රටම රතු-කහ-කොල කලාප ලෙස වෙන් කරයි.. රතු කලාපවලට ඇදිරි නීතිය…

March 19, 2020 at 9:20 am | lanka C news
රටම රතු-කහ-කොල කලාප ලෙස වෙන් කරයි.. රතු කලාපවලට ඇදිරි නීතිය…

ඉදිරියේදී කොරෝනා රෝගය මෙරට වර්ධනය වෙන ආකාරය සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සදහා අවශ්‍ය කටයුතු කිරීමට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා තීන්දු කරනු ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා සඳහන් කරයි.

ඒ අනුව කොරෝනා රෝගීන්ගේ ව්‍යාප්තිය සිතියම් ගත කර ඇති බවත් එහි වර්ධනය අනුව රතු කලාප, කහ කලාප සහ කොළ කලාප වශයෙන් ශ‍්‍රී ලංකාව කලාප බෙදන බවත් ඔහු පැවසීය.

රෝගීන් වැඩි වශයෙන්ම සිටින රතු කලාපවල පොලිස් ඇඳිරිනීතිය යෙදවීමට කටයුතු කරනු ඇති බවත් ඔහු කියා සිටියේය.

එසේ නැතිව මුළු රටම එකවර ඇදිරි නීති පැනවුවහොත් ගැටළු රැුසක් ඇති වන බවත් එසේ මුළු රටටම ඇදිරි නීතිය පැනවීමේ තත්ත්වයක් මෙතෙක් උදාවී නැති බවත් ඔහු සඳහන් කළේය.

කෙසේ නමුත් මුළු රටම රතු කලාපයක් නොකර ගැනීමට රටේ පුරවැසියන් ලෙස සමාජමය වගකීමක් ඇති බවත් කී ඔහු ජනතාව විනෝද චාරිකා නොයා සමූහයෙන් ලෙස රැස් නොවී හුදෙකලාවීම මේ රෝගයෙන් ආරක්ෂා වීමට ඇති හොදම ක්‍රමය බවද සඳහන් කළේය.

සභාපතිවරයා මේ බව කියා සිටි දෙරණ රූපවාහිනියේ පැවැති ‘අලුත් පාර්ලිමේන්තුව’ වැඩසටහන අමතමිනි.

253 views

19 Comments to “රටම රතු-කහ-කොල කලාප ලෙස වෙන් කරයි.. රතු කලාපවලට ඇදිරි නීතිය…”

  1. MGJ says:

    very good method and implementation need very soon.

    • copypaste says:

      ඇමරිකාව චෝදනා කරනව මේ වයිරස් එක චීනෙන් ආපු එකක් කියල චීනෙ කියනව ඇමරිකන් හමුදාව කුමන්ත්‍රණකාරි ලෙස කොරෝනා වෛරසය වූහාන් ප්‍රාන්තයට පැතිරුව කියල. කොහොම උනත් වුහාන් වල පැතිරෙන්න කලින් ඇමරිකාවේ ෆ්ලූ සීසන් එකේ වෙන කාල වලට වඩා පිරිසක් මිය ගියා. මෙය නියුමෝනියවට සමාන කම් දක්වන්නක් වෙන අවස්ථාවල මේ සදහා එන්නත් ලබා දුන්නත් මෙවර ස්කෑන් පරීක්ෂාකර ගත් අයට පමණක් එන්නත් ලබා දී එම තත්වය මොනිටර් කිරීමක් සිදු කර තිබුණා. මේ ඒ පිළිබද වීඩියෝවක් .https://youtu.be/3J6zm6zgah0

      • රතු කලාප says:

        ඒ අස්සෙ ඇමරිකන් හමුදාව ලංකාවෙ හමුදාව එක්ක යුධ අභ්‍යාස කරන්න ත්‍රිකුණාමල වරායට එන්න අහල නේද ශවේන්ද්‍ර සිල්වට කේස් ඇදල ඒකත් අහනව. මුන් මෙහෙට ඇවිත් හමුදා කදවුරක් දැම්මොත් රට අනාතයි.

    • Tinendra says:

      Yes yes. Very good very good. අස්සයෝ පනින පනින විදිය බලල සිතියම් ගත කරලා ඉස්තාල වහමු. එක උදාහරණයක් කියන්නම්. මුළු රටටම නිවාඩු දීල යම් යම් සේවා අත්‍යවශ්‍ය සේවා කළා. බැංකු ක්ෂේස්ත්‍රය වගේ. මොකද වුනේ ? පාස් පොත් යාවත්කාලීන කරලා නොතිබිච්ච අය ඒ වැඩේට ආව. account open කරගන්න වෙලා නොතිබිච්ච අය ඇවිල්ල account open කළා. Loan ගැන දැනගන්න ඕන අය ඒ වැඩේට අවා. අන්තිමට මොකද වුනේ. වෙනදට වඩා බැංකුවේ සෙනග. ඕක තමයි ලංකාවේ මිනිස්සුන්ගේ තත්වේ. මෙහෙම ගිහිල්ල මුළු ලංකාවම රතු පාටින් පාට කරන්න වුනහම තමයි මතක් වෙන්නේ මුලින්ම ඉස්තාලේ වැහුවනම් හොඳයි කියල.

      • tharaka says:

        ube ishthale wahila wage

      • Gayan says:

        Rate minissu karana Gon harak wada walata aanduwata Banala wadak na.aanduwata wada me uwadura walakwaganna rate minissunta onakamak thiyenna ona.

  2. Plato says:

    රටවිරැවො කියලා අංතට්ටුව දාපු අවස්තාවාදි කෙෙරාටික බලවේගයම තමන්ගේ අමන තකතිරැකම නොහැකියාව වහගන්න අද ඒ මිනිස්සුන්ට පහර දෙන්නට පටන් අරගෙන.ඔවුන් ඉතාලියෙන් කොරියාවෙන් පැමිනෙනවිට එය රහසක් නොවේ.ආගමන විගමනය,හමුදාව හා පොලිසියේ අදාල අංශත් ඒ මාර්ගයෙන් රටේ ජනාධිපති අගමැති දෙදෙනාත් අධිඅවදානම් පිරිසක් රටට පැමිණියා කියා හොඳින්ම දැනගෙන හිටියා අර පාස්කු ප්‍රහාරය 225ම දැනගෙන හිටියා වගේ.
    කොරෝනාවෙන් ලංකාවට ලොකු යහපතක් වීමටද පුළුවන.ඒ මේ ගාරාවැටිච්ච 71වසරක් අසාර්ථක රාජ්‍යය මොඩලය,එය වත්තම් කරගෙන ඇදෙගෙන යන්නට තතනන වයෝවෘධ ගරායකුන් සමගම විනාශ වී කොරෝනාව සාර්තකව ජයගත් චීනයේ වැනි නූතන දියණු රාජ්‍යයක් බිහිකර ගැනීමට ලාංකිකයන් පෙළඹීමයි.
    හැම මාසෙම එදා වේලට චීනයෙන් ණය ගන්නවා වෙනුවට ලංකාව චීනයක් බවට පරිවර්තනය කර ගමු.

  3. Shan says:

    Dont be late.. immediate action to be taken

  4. රජින්ද says:

    එතකොට තවමත් වැඩයන ලංකාවේ ඉදිකිරීම් සයිට් වල 1000ත් 2000ත් අතර පිරිසක් අවම සනීපාරක්ශාවක් සහ අවම සෞඛ්‍ය තත්වයන් යටතේ වැඩ කරනවා ඒ සේවකයන් ශ්‍රී ලංකාව සහ චීන, කොරියා, ඉන්දියානු රටවලින් මෙහෙ ඇවිත් ඉන්න සේවකයන් වෙනවා. හැමෝම දිවඉනේ විවිධ පළාත්වලින් ඇවිත් ඉන්නේ එතකොට ඔවුන් ගැන ගන්න ක්‍රියාමාර්ගය කුමක්ද? එක ආසදිතයෙක්ගෙන් බොහෝ පිරිසකට එකවර පැතිරීමේ වැඩිම අවධානමක් තියෙන්නේ අන්න ඒ වගේ ස්ථාන වලයි.

  5. Rohan says:

    This clearly shows that this country doesn’t need politicians. Good quality, honest and intelligent set of people run this country to the best in South Asia, as we are limited to (this region from the rest of the world) poor of the poorer!

    The cost of running political morons is too much and that money is best utilized. Let those goons to earn as a common man ..

    • RW says:

      This gentleman is a politicians. He was very aggressive until November 2019. At least now , GMOA talks sensible things.

    • Kandy Voice says:

      Exactly correct !!!
      Lets ask Hon.President to cancel parliamentary election for 5 yrs and run the country with assistance of good professionals such as Nalaka Godahewa, Channa Jaysumana, Gevindu Kumaratunge, Anurudda Padeniya, Seetha Arambepola etc etc and Military commanders such as Shavendra, Kamal Gunarathne etc..
      We are really fedup with selfish, power greedy politicians. We can build a better country without these politicians. Gota’s leadership with professionals & commanders are enough for this task. Lets make a voice for this !!!

      • rdy says:

        loka horu pahak

        • Jeewanie Kariyawasam - Chilaw says:

          Ethakota Horu novanne ……………………. Ranil W, Arjun M, Ravi K, Malik S, Rishad B, Rauff H, Aluthgamage, Mangala S, Mahindananda veni ayadha ???

  6. සේනා says:

    ජන්දෙන් පසේ කොහොමත් මුළු රටම කොල වෙනවා ! එකයි පොට්ටුවෙ උබලා දැනගන්න ඕන !!!

  7. සේනා says:

    රතු කලාප වලට කොහොමත් ඇදිරිනිතිය දන්න ඕන මොකක්ද පොට්ටූ කරයො මෑරයො !!!

  8. Wewagadara Appuhamay says:

    TV Darena has very good debate on deliberation and consensus of Coronavirus.
    Eventually Participants are in full of facts and scientific background also important.
    But Political -Economy is vast subject which that needed to learn by Diacitally methodely .

  9. මෙතුමා දෙරණේ, වටිනා අදහස් රැසක් කොරෝන ගැන ඉදිරිපත් කළා. ජනපතිතුමාගේ වියතුන් ඉදිරියට ගැනීමේ සංකල්පයට ම කදිමට ගැලපෙන වටිනා වියතාණන් කෙනෙකි. ඔබට තිසරණ.
    ගරු සේනක බිබිලේ සංකල්පයට මනාව ගැලපෙන වයිද්‍යතුමෙකි.

Main News