රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් නිවේදනයක්..

February 14, 2021 at 10:02 pm | lanka C news
රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් නිවේදනයක්..

කොරෝනා වෛරසයේ නව ප්රභේදය රට තුළ වාර්තා වීම හේතුවෙන් රට සම්පූර්ණයෙන් වසා දැමීමට තීරණය කර ඇති බවට වන පුවත් සත්‍ය නොවන බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එවැනි ක්‍රියා මාර්ගයක් ගැනීම සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තීරණයක් ගෙන නැතැයි ද ඒ මහතා සඳහන් කර සිටී.

කොරෝනා වෛරසය නව ප්‍රභේදය රට තුළ විවිධ ප්‍රදේශයෙන් වාර්තා වීම හා එහි ව්‍යාප්තිය සම්බන්ධයෙන් වාර්තා වීමත් පිළිබඳව රජය දැඩි අවධානයෙන් පසුවන බවත් ඉදිරියේදී මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු සුදුසුම ක්‍රියා මාර්ගය සෞඛ්‍ය උපදෙස් මත ගන්නා බවත් ඔහු තවදුරටත් පවසයි.

53,104 views

8 Comments to “රටම ලොක්ඩවුන්ද…? හමුදාපතිගෙන් නිවේදනයක්..”

  1. උත්පලා says:

    අස්සය ගියාම ඉස්තාලෙ වහල වැඩක් නෑ.brandix පොකුර පටන්ගන්නකොටම බස්නාහිර විතරක් සති 2-3ක් lockdown කරානම නව සාමාන්‍ය නෙවෙ සාමාන්‍ය විදියටම රට පවත්වන්න තිබුනා. 20 සම්මත කිරීම හැර මේ ගැන අවදානයක් තිබ්බෙ නෑ.පාසල් වල කොවිඩ් දනාත්මක දරුවන් හිටියොත් හොරෙන් ප්‍රාදානින් දැනුවත් කරල ඒ පන්ති නිරොදායනයට යවන්න කියල තියෙනවා. නව සමාන්‍ය බලන්න උදේ ඉස්කෝලේ වෙලාවක බස් බලන්න. හිටගනත් යනවා.office වහන වෙලාවක් අරන් බස් එක්ක යන්න. මිනිස්සු නගරයේ පාසල් වලට ලමයි එවන්නෙ පහසුකම් තියෙන්නෙ එතන නිසානෙ ගමේ පාසලෙ නැති.. ඒ නිසා නගර වලට එන්නෙ. ගමේ ඇවිදන් යන පාසලෙ ඉගෙනගන්න පුලුවන් නම් එවන්නෙ නෑනෙ ඒත්. හහරියට ඔන්ලයින් ඉගනගන්න පහසුකම් වත් නෑ මේ රටෙ. සන්වර්දිත රටවල් වල හැමොටම වාහන තියෙනවා මේසන් බාස් ටත් කාර් තියෙනවා ,බස් වල නොයෙන තරම්. ඉස්කෝලේ යන්නෙ පයින් එක්කො බයිසිකල් එක්ක ගෙවල් ලගම . ඒ මිනිස්සු නව සාමාන්‍ය කරනෙ කරන්න පුලුවන් . ඒ පහසුකම් මේ රටෙ තියෙනවද? ඒව තිබ්බත් නවසීලන්තය ඕක්ල්න්ඩ් ලොක් ඩවුන් කරා ලෙඩ්ඩු 3ක් නිසා. ඔස්ට්‍රේලියාවේ ත් එහෙමයි. අපේ මිනිස්සු හරි අසරණයි . දරුවන්ට උගන්වන්ඩ ඔන.රස්සාව කරන්න ඕන බඩගින්නට ඔක්ක්ම යටයි. පුටු වල ඉන්න මිනිස්සු නිකන් ටයි පොල්ල දාන් වාහනෙ ගිහින් මෙහෙම කරහල්ල කීවට කොච්චර ප්‍රායෝගිකද බලන්න.. brandix පොකුර පටන්ගන්නකොටම රජය අවශ්‍ය පියවර නොගත් නිසා මේරටෙ මේක පැතිරිලා ගියා. ඕක ඕන කෙනෙක් දන්න දේ..දැන් ඒකත් එදා වෙලා හම්බකරන මිනිස්සුන්ගෙ වරද ..

    • ගමේ මිනිහා says:

      ඇත්ත​… නව සාමාන්‍ය හැම රටටම එකම අච්චුවෙන් ගන්න බෑ… අපේ රටේ මිනිස්සු හැම පැත්තෙන්ම අසරණවෙලා… ඒත් ලොක්කෝ කාර්වල ගිහින් ඒසී එකේ ඉඳලා කෝටිපති ව්‍යාපාරිකයන්ට ගැලපෙන​ විදියට තීරණ ගන්නවා.

  2. අරුන says:

    වේගයෙන් යන වාහන වල වේගය අඩු කරන්න බැරියර් දනවා. එවගේ වේගවත් කොරෝනාට ස්පිඩ් බැරියර් එක්ක දාන්න ඔනේ.

  3. On The Spot says:

    රටම ලොක් ඩවුන් කරන්න එපා. බොරු ප්‍රචාර ගෙන යන ප්ලැකුනිල් පුතාණෝ අපි ෂට් ඩවුන් කරන්නම්.

  4. Aurora says:

    අලුතින් එන එන වෛරස් මාදිලිවලට හරියන එන්නත් නැතිව බොරුවට කොරොනා රෝගින් කූඩුකරල මැරුනොත් මැරුණා හොඳ වුනොත් හොඳයි කියන බොරු බටහිර වෙදකමට කැමති අයට ඒක කරගන්න දීල දේශීය වෙදකමට කැමති අයට ඒක කරගන්න ඉඩදුන්නොත් ඉතාමත් අගෙයි.

  5. Nandasoma Suriyaarachchi says:

    ආරම්භයේදී නිසි පියවර ගත්තේ නම් රෝගය මෙතරම් දුරට පැතිරීම වළක්කාගත හැකිව තිබුණා නොවේද.
    පසුගිය වර ඉතාමත් සාර්ථක අයුරින් කොරෝනා පාලනය කළ රජය මෙවර එසේ නොකිරීම පිළිබඳව දැඩි කණගාටුව මෙන්ම අප්‍රසාදය පළ කරමි…..!!

  6. වහාම සැලසුමක්සහිතව පියවර ගන්නාතුරැ අප අවධානයෙන් සිටින්නෙමු..! says:

    දෙවනගල ඇතුථ පුරාණ පුරාවිද්‍යා ඉඩම් කොල්ලයන්ට පුරාවස්තු සංහාරයන්ට නිතිය ක්‍රයාමක කිරිමට ඉඩ නොදෙන්න් ‘ගෝඨාභයද’ ‘මහින්දද’ ‘බැසිල්ද ‘චමල්ද’ ‘ඇටබොල ගහන කිරිස්පය නාමලද..’සින්දු කවිකරන රොකට් මෑන් චුචුද?

    ආදරනිය ගරැ හමුදාපතිතුමනි රට ඡාතිය වෙනුවෙන් යුධවැදුණු අහිත සෙන්පතියකුවන ඹබගේ හදවත හිරිවැටිලාද..?
    ආදරනිය සරත් වීරසේකරයන්මේසම්බනධව මුනිවත රකන්නේ ඹහුගේහදවත හිරිවට්ටන ලද නිසාද..බලය විසින් බුදධියට හදවතට අභියෝග කරන්නේද..?
    වහාම සැලසුමක්සහිතව පියවර ගන්නාතුරැ අප අවධානයෙන් සිටින්නෙමු..!

  7. මහ මොළකරු says:

    රටම නොවෙයි මුලු ලෝකයම ලොක් ඩවුන් කරලා හරි මේ භයානක තත්වයෙන් ගොඩ එන්න බලමු

Main News