රටම ලොක්ඩවුන්ද..? තීරණාත්මක සාකච්චාවක්..

April 22, 2021 at 10:02 pm | lanka C news
රටම ලොක්ඩවුන්ද..? තීරණාත්මක සාකච්චාවක්..

ඉහළ යමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට කොරොනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.

මතුවෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම හෝ ප්‍රදේශ වශයෙන් වසා දැමීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

සෞඛ්‍ය විශේෂඥ දැනටමත් පෙන්වා දී ඇත්තේ ඉතා තද සීමා කිරීම් සිදු නොකළහොත් වෛරසය රට පුරා පාලනය කළ නොහැකි මට්ටමට පැතිර යනු ඇති බවයි.

කෙසේ වෙතත් පැතිරෙමින් ඇති වෛරස ප‍්‍රභේදය ගැන සිදු කරන පරීක්‍ෂණවල ප‍්‍රතිඵල ඉදිරි දින දෙකක පමණ කාලයේදී ලැබීමට නියමිත අතර ඉන් පසු මේ පිලිබදව අවසන් තීන්දුව ගැනෙනු ඇතැයිද වාර්තා වෙයි.

මේ අතර ආර්ථික විශේෂඥයන් ඉතා දැඩිව අවධාරණය කර ඇත්තේ කුමන තත්වයක් යටතේවත් රට වසා නොදැමිය යුතු බවයි. එසේ සිදු කිරීමට තරම් ආර්ථික හැකියාවක් නොමැති බවද ඔවුන් පෙන්වා දී ඇත.

104,964 views

13 Comments to “රටම ලොක්ඩවුන්ද..? තීරණාත්මක සාකච්චාවක්..”

  1. abc says:

    පොල් බූරුවො වගේ අවුරුදු සැමරුවනෙ

    • සනත් ඉතාලිය says:

      බන් හැමඑකටම ආන්ඩුවට බනින්න එපා ආන්ඩුව අවුරුදු මෙවරත් තනම් කලානම් ඒකත් බනින්නෙ ආන්ඩුවට. ආන්ඩුව මොන තීරන ගත්තත් ජහමනය තේරුම් ගන්න ඕනෙ තමන්ගෙ හැසිරීම දියසෙන් කුමාරය හිටියත් මිනිස්සුන්ගෙ ආකප හරියට හැඩගැසෙන තුරු සොරි තමයි. මොනව උනත් තව වසර දෙකක්වත් අපිට කොරෝන සමග ජීවත් වෙන්න වෙනව ඒකට අපිම අපට සීමා පමුනුවාගන්න ඕනෙ. ඒකයි වියයුත්තෙ

    • ඉල්ලන් කෑම says:

      අවුරුදු කෑම = ඉල්ලන් කෑම

      අර මිස්ටර් ප්‍රභාකරන් කිව්වා වගේ, මොඩ සිංහලයාට හැම දෙයක්ම මතක තියෙන්නේ සතියක් විතරයි. අවුරුද්ද ආවා විතරයි, ඌට කෝවිඩ්, මාස්ක්, මීටරේ දුර, පරිස්සම් වීම් ඔක්කෝම අමතකයි.

  2. ජරාපස්ස තුන් බෑ ජටිලයෝ says:

    පලාත් සබා දිනමු
    කොරෝනා මර්දෙනේ කෙර පෙන්නමු
    හැට නම ලක්සෙ ගූ බයි හැත්ත ආයෙත් රවටමු.

  3. පුත්තලම් පුට්ටු බුරුවා says:

    ආණ්ඩුවට බැනලා වැඩක් නැහැ එන්න අපි ලපයටයි ජවීපි එකටයි විපක්ෂයටයි බනිමු එතකොට තමයි ගොන් බයියෝ චුන් වෙන්නේ🤣🤣🤣🤣🤣🤣🤣🤣

  4. Sirimal says:

    Did not impose restrictions for new year celebrations. No brakes. All were like mad dogs. Now pay the consequences.

  5. කපිල සුරංජිත් says:

    කොරොනා මර්දනේ කොලා කියල දැන් කී පාරක් කිව්වද?

  6. Professor says:

    Rata wahuwoth, Aarthikaya kadan vatewi!
    Unu nisa bonnath baha, Kiri nisa ahaka daannath baha!
    Rawulai, Kandai dekama ona!

  7. Aurora says:

    වහා ක්‍රියාත්මක වී දේශීය වෙදකමට කොරෝනා සඳහා ප්‍රතිකාර කිරීමට ඇති සියළුම නීතිමය බාධා ඉවත් නොකලොත් මේ රටේ 3 වන කොරෝනා රැල්ල මැඩ පවත්වන්න නොහැකියි. රට විනාශ වෙනවා නියතයි, එහි සම්පුර්ණ වගකීම ඇත්තේ රජයටයි. මන්ද බුද්ධික සෞඛ්‍ය ඇමති වෙතින් කිසිම පලක් නැහැ, ජනාධිපති තුමා මේ සම්බන්ධයෙන් මැදිහත්වී නීතිමය අවහිරතා ඉවත්කර දෙන්න, දේශීය වෛද්‍යවරු තම වගකීම් ඉටුකරාවි. සෞඛ්ය් අමාත්‍යංශයයි බටහිර ඖෂධ මාෆියාවයි ඒ හා බැඳුනු සියල්ලෝම දන්නේ රට “Lock down” කරලා ව්‍යාපාර කඩාවට්ටලා, මිනිස්සු හාමත් කරලා රට විනාශ කරන්න විතරයි. රජයේ සේවකයන්ට වැටුප් ලැබුනත් අනිත් මිනිස්සු මොකද කරන්නේ. 5000/= දීල මොනවා කරන්නද?

  8. " ජනතාව සමඟ සංවාසයේ යෙදීම " says:

    // ආර්ථික විශේෂඥයන් ඉතා දැඩිව අවධාරණය // කටුනායක ගාමන්ට් පොකුර හමු වූ ගමන්ම සති දෙකකට ඒ ප්‍රදේශය විතරක්වත් ලොක් ඩවුන් කලා නම් ඒ හැටි දුර දිග යන්නෙ නෑ. මේ කියන ආර්ථික විශේෂඥයන් කිව්ව දේවල් අහලා තමා ඒ පාර කෙලවා ගත්තෙ. මේ පාරත් කෙලවෙන එක කෙලවෙනවා උන් කියන දේ ඇහුවොත්

  9. kalana says:

    මේකත් ආණ්ඩුවේ වරද, Vaccine කරලා තියෙන රටවල් වලත් තවම නීති දාල මිනිසුන්ව පාලනය කරනවා, ලංකාවේ ඇඳුම් නැතිව හිටපු මෝඩ රැල හරක් වගේ ලගිනකණුත් ආණ්ඩුව බලන් උන්න. දැන් ගෙවපියව් ජිවිත වන්දි වලින්.

  10. රජින්ද says:

    කලින් වතාවෙත් මෙයාල කලේ අසාදිතයින් වාර්තා වන ප්‍රදේශ විතරක් මුලින්ම වහලා පස්සේ නැවතත් බස්නාහිර පළාත විතරක් වහගෙන රටේ අනෙක් ප්‍රදේශ වලටත් මේක ව්‍යාප්ත වෙන්න දීලා බලාගෙන උන්නු එක. හැබැයි මෙදාපාර ඒ මෝඩ වැඩේ නොකර සියලුම රාජ්‍ය හා පෞද්ගලික සේවකයින්ට වැඩ කල දිනගනනට ලැබිය යුතු වැටුප් ලබා දී රටේ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යන ගමන් අවම දෙසතියක්වත් රට වසා දමා නැවත ප්‍රගතිසමාලොචනයක් කිරීමයි. එහෙම නැතිව රටේ වත්මන් ආර්ථික අවපාතය ගැන පමණක් සිතීමෙන් වන්නේ සෞඛ්‍ය සේවා වලට විශාල පිරිවැයක් දරන්නට වීමත් රටේ බහුතරයක් රෝගීන් වීමත් පමණයි. ඉතාමත්ම ඉක්මනින්, වහාම රට දෙසතියක්වත් වසා දමන්න.