රටම ලොක්ඩවුන්ද..? තීරණාත්මක සාකච්චාවක්..
April 22, 2021 at 10:02 pm | lanka C news
ඉහළ යමින් ඇති කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට කොරොනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකාය හෙට දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස්වීමට නියමිතය.
මතුවෙමින් ඇති කොරෝනා ව්‍යාප්තිය හමුවේ රට වසා දැමීම හෝ ප්‍රදේශ වශයෙන් වසා දැමීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.
සෞඛ්‍ය විශේෂඥ දැනටමත් පෙන්වා දී ඇත්තේ ඉතා තද සීමා කිරීම් සිදු නොකළහොත් වෛරසය රට පුරා පාලනය කළ නොහැකි මට්ටමට පැතිර යනු ඇති බවයි.
කෙසේ වෙතත් පැතිරෙමින් ඇති වෛරස ප්‍රභේදය ගැන සිදු කරන පරීක්ෂණවල ප්‍රතිඵල ඉදිරි දින දෙකක පමණ කාලයේදී ලැබීමට නියමිත අතර ඉන් පසු මේ පිලිබදව අවසන් තීන්දුව ගැනෙනු ඇතැයිද වාර්තා වෙයි.
මේ අතර ආර්ථික විශේෂඥයන් ඉතා දැඩිව අවධාරණය කර ඇත්තේ කුමන තත්වයක් යටතේවත් රට වසා නොදැමිය යුතු බවයි. එසේ සිදු කිරීමට තරම් ආර්ථික හැකියාවක් නොමැති බවද ඔවුන් පෙන්වා දී ඇත.
නැකැත් කරපු හින්දා, හිස තෙල් ගාපු හින්දා හිතුවේ රත්න දීපයට, මගේ ජන්ම භූමියට යහපතක් වෙයි කියලා. ඒත් භය වෙන්න එපා. රාවණා එනවාමයි…එනවාමයි…ජය වේවා…