොක්කුද ඒ ගමන….කොහේ තියෙන සංවිධාන ද මෙව්වා…..
    අහිංසක එදාවේල හම්බ කරන් කන මිනිස්සුන්ට කන්න දෙන්නෙ මේ වාහෙලද ???
    මිනිස්සුන්ට පිංසිදුවන්නට බදු මුදල් වලින් ඉගෙනගෙන හවස හතරෙ ඉදලා සල්ලි හම්බුකරන කාලකන්නි රට වහන්නලු..
    රට වහගෙන බම්බු ගහන්නද????
    කරන විදිහක් නෙවෙයි කියන්නේ වහන විදිහ …..
    මුං දොස්තරලා නෙවෙයි ඩුැකියුලලා….

  4. පොඩි එකා says:

    ඒ මාසය ට දොස්තරලා ගෙ පඩිය නවතා ඉන් ජනතාව ට කෑම දෙමු.

    කැමති ද?

    ආං ඒ පාර දොස්සර මාත්තුරු කාරෙකේ නැගලා යංඩ ගියා.

    ලොක් ඩවුං එක්කො ඔන්නැහැ වගේ ලු.

    • බල්ලා says:

      මුගෙ පඩිය නෙවෙයි එක පැයක අතිකාල කැපුවොත් බල ගන්න පුලුවන් ජාති ආලේ….
      අර හැමදාම කතා පලන දැක්කොත් කැදත් නැති හොර මූනා අලුත්ගෙ ඇවිත් දෙයි ටිං ටිං ගාලා….

  5. පොඩි විජේ says:

    පාදඩදෙනිය , හොරිත අලුත්ගෙ , නෝවින් සොයිසා ගේ ගොමා ගුබ්බෑයමට අමතරව බිහිවු තවත්,ගුබ්බෑයමක් වගේ…..
    මේ දවල් මිගෙල් රෑ දනියෙල් ජොස්තර සංගම් තහනම් කල යුතුය….මුං අවසානයේ ඇපයට ගන්නෙ මනුස්සය ගේ ජිවිත යයි…

  6. Roshan says:

    ඕකුන්ට අඩුවක් නැතිව මාසෙ අග පඩිය හම්බ වෙන හින්ද පඩි ටෝක් දෙනව.

  7. Zurakim Taip says:

    What I see is lockdown is the only way to control this virus. It is true this decision should have taken when the Brandix cases started, but the Government did not do that. For god sake don’t know why

    But still it is not late to do this and recover the loses, deaths and daily Covid cases

  8. Billa says:

    මේ රටට තියන ලොකුම සාපෙ කාලකණ්ණි නිරොධායන නීතියයි. බටහිර ඖෂධ මාෆියාවට යටවෙලා ඉන්න බටහිර දොස්-තරලයි. කොරොනා හැදුනම රෝගින් අල්ලන් ගිහිල්ලා බේත් නැතිව හිරකරලා තියාගෙන ඉන්න එකයි. මේ රටේ තියන දේශිය ප්‍රතිකාර වලින් සුවකර ගන්න බාධා කරන එකයි. මුන්ට ගහලා එලවන්න ඕන, ගොබ්බ හැතිකරේ,මුන්ට ඕන මේ රට ගිගමනට දාන්න.

  9. බොල්පිලිමා says:

    දෙවැනි රැල්ල ලේසියෙන්ම නවත්වන්න තිබුනා දැනගත් වහාම ගම්පහ දස්ත්‍රික්කය අගුළු දැම්මා නම්
    දැන් තත්වය වෙන කවදටත් වඩා බැරෑරුම් කියලා බොල්පිලිමා හිතනවා

Main News